Tuesday, December 17, 2013

==මලේ මලේ නොබනින් අපෙ අම්මාට - උඹත් මාත් දුන් දේ නැත උන්දෑට == ==මොන දේ නැතත් දෙතනේ කිරි දුන්නාට - බුදුන් වදින ලෙස වැදපන් අම්මාට.===



.

මොනවද අප්ප මේ උයල තියේනනෙ....මල ජරාව.. කතෑකිද මේව....
( කෑම මේසයට වාඩි වූ මම කෑ ගැසුවෙමි ) ඒ අම්මාටය
- ඇයි මොකො වෙල තියේනනෙ....
+ මොකෝ..! මොනවද අනේ මේ හදල තියේනනෙ.. කතෑකිද මෙවුව...
හැමදාම මල්ලීගේත් මගේත් ගෝරණාඩුව මේකය... අම්මා උයන දේවල් පිලිබඳව මැවිසිලි නැගීම අප දෙදෙනාගේම රාජකාරියයි...
බාගදා ඒකට හේතුවක්ද නැත.. ඇය ඇයට හැකි පමණින්න අපට තම්බ තම්බා ගිල්ලවයි..
ඒහෙත් අප දෙදෙනාටම කිවහැකි කුමක් හෝ හැමදාම ඉතිරි වෙයි...
* අද අම්ම පරිප්පු තෙල් දාල.. ෂික් මම ආසාවෙන් හිටියෙ හොදි කන්න..
- හැමදාම හොදි කනවනෙ පුතේ අද මෙහෙම කමු...
* බෑ... මට නිකං බත් දෙන්න...
( ඒ මල්ලීය )
+ ඔන්න බලන්නකො අදත් මස්... මස් කාල කාල ඇති වෙලා අප්ප තියේනනෙ..
- ඉතින් පුතේ හැමදාම කනව තමා.. අප්පච්චි ආසයිනෙ... එහෙනම් මම හාල්මැස්සො ටිකක් බදින්නද / ඔයා මාලු ක්නනෙත් නෑනෙ...
- නැ දැන් එපා... ඊලග දවසෙ හදන්න..
( ඒ මමය - හැබැයි ඊලග දවසේ මසුත් හාල්මැස්සෝත් දෙකම ලැබෙයි... )
ඇත්තෙන්ම අම්මා හදන කෑම වල වරදක් නැත... අප එලියට ගිය දවසට කොහෙන්වත් දවල් ආහාරය නොගන්නෙමු.. ඒ අම්මා උයන කෑම ටික ගිලීමට කීයට හෝ ගෙදර පැමිනිමේ බලාපොරොත්තුවෙනි... කඩෙන් බුරියානි කෑවත් ඒ අම්මාගෙ සුවඳ එහි නැත..
අප්පච්චි කියන විදියට අම්මා බැඳන් ගෙදර ගෙනා දවසේ නම් පරිප්පුවක් වත් හදා ගන්නට බැරිය... මගේ සීයා සියල්ල උගන්වා ඇත...
ඒකටත් එක්ක දැන්..
පවුලේ නෑදැයෝ සියලුම දෙනා ප්‍රිය කරන්නේ මගේ අම්මාගේ කෑම වලටය...
ඊටත් හපන් තේ එක...
අපේ ගෙදරට එන සියලු දෙනා අප්පච්චිගේ මිතුරන් මගේ සහ මල්ලිගේ මිතුරන් හැමෝම අම්මාගේ තේ එක වර්නනා කරති....
බනින්නේ අප දෙදෙනා විතරය..... නොබැන්නොත් කෑ නොගැසුවොත් අපිට නොකෑව වාගේය.... ඒත අපේ ආදරේත් අඩුවක් නැත...
ඊයේත් ඒහෙම්ම විය..
දහවල් දෙකත් පසු වී කෑම මේසයට වාඩි වීමි...
හොදටම බඩගින්නේ සිටියෙමි.. මල්ලීද මේසයට වාඩි වී ඇත...
අම්මාට බත් බෙදන්න ඇයි මා අණ කලේ මා නාන්න යන විටය
තාම බෙදා නැත.....
+ දැන් මම ඔයාට කීයටද කිවුවෙ බත් බෙදන්න කියල මට බඩගිනි...
- හරි හරි ඉන්න ඉන්න ඉක්මනට ගේන්ව මේ තාම හොදි ලිපේ...
+ මොනවද අප්ප බඩගිනි වෙලා එන දවසට කන්න නෑ.. ‍මොනවද කරන්නෙ ඕක විතරනෙ ඔයාට කරන්නතියෙන්නෙ...
- ඔවු උඹලට පේනනෙ නම් එහෙම මම එපැ ඇදුම් හෝදන්න ගෙවල් අස් කරන්න... සේරොම කරන්න උමල හිටියට මකුලු දැලක් වත් කඩනවද ?
 +ඒව පවු වැඩ මම ඒව කරන්නෙ නෑ ඉක්මණට ගේන්න..
මා එසේ පැවසූ පසු අම්මා බත් පමණක් බෙදා අප දෙදෙනාටම පිගන් ගෙනවිත් දුනි.. -ඉන්න මම හොදි ගේන්නම්....
