Tuesday, December 30, 2014

==== සඳ පහණකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න ==== ඔරුවක් වෙමි මම හැමකල් දිවි සයුරෙන් එතෙර වන්න ===




.
+ සුදු නංගි..
- ඇයි මෝකෝ
+ මොකෝ ගහගන්න වගේ..
- කියන්න කියන්න ඉක්මනට කියන්න
+ ඇයි ඉක්මණක් . මට පාලුයි.. පොඩ්ඩක් අපි කතා කර කර ඉමුද ?
- බෑ .. මම වැඩක් . කරුණා කරල පස්සෙ ගන්නවද ?
+ අනේ ඇයි නංගි එහෙම කිය්නනෙ මම තනියෙන්නෙ
- ආ ඇත්තද ? මම තනියෙන් ඉන්න වෙලාවට මම ඔයාට කොච්චර කාල් කරනවද ? එතකොට ඔයත් කියන්නෙ එහෙම තමා..
+ හ්ම්.. හරි හරි මට තේරුනා.. කමක් නැ මම තියන්න්ම්..
- නැ නැ කතා කරන්න. එත් තේරුම් ගන්න අනික් කෙනාටත් රිදෙනව කියල එහෙම කතා කරනකොට. බලන්න මම කොච්චර අහිංසක මලක් වගේ දරුවෙක්ද - හරි ලස්සන, ඉක්මනට දුක හිතෙන පුංචි හිතක් තියෙන ළමයෙක්. එහෙම කෙනෙක්ට කොච්චර රිදෙනව ඇත්ද ?
+ ඉතින් මාත් එහෙමනෙ.
- කොහොමද ?
+ හරි ලස්සන , හුරතල් හිතක් තියෙන අහිංසක දරුවෙක්නෙ
- අපෝ මොකට කියනවද ඒ ගැන.. මම දැකපු නපුරුම නපුරු දුෂ්ටම දුෂ්ට ආඩම්බරම කොල්ල ඔයා.. ගණන් ගන්නෙ නැනෙ මාව වත්.. මම මෙච්චර පස්සෙන් ඇවිල්ලත්
+ අනේ එමෙ නැනෙ ඉතින්.. කමක් නැ ඔයා වැඩක් නෙ මම තියන්නම්.. පස්සෙ වෙලාවක ගන්නම්..
- නැ නැ අනේ කියන්න කියන්න.. මම මේ හැන්ඩ්ස් ‍ෆ්‍රී එක ගහගත්ත..මම මේ මහනව !
+ මොනවද ?
- ඇයි වදේ මම කිවුවෙ මම මහන පන්තියකට යනව කියල.. ඒකෙ වැඩක්.. බ්ලුවුස් එක් මහනව
+ ආහා මරුනෙ මෙයා දැන් මහණ කෙනෙක් වුනාද ?
- නැ මම ඇදුම් මහන කෙනෙක් වුනා
+ ඔයා නිකං මේ කතා කර කර මහල කරත් එක්කම මහල දාන්නෙපා හරිද ,..
- අපො හරි හරි ඒව මාක් කරල තියේනනෙ..
+ හ්ම් ඉතින් දැන් ඔයා ඕව කරල කවුරු වෙන්නද කල්පනාව
- මමත් ඔටාරා වගේ වෙනව..
+ ඒ කිවුවෙ තනියෙන් ඉනන්වද බල්ලො බදන් ..!
- නැ මැට්ටො මමත් මෙහෙම මහල මහල දියුන වෙනව..
+ ආහ් එහෙමද ? හොදයිනෙ
- මේ අහගන්නකො මගේ ප්ලෑන් එක..
මම ගන්නව මේ හංදියෙන් කඩයක් ඒකට මංම මහල පොඩි පොඩි ඇදුම් දානව.. අලුත් ස්ට්යිල්.. පොඩි ප්රින්ට් එකකුත් ගහනව.. අර බෙල්ලෙ තියේනනෙ .. ඊට ප්සසෙ පිට කාට හරි දීල ප්රින්ට් කරල අලුත් මගෙම ඩිසයින් දානව කඩේට..
