Tuesday, December 30, 2014

==== සඳ පහණකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න ==== ඔරුවක් වෙමි මම හැමකල් දිවි සයුරෙන් එතෙර වන්න ===




.
+ සුදු නංගි..
- ඇයි මෝකෝ
+ මොකෝ ගහගන්න වගේ..
- කියන්න කියන්න ඉක්මනට කියන්න
+ ඇයි ඉක්මණක් . මට පාලුයි.. පොඩ්ඩක් අපි කතා කර කර ඉමුද ?
- බෑ .. මම වැඩක් . කරුණා කරල පස්සෙ ගන්නවද ?
+ අනේ ඇයි නංගි එහෙම කිය්නනෙ මම තනියෙන්නෙ
- ආ ඇත්තද ? මම තනියෙන් ඉන්න වෙලාවට මම ඔයාට කොච්චර කාල් කරනවද ? එතකොට ඔයත් කියන්නෙ එහෙම තමා..
+ හ්ම්.. හරි හරි මට තේරුනා.. කමක් නැ මම තියන්න්ම්..
- නැ නැ කතා කරන්න. එත් තේරුම් ගන්න අනික් කෙනාටත් රිදෙනව කියල එහෙම කතා කරනකොට. බලන්න මම කොච්චර අහිංසක මලක් වගේ දරුවෙක්ද - හරි ලස්සන, ඉක්මනට දුක හිතෙන පුංචි හිතක් තියෙන ළමයෙක්. එහෙම කෙනෙක්ට කොච්චර රිදෙනව ඇත්ද ?
+ ඉතින් මාත් එහෙමනෙ.
- කොහොමද ?
+ හරි ලස්සන , හුරතල් හිතක් තියෙන අහිංසක දරුවෙක්නෙ
- අපෝ මොකට කියනවද ඒ ගැන.. මම දැකපු නපුරුම නපුරු දුෂ්ටම දුෂ්ට ආඩම්බරම කොල්ල ඔයා.. ගණන් ගන්නෙ නැනෙ මාව වත්.. මම මෙච්චර පස්සෙන් ඇවිල්ලත්
+ අනේ එමෙ නැනෙ ඉතින්.. කමක් නැ ඔයා වැඩක් නෙ මම තියන්නම්.. පස්සෙ වෙලාවක ගන්නම්..
- නැ නැ අනේ කියන්න කියන්න.. මම මේ හැන්ඩ්ස් ‍ෆ්‍රී එක ගහගත්ත..මම මේ මහනව !
+ මොනවද ?
- ඇයි වදේ මම කිවුවෙ මම මහන පන්තියකට යනව කියල.. ඒකෙ වැඩක්.. බ්ලුවුස් එක් මහනව
+ ආහා මරුනෙ මෙයා දැන් මහණ කෙනෙක් වුනාද ?
- නැ මම ඇදුම් මහන කෙනෙක් වුනා
+ ඔයා නිකං මේ කතා කර කර මහල කරත් එක්කම මහල දාන්නෙපා හරිද ,..
- අපො හරි හරි ඒව මාක් කරල තියේනනෙ..
+ හ්ම් ඉතින් දැන් ඔයා ඕව කරල කවුරු වෙන්නද කල්පනාව
- මමත් ඔටාරා වගේ වෙනව..
+ ඒ කිවුවෙ තනියෙන් ඉනන්වද බල්ලො බදන් ..!
- නැ මැට්ටො මමත් මෙහෙම මහල මහල දියුන වෙනව..
+ ආහ් එහෙමද ? හොදයිනෙ
- මේ අහගන්නකො මගේ ප්ලෑන් එක..
මම ගන්නව මේ හංදියෙන් කඩයක් ඒකට මංම මහල පොඩි පොඩි ඇදුම් දානව.. අලුත් ස්ට්යිල්.. පොඩි ප්රින්ට් එකකුත් ගහනව.. අර බෙල්ලෙ තියේනනෙ .. ඊට ප්සසෙ පිට කාට හරි දීල ප්රින්ට් කරල අලුත් මගෙම ඩිසයින් දානව කඩේට..
+ පිට කිවුවෙ පිට පලුවද ?
- අනේ නැ අනේ පිරින්ටින් කරන වෙන කෙනෙක්ට දිල
+ ආහ් හරි හරි
- ඊට ප්සසෙ මම ඒකෙන් ලැබෙන සල්ලි වලින්.. ගන්නව කොළඹින් කඩයක්.ඒකෙ දි මම වගේ දියුනු වෙන අලුත් ලමයින්ගෙ ඇදුම් මම සල්ලි වලට අරන් එ ්අයටත් සේවයක් වෙන විදියට මගෙ කඩේ විකුනනව.. හැම වෙලෙ‍ේම කොලිටි එක බලනව.. එත් එක්කම වැඩටත් ගන්නව හොද ීකරු සේවකයො කිහිප දෙනෙක්..
+ මේ ඕකෙනම මොකක්ද ?
- ම් එක් තාම හිතුවෙ නැ.. මගේ නම දානවද නැතින්ම් අපි දාමු " කුරුළු ෆැෂන්ස් " වගේ නමක් !! එතකොට ඔයා කෝමත් ෆේමස්නෙ නැගලම යයි..
+ අම්මාම.. මෙයා දැන් මාව විකුණනන්ද හදන්නෙ...
- අයියෝ ඔය ඕන තරම් අය ඔයාගෙ නම විකුණනන්නෙ මාත් විකුනාම මොකෝ ඔයා මගේනෙ.. හරි එහෙමනම් මට ඔයා නම්ක් හදල දෙන්න..