* ඉක්මනට අනේ බඩගිනියි ( ඒ මල්ලීය )
අම්මාට කෑ ගැසීමට මටත් එවේලෙ හිතුණත් අම්මා හොදි බාජනාව ගෙනවිත් මේසයෙන් තබා ගියාය.. එවෙ‍ලේ මා දුටු වක් නිසා මා කටට ආ වචනය ගිල ගතිමි...
ඉන් පසු අම්මා වරින් වර කෑම ජාති ගෙනවිත් තබන්නට වූවත් ඒ වාට වාඩ මාගේ හිත ගියේ මා දුටු ඒ අම්මාගේ අත් දෙන වඩාත් හොදින් බලා ගැනීමටවය...
මා දුටු හරිය ඇතිය...
එදානම් ම කිසිවක් නොකීවෙමි.. බත් පවා ගිල්ලේ අමාරුවකිනි උගුරේ මොනවාදෝ හිර වෙනවා වගේ දැනුනි......
අම්මාගේ අත් දෙක හොදටම බලාගැනීමට මට උවමනා විය.....
අද උදේ මගේ අත තිබු මුද්ද මම ගැලවුවෙමි....
+ අම්මේ මේ මුද්ද මට ලොකුයි.. හැමවෙලේම වැටෙවනව මේක අම්ම ගන්න...
- මට එපා ඔය පිරිමි මුදු..
+ මේකෙ එහෙම වෙනසක් නෑ.. කෝ අත මම ම දාන්නම්...
අම්මාගේ අත දැක්කේ එවේලෙහිය...
එහි නොකැපුනු තැනක් නැත.... හැම ඇගිල්ලක්ම හැම පැත්තටම කැපී තිබිනි.... අල්ලද ඉරි තලා ගොසිනි... කිසි දිනක ඈ ඒ ගැන  අපට කියා නැත දොස් නගා නැත...
සමහර තැන් අතට හසුවන තරමටම කැපී ගොසිනි...
මට ලැබුන විදියට මම ඒවා අතගා බැලීමි......
මින් පෙරදී අම්මාට කෑ ගැසු දේවල් එක වෙලේම මා හිස මත කඩා වැටුනි....
වැටෙන්නට ගිය කඳුල වත්තං කරගනු පිනිස.. මම කුස්සියට ගියෙමි....
කාටවත් නොපෙනේන මූහුන සෝදමින් හැඩුවෙමි......
අදින් පසු කිසි දිනක අම්මාගේ කෑම ක අඩුවක් නොවනු ඇත...
ඒසේ නොවන්නේ නම් මට කෑමට අයිතියක් නැත....
අම්මාගේ ඒ කැපුනු අතැගිලි පවා අපි ගිලින්න ඇති.. එත් අප ඇයට දොස් නගා තිබුණි...
කල හැකි දෙයක් නැත..
ගෙවුනු දෑ අතීතයයි... කලකිරෙමි.... මෙවැන්නක් ලියා දුක තීනි කර වේලා ගත නොහැක... එහෙත් නුඹලාට දැන ගැනීම පිනිස ලියමි...
" දෙවිවරුන්ට සෑම තැනකම සිටය නොහැක - ඒ නිසා මෙලොවට මවුවරු මැවුහ "
අපට හොඩියේ අකුරු කියවන්නෙ බහ තෝරන්න පවා මුලින්ම කියා දෙන වචනය අම්මා ය......
අවාසනාව අපිට තරහ යන වෙලාවට පමණක් අම්මා මතක් වීමය...
අම්මා අම්මා මය - ඒ හා සමාන දෙයක් මට නැත....
මම හඬමි.....
========
කිරි මදු වැල් කිරි මදු වැල් කිරි අම්මේ
අපිත් කිරට හඩනා ලමයින් අම්මේ
අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත ඉදන් මට අඩගහපන් අම්මේ...
.
මලේ මලේ නොබනින් අපෙ අම්මාට...
උඹත් මාත් දුන් දේ නැත උන්දෑට
මොන දේ නැතත් දෙතනේ කිරි දුන්නාට
බුදුන් වදින ලෙස වැදපන් අම්මාට..
.
දරට ගිහින් අම්මා දැන් හුගක් වෙලා
මල්ලි අඩයි රස කිරි ටික මතක් වෙලා
පැල පිට වැටෙන බිම් කලුවර වලක්වලා
අම්මා එන්න හද පානේ හඳක් වෙලා..
--- (නන්දා මාලනිය )
================
-- කුරුළු--

5 comments:

  1. ඒ තමයි අපි කාගෙත් අම්මා ....

    ReplyDelete
  2. අදමයි, ඔයා ලියපුවා කියවන්නේ. මේක කියවල මම තාමත් අඬනවා. ඇත්තටමද?

    ReplyDelete
  3. ඇත්තටම හොද කතාවක් යාලූ

    ReplyDelete