+ පිට කිවුවෙ පිට පලුවද ?
- අනේ නැ අනේ පිරින්ටින් කරන වෙන කෙනෙක්ට දිල
+ ආහ් හරි හරි
- ඊට ප්සසෙ මම ඒකෙන් ලැබෙන සල්ලි වලින්.. ගන්නව කොළඹින් කඩයක්.ඒකෙ දි මම වගේ දියුනු වෙන අලුත් ලමයින්ගෙ ඇදුම් මම සල්ලි වලට අරන් එ ්අයටත් සේවයක් වෙන විදියට මගෙ කඩේ විකුනනව.. හැම වෙලෙ‍ේම කොලිටි එක බලනව.. එත් එක්කම වැඩටත් ගන්නව හොද ීකරු සේවකයො කිහිප දෙනෙක්..
+ මේ ඕකෙනම මොකක්ද ?
- ම් එක් තාම හිතුවෙ නැ.. මගේ නම දානවද නැතින්ම් අපි දාමු " කුරුළු ෆැෂන්ස් " වගේ නමක් !! එතකොට ඔයා කෝමත් ෆේමස්නෙ නැගලම යයි..
+ අම්මාම.. මෙයා දැන් මාව විකුණනන්ද හදන්නෙ...
- අයියෝ ඔය ඕන තරම් අය ඔයාගෙ නම විකුණනන්නෙ මාත් විකුනාම මොකෝ ඔයා මගේනෙ.. හරි එහෙමනම් මට ඔයා නම්ක් හදල දෙන්න..
+ හොදයි හොදයි ඊට ප්සසෙ..
- ඊට ප්සසෙ නෙවේ ඔයා තමා මගේ කඩේ ඇඩ්වර්ටයිස්න් පැත්තයි .. මාකටින් පැත්තයි සේ‍රොම බලන්න ඕන.. එකට පඩියක් ගෙවනව.. මට ඕනෙ ආයෙ නියමෙට ලස්නට වැඩේ වෙන්න ඔයාට ඉතින් අදහස් තියෙනවනෙ.. එල්ඊඩි ස්ක්‍රීන් එකක් හයි කරල ඇදුම් ඩිස්ප්ලේ කරමු.. ආ මේ අමක වුනා දැන් අර කඩේ විකුණල මම ලොකු තට්ටු 3කක 4ක බිල්ඩිමක් අරන් හොදදද ?
+ ආ එච්චර ලොකු එකක් ගත්තද ?
- ඔවු අනේ ලොකූ කාර් පාක් එකක් එක්ක අර හවුස් ඔෆ් ෆැෂන් එක වගේ හොදද.. එහෙම හිතා ගන්න දැනට ඊටත් වඩා ලොකු එකක්..
+ හ්ම හරි හරි
- ඒකෙ ඉස්සරහ ස්කයි ලයිට් එකක් ගහල අර බැට් මෑන් වගේ මගේ කඩේට එන පාර පේනන් ඕන මගේ ලෝගෝ එක අහසෙ තියේනනෝන.. තව... මට ඕන ස්ක්‍රීන් එකක් ..
+ එ ්කිවුවෙ..
- මෙහෙමයි කවුරු හරි ‍ඒ ස්ක්‍රීන් එ්ක ඉසස්රහ හිටගත්තාම ඒ කෙනා රාක්කෙකින් තොරපු ඇදුම එයාට ඩ්‍රෙස් වෙලා පෙන්න ඕන.. ඒක හරි නැතින්නම් එයාට ටච් සිස්ටම් එකින් අනික් ඇදුම මාරු කරල බලන්න පුලුවන්..
+ නියම අදහස ..
- එ විතරක් නෙවේ.. අැදුම් බැග් වල දාගෙන බිම දිගේ ඇදගෙන ට්‍රොලි වල දාන් යන්න ඕන නෑ.. එ්ඒ රැක් එක ලගදි එයාට මාක් කරන්න පුලුවන් බිල් කරන කවුන්ටරේ ලගට සේවකයො ඒ අදාල ඇදුම් ටික ලස්සනට පැක් කරල ලැබෙන්න සලස්වනව.. එතකොට මිනිස්සුන්ට පුලුවන් නිදහසේ බඩු ටික ගන්න..
+ ෂහ් මරු අදහස්නෙ සුදු නංගිට තියේනනෙ..
- අයියෝ ඒ විතරක් නෙවේ.. අපි දවසට තොරාගත්තු බිල් අංකයකට ඒ බිලේ ඇදුම් නොමිලෙ දෙනව.. එ් අංකෙ සිලෙක්ට් කරන්නෙ අපි.. ඒ විතරක් නෙවේ අපි ඔන් ලයින් අපේ රාක්ක ඒ විදියටම ඩිස්ප්ලේ කරනව ඕන කෙනේකට ඔන් ලයින් අපේ රාක්ක වල බඩු තෝරල මාක් කරල ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්..
+ මරු මරු ඔයා නම් ඉහලටම යනව සුවර්.... එත් දැන් ඔහොම යනකොට නංගි සේවක ප්‍රශ්න එනව.. උද්ගෝෂන එනව වැඩ වර්ජන වෙනව ...ඒකට මොකෝ
- ඒහෙම වේනනෙ අපි එ ්අයට නොසැලකුවොත් .. ඒව බලාගන්න මගේ අයිය ඉන්නවනෙ මගේ අයියට මිනිස්සු ආදරෙයි.. අයිය එ ්අයව පාලනය කරන්න හිතට දැනෙන්න කතා කරන්න මිනිස්සු අයිය කතා කරන විදියට ආසයි.. අපි අසාධරණක් නොවනෙන් බලාගමු..
+ හ්් එතනත් මාව විකුනනව ගුටි කන්න වේනනෙත් මටනෙ..
- ආ නිකං නෙවේ හොදද එ් වෙනුවට අයියට මම තෑග්ගක් දෙනව ඒ තමා අයිය ආසම කාර් එක . බිඒම් ඩබ්ලිවු එකක්.. ! ඒ කාලෙදිතියෙන අලුත්ම එකක් අරන් දෙනව..
+ අන්න ඒකනම් හොද අදහස
- හැබැයි මම තමා ඒකෙ මුල්ම වටේ ය්නනෙ ඔයාවත් දාගෙන ඔයාගෙ ලො‍ොගා් එකත් ගහල.. බර්ම්.. පීක් පීක් ගාල හයියෙන් පාගනව ඇක්සලේටරේ මෙහෙම්බ්ර්ම්ත................ ටක්ස් පට්ස්
.............................................
+ හෙලෝ හෙලෝ සුදු නංගි මොකො වුනේ..
- ඉහි . ඉහි .. ඉහි..
+ ඇයි අඩන්නෙ
- ඉඳිකට්ට කැඩුනා
+ මොනව වෙලාද
- මම ඇක්සලරේටරේ කියල මැසින් එකේ බටන් එක පැගුවෙ වේගෙ වැඩි වෙලා කට්ට කැඩුනා..
+ හක හක හක හක හ ක හිකෑස්.. හොද වැටේ මොඩිට.. සිහියෙන් කරන්න එපැයි වැ‍ඩක් කරනකොට..
- අනේ යනව යන්න මී හරකා... ඔයා නිසා තමා.. දැන් මෙතැන පාලුයි කියල අඬ අඬ ඉදල හිනා වෙනව මට හුහ්. මට ඉඳ කට්ටක් ගෙනත් දෙනව.. මේ අන්තිම එක තිබුණු. උදේ ඉඳන් කටු පහක් කැඩුව.. අම්ම ත් බැනල ඉ්නනෙ..
+ පහක් ???? යකො ඒ මොකෝ
- එහෙම තමා තාම ඉගෙන ගන්නවනේ... දැන් ඉතින් මේක මහන්න වේනනෙ නැ හොට පන්තියෙදි බැනුම්..
+ අපෝ තාම ඇදුමක් මහගන්න බැ මහ ලොකු ෂොපින් මෝල් දාන්න කතාව..
- අනේ මේ යනව යන්න කට පියාගෙන දාල පෙන්වන්ම්කො ඔයැයිට.. හුහ්.. සුදු නංගි ගැන ද්නනෙ නැ හරිද ..එන්නෙපා විහිලු කරන්න...
+ හ්ම් හරි හරි.. දැන් අම්මගෙන් සල්ලි ඉල්ලන් තව එකක් ගෙන්න කෝම හරි මහ ගන්න... මම තියන්න්ම්..
- හා බුදු සරණයි..ආදරෙයි.. මේ එක නෙවේ මට උදවුකරන්න ඇ..
+ හහ් හහ් හහ් හ්හ හා... හොදයි හොදයි ආදරෙන් ඉන්න සුදු නංගි..
===========
නුග සෙවනක් සේ නුඹට සෙවන සදන්නම් ලදුනි
මඳ පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි
.
ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා මනකල් ඒ සුවඳින් සුවඳවන්න
.
සඳ පහණකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න
ඔරුවක් වෙමි මම හැමකල් දිවි සයුරෙන් එතෙර වන්න
.
======== සෝමතිලක ජයමහ මහතා
----කුරුළු ----

Saturday, December 6, 2014

නමක් නැති ලිපි





භාවනාව එක දිගටම කරගෙන යාමට නොහැක වූවත් ක්‍රමවත්ව පවත්වාගෙන යෑමෙන් සිත පමණක් නොව ගතද නිරොගීමත් වන බව අත් විඳින්නෙමි.!
ඒ මා දන්නා පරිදි හිසේ අමාරුවක් හැරුණු කොට අනික් කිසි බෝ වෙන රොගී තත්වයක් මා හට නොවැළදෙන නිසාය. ඒ මීට අවුරුදු 4ක පමණ පෙර සිටය. සාමාන්‍ය රෝග උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා බෙහෙතක් නොගන්නෙමි. ඉඳ හිට පැය බාගයකට හෝ උපරිම දවස් බාගයකට පමණ අසණිප වුව්ත මේ අවුරුදු 4 ටම ඒ දෙවරක් හෝ තෙවරකි.
එහෙත් තදින් හි‍සේ රුදාවක් නම් තිබේ. බොහෝ දෙනා පවස්නනේ කල්පනා කරන නිසාවෙන් බවය. ඇතැමෙක් අනික් ලෙඩ රොග් සියල්ලද පිට දාන්නනේ ඒ හරහා යැයි පවසති. කෙසේ වෙත්ත ඒ සඳහාද ප්‍රතිකර්මයක් මවිසින්ම සොයාගත යුතුයැයි සිතා නැවත භාවනාව ඇරඹීමි....
...
සිත සුවපත් වන තුරු කිසි දිනක ගත සුවපත් නොවේ. සාංකාව ද එවැනි රොගී තත්වයකි. කුඩා දරුවන්ට තම පියා නොදක මව නොදැක ටික කාලයක් සිටන විට මේ තත්වය ඇති වීමත් නැවත ඔවුන් හමු වීමෙන් ඒ රොගි තත්ව බැහැර වීමත් දක්නට හැකිය. ඒ කුඩු දරුවන්ට නොව බෙහෝ සෙයින් ආදරෙන් බැ‍දෙන පෙම්වතුන් දෙදෙනෙකු අතර හො අඹුසැමි යුවලක් අතර හෝ බැඳීම අල්ලා ගැනීම වැඩිපුරම ඇති තැන්වල දැකිය හැකි තත්වයකි. මේ රොගි තත්වය සුරතල් සතුන් තුලද දක්නට ඇත. ඒ නුඹද දැක ඇතිවාට නිසැකය.
ඒ එකක් පමණය..
තවත් සත සුවපත් වීමක් මා සිහියට නැගේ.
ඒ නම් කොය තරම් බෙහෙත් ශාලා රොහල් වලින් බෙහෙත් ගත්තත් තමන්ගේ දොස්තර නොඒසේනම් තමන්ට හුරුපුරුදු තැනින් බෙහෙත් ගන්නා තුරු සමහර ලෙඩ සුව නොවීමයි. දොස්තර දැක්කත් ඇති යැයි සමහරු සිතති. මා දන්නා ඇතැමෙක්ට අසනීප තත්වයක් පවතින්නේ බෙහෙත්ක් ගෙනෙන තුරු පමණි එය පාවිච්චි නොකලත් ලෙස සුවපත් වනු මම දැක ඇත්තෙමි..
ඒ තමන්ගේ ඇඳ නොමැතිනම් නින්ද ‍නොයන - තමන්ගේ කෝප්පය - පිඟාන නැතිනම් නොකැවෙන - වැසිකිලි නොයන වාගේ ලෙඩ රොගය.
සියල්ල ඇත්තේ සිතේමය..
..
තව දුරටත් සිතා බැලුවෙමි..
තුවාලයක් සෑදුන පසු එතැනම තුවාලය වේලී කබොල්ල්ක් සෑදෙනු දැක ඇත්තෙමි. සැරව පිරුනොත් සෝදා පිරිසිදු කල පසු තුවලය සුව වේ. අවශය වන්නෙ පිටතින් විෂබීජ ඇතුල් වීම වැලැක් වීම පමණි..මාගේ සීයා ගේ පුරුද්දට අනුව කුඹුරේදි ඇති වන සියලු තුවාල කැපීම් වලට බෙහෙත "තමාගේම කෙල ය" එවේලෙට තුවාලය සෝදා කෙල ටිකක් ගා ගන්නා ඔහු නැවත වැඩ කරයි. තුවාලය සුව වේ.
අපගේ සිරුරට අවශ්‍ය බෙහෙත් සිරුර තුලම නිප වේ සිරුර පවත්වාගැනීමට බොහෝ වෙහෙසක් මේ අවයව සිදු කරයි. ඒ නිසා ඇති වන ආපදා වලදී උපරීම ලෙස සිරුර ආරක්සා කර ගැනීමට වෙහෙසීම සිරුරෙ කාර්යයි. අප කල යුතුව ඇත්තේ සිතද ඒ හා සම්බන්ධ කිරීමයි. නැි නම් සිත එතැනින් ඉවත් කිරීමයි.
සිරුරට උණ ගන්නේත් - ක්ලාන්ත වී ඇද වැටෙන්නේත් - හරි රියවුවකින් නිදා නොසිටින විට ගැස්සි අවදි ව්නනේත් මේ හේතු නිසාමය. සිරුර තමාව ආරක්ෂා කරගනීමට නිතර වෙහෙසෙයි.
..
තව තවත් කැණ බැලීමි..
කුඩා කාලයේදී අතක පයක තුවල හට ගත් විට බෙරිහන් දී කෑ ගසයි. එවිට සුලු ප්‍රථමාධාරයක් ලබා දෙනු ලබයි. සරලව සිතුවහොත් අතක් කෑපීමකට ලක් වු විට එතැන ප්ලාස්ටරයක් හෝ අදාල යම් බෙහෙතක් තවරන ලබයි. ඒ නවසේදීනම්ය. එහෙත් ක්‍රීඩා පිටියකදී නම් අප කරන්නේත් හොදා පිරිසිදු කර ගැනීම හෝ කුමන හෝ ගස් කොල වර්ගයක් කඩා තබා ගැනීමය. ඒ නැතත් අයිස් කැටයක් තබා පසුව පිරිසිදු රෙදි කැබැල්ලකින් බඳ ගැනීමෙන්ද සෑහීමකට පත්වන්නෙමු.
අරුමය නම් මුලින් වේදනා දුන් තුවාලය ක්‍රමයෙන් අපටම අමතක වී යාමයි. ටික වේලවකින් හෝ පසු දවසක නැවත තුවාලය පෑරෙන තුරුම එය අමතක වී යා හැක. බාගදා ඒ වන විට එය සුව වී තිබෙන්නටත් පුලුවන.. කිසිම බෙහෙතක් නොගල්වාම..
..
එතැන ඇත්තේද සිත හා බැඳීමකි. එනම් මා දන්නා ආකාරයට තුවලක් වු විගස මොලයට පනිවිඩය ගෙන යන ස්නායු හරහා නිරන්තරයෙන් එම තුවාලය හා ගනු දෙනු කරනු ලබයි
ඒහෙත් අප යම් සුලු පිලියමක් කල විට ( රෙදි කැබැල්ල්කින් හො බැදි පසු ) ඒ තුවාලය හා මොලයේ ස්නායු අතර තිබුනු සබඳතාවට චිත්තය හෙවත් සිත එකතු වීම ත් එ ්ගැන සංවේදනයක් අඩුවේ..
තුවාලය එතැනම තිබුනත් ඒ හා අප සිත තුල තිබුන බැඳිම නැති වි යයි. කොයි මොහොතක හෝ තුවාලය අලුත් වන වුවහොත් නැවත්ත් අපට වේදානවක් දැනේ.
එනිසා සුවපත් කල යුත්තේ පුහුනු කල යුත්තේ සිතයැයි සිතුවෙිම..
මා මීට කලෙක සිට අත්හදා බලන ක්‍රමයක් ඇත එනම් මාගේඅත පයක් කකුලක ඇගිල්ලක් හිස හෝ ඔනැම තැනක් කොහේ හරි තදින් හැප්පනු විටම මා මෙසේ සිතමි !
" මේ මම කලින් භවයක කරපු දෙයක් කාට හරි පයින් වත් ගහන්න ඇති, දැන් ඒක ඉවරයි, මමයි අහක බලන් ආවෙ වැරැද්ද මගේ"
-- අත්දුටුවෙන්ම පවසන්නෙමි වේදනාව එවෙලෙහිම අවසන් වේ. මා සිතනා ආකාරයටම ඒ වේදනාව හා සම්බන්ධ චිත්ත පරම්පරාව හෙවත් රිදෙන සිත එතැනින් ගැලවීමි.
--
මෙසේ සිතා බනව විට අපට ඕනෑම රෝගී තත්වයකට මේ සිත පුහුණු කිරීම එහෙත් නැති නම් සිතට වෙනත් සංඥා ලබා දීම - ( රොගී බව වෙනුවට), රොගී තත්ව ඉක්මනින් සුවපත් වීමට හොඳ ඔසුවකැයි සොයාගතිමි. මේ සිරුර ඇතුලත හෝ පිටත ගැටලුවක් නැත ඒ පමණක් නොව තව දුරටත් පුහුනු කරන ලද සිතකින් - සැබැවින්ම බුදුන් වහන්සේ දේශනා කල පරිදි සිත තුල ඇති වන රෝගී තත්වයන් පවා - දුක කම්පාව වෛරය ලෝභය ආදීද නැති කර දැමීමට හැකි වනු ඇතැයි සිතමි.
කෙසෛ් වෙතත් මම මෙසේ ලියමි.
රොගී තත්ව හෝ තුවාල සිදු වුන අවස්ථාවල ඒ ගැන ම නොසිතා වෙනත් දේ ගැන සිත්න්න බොහෝ විට තමන් වැඩියෙන්ම සතුටු වෙන අවස්ථා ගැන මෙනෙහෙි කරන්න. රොගී තත්වවය නොසලකා බෙහෙත් නොගෙන ඉ්නන යැයි නෙවෙයි බෙහෙත් ගත්තද ලෙඩ සුව වීමට නම් සිතද අවශ්‍ය බව තේරුම් ගන්න...
අප රොගී තත්ව ගැන සැලකිලිමත් විය යුතු වන්නේ නිරොගීව සිටින විටය.
--- කුරුලු--

===== සෙනෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා ==== මවිසින් ඔබ අත් හලෙමියි පවසමි ලොවටම ඇසෙන නියා ====




.
- ඇයි මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ
+ මේ කතා කරන්නෙ
- නැ එක් නෙවේ දැන් ඇයි මාත් එක්ක වැඩිය කතා කරන්නෙ නැත්තේ
+ හේතුවක් ඇතිව
- මොකක්ද ?
+ දන්නවනෙ ප්‍රශ්නෙ. ඔයාලගෙ ගෙදරින් හොයන විදිහෙ කෙනේක නෙවෙයි මං
- එත් මං හොය්නනෙ ඔයා වගේ කෙනෙක්ව ?
+ නංගි දන්නවගෙ මල් ගසුයි වල් ගසුයි එකට තියේනනෙ නැති වග. අයිති කාරයො වල් ගස් ගලවල මල් ගස් රැක ගන්නව..
- එත් ඒ දෙකම හැදේනනෙ එක පොලවෙනෙ
+ එත් අනුන්ගෙ වතු වල බලෙන් වල් පැල වලට පැල වෙන්න තහනම් නංගි ! ඔයා දන්වනෙ ඒ වල් පැල ගලවන එක ම්ල පැල වලින් ඈත් කරන එක තීරණය කරන්නෙ ඒ පැල අයිති කෙනො
- අයියෙ වල් පැල වලට වඩා විස මල් පැලත් තියෙනවනෙ . ඇයි ඒක තේරුම් නොගන්නෙ.
+ කරන්න දෙයක් නැ සුදු නංගි වල් පැල හිතල උපදින්නෙ නෑ.. ඒවා ඉබේ බිහි වෙන්නෙ. ඒත් මල් පැල එහෙම නෙවේ ඒව පරිස්සමින් ඉන්දනව මේ පොලවෙ..
- එතකොට අයියෙ වල් පැල වලට ජීවත් වෙන්න අයිතියක් නැතිද ?
+ තියෙනව, හැබැයි මල් පැල එක්ක ඉන්න බෑ .. එක්යි නීතිය..
- දැන් ඔයා කිය්නනෙ මම මල් පැලයක් ඔයා වල් පැලයක්ද ?
+ ඒක මම දන්නෙ නැ එත් ඔයලගෙ පාත්තියක පිපුන මම වල් පැලයක් වෙන්න ඕන.. ඔයා මලක් . ඒ නිසයි මේ මාව ගලවල දාන්න මෙච්චර ඔයාලගෙ දෙමවුපියො දගලන්නෙ.
- අපරාදෙ මටත් වල් පැලයක් වෙන්න තිබුනෙ...
+ හ්ම මට මතක් වෙන්ව බන්ධුගෙ කවියක්.. !
" සහෝදර තුරු වැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ ඵල
පසෙහි මුසුවී තිබුන වස විස
උරා බොන්නැති නියගලා වැල " ! - රුවන් බන්ධුජීව -
- එතකොට අයියෙ වල් වලට විතරක් නෙවේ - මල් වර්ග වලටත් අයිතියක් නැද්ද ජීවත් වෙන්න..
+ හ්ම් ඒකත් තීරණය වේනනෙ ඒ ඒ කෙනා අනුව මගේ සුදු නංගි..!
- ඒ කිය්න‍ෙ අයියෙ ඔයා දැන් මාව දාලයනවද ?
+ අනේ මට එහෙම කරන්නෙ නැ.. එත් මම ඔයාට යන්න ඉඩ දෙනව.. !
- බෑනෙ මට යන්න බෑනෙ.. මට ඔයා ‍ඔනෙ .. මේ අඩවන්නෙපා හරිද මාව..
+ හිනාවුනත් අන්තමට කදුලු එනව නංගි - ඇඩුවත් කදුලු එනව වෙනසක් නෑ..
- අනේ අයියෙ ඇයි ගලක් වගේ කතා කරන්නෙ.. සුදු නංගිව එපාද !
+ .......
- අයියෙ ඇයි කතා නොකරන්නෙ. අයියෙ.. මොනව හරි කියන්නකො.. මාව දාල යන්නෙපා හොදද
+ ........
- හරි මම තියන්නම්. මට නපුරු වෙන්නපා අයියෙ.. මගේ අතින් වැරැද්දක් වුනානම් සමා වෙන්න.. එත් දාල යන්නෙපා මට ඔයා නැතිව ඉන්න බෑ.. මට පිස්සු හැදෙයි...
+ සුදු නංගි ! පිස්සොන්ට බේත් තියෙනව .. බය වෙන්නෙපා.. බුදු සරණයි ආදරෙන් ඉන්න.. !...
==========
කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා
.
කිසිවකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා
.
සෙනෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත් හලෙමියි පවසමි ලොවටම ඇසෙන නියා
.
===============මිල්ටන් මල්ලවාරච්චි මහතා
-- කුරුළු--

Song -