+ හොදයි හොදයි ඊට ප්සසෙ..
- ඊට ප්සසෙ නෙවේ ඔයා තමා මගේ කඩේ ඇඩ්වර්ටයිස්න් පැත්තයි .. මාකටින් පැත්තයි සේ‍රොම බලන්න ඕන.. එකට පඩියක් ගෙවනව.. මට ඕනෙ ආයෙ නියමෙට ලස්නට වැඩේ වෙන්න ඔයාට ඉතින් අදහස් තියෙනවනෙ.. එල්ඊඩි ස්ක්‍රීන් එකක් හයි කරල ඇදුම් ඩිස්ප්ලේ කරමු.. ආ මේ අමක වුනා දැන් අර කඩේ විකුණල මම ලොකු තට්ටු 3කක 4ක බිල්ඩිමක් අරන් හොදදද ?
+ ආ එච්චර ලොකු එකක් ගත්තද ?
- ඔවු අනේ ලොකූ කාර් පාක් එකක් එක්ක අර හවුස් ඔෆ් ෆැෂන් එක වගේ හොදද.. එහෙම හිතා ගන්න දැනට ඊටත් වඩා ලොකු එකක්..
+ හ්ම හරි හරි
- ඒකෙ ඉස්සරහ ස්කයි ලයිට් එකක් ගහල අර බැට් මෑන් වගේ මගේ කඩේට එන පාර පේනන් ඕන මගේ ලෝගෝ එක අහසෙ තියේනනෝන.. තව... මට ඕන ස්ක්‍රීන් එකක් ..
+ එ ්කිවුවෙ..
- මෙහෙමයි කවුරු හරි ‍ඒ ස්ක්‍රීන් එ්ක ඉසස්රහ හිටගත්තාම ඒ කෙනා රාක්කෙකින් තොරපු ඇදුම එයාට ඩ්‍රෙස් වෙලා පෙන්න ඕන.. ඒක හරි නැතින්නම් එයාට ටච් සිස්ටම් එකින් අනික් ඇදුම මාරු කරල බලන්න පුලුවන්..
+ නියම අදහස ..
- එ විතරක් නෙවේ.. අැදුම් බැග් වල දාගෙන බිම දිගේ ඇදගෙන ට්‍රොලි වල දාන් යන්න ඕන නෑ.. එ්ඒ රැක් එක ලගදි එයාට මාක් කරන්න පුලුවන් බිල් කරන කවුන්ටරේ ලගට සේවකයො ඒ අදාල ඇදුම් ටික ලස්සනට පැක් කරල ලැබෙන්න සලස්වනව.. එතකොට මිනිස්සුන්ට පුලුවන් නිදහසේ බඩු ටික ගන්න..
+ ෂහ් මරු අදහස්නෙ සුදු නංගිට තියේනනෙ..
- අයියෝ ඒ විතරක් නෙවේ.. අපි දවසට තොරාගත්තු බිල් අංකයකට ඒ බිලේ ඇදුම් නොමිලෙ දෙනව.. එ් අංකෙ සිලෙක්ට් කරන්නෙ අපි.. ඒ විතරක් නෙවේ අපි ඔන් ලයින් අපේ රාක්ක ඒ විදියටම ඩිස්ප්ලේ කරනව ඕන කෙනේකට ඔන් ලයින් අපේ රාක්ක වල බඩු තෝරල මාක් කරල ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්..
+ මරු මරු ඔයා නම් ඉහලටම යනව සුවර්.... එත් දැන් ඔහොම යනකොට නංගි සේවක ප්‍රශ්න එනව.. උද්ගෝෂන එනව වැඩ වර්ජන වෙනව ...ඒකට මොකෝ
- ඒහෙම වේනනෙ අපි එ ්අයට නොසැලකුවොත් .. ඒව බලාගන්න මගේ අයිය ඉන්නවනෙ මගේ අයියට මිනිස්සු ආදරෙයි.. අයිය එ ්අයව පාලනය කරන්න හිතට දැනෙන්න කතා කරන්න මිනිස්සු අයිය කතා කරන විදියට ආසයි.. අපි අසාධරණක් නොවනෙන් බලාගමු..
+ හ්් එතනත් මාව විකුනනව ගුටි කන්න වේනනෙත් මටනෙ..
- ආ නිකං නෙවේ හොදද එ් වෙනුවට අයියට මම තෑග්ගක් දෙනව ඒ තමා අයිය ආසම කාර් එක . බිඒම් ඩබ්ලිවු එකක්.. ! ඒ කාලෙදිතියෙන අලුත්ම එකක් අරන් දෙනව..
+ අන්න ඒකනම් හොද අදහස
- හැබැයි මම තමා ඒකෙ මුල්ම වටේ ය්නනෙ ඔයාවත් දාගෙන ඔයාගෙ ලො‍ොගා් එකත් ගහල.. බර්ම්.. පීක් පීක් ගාල හයියෙන් පාගනව ඇක්සලේටරේ මෙහෙම්බ්ර්ම්ත................ ටක්ස් පට්ස්
.............................................
+ හෙලෝ හෙලෝ සුදු නංගි මොකො වුනේ..
- ඉහි . ඉහි .. ඉහි..
+ ඇයි අඩන්නෙ
- ඉඳිකට්ට කැඩුනා
+ මොනව වෙලාද
- මම ඇක්සලරේටරේ කියල මැසින් එකේ බටන් එක පැගුවෙ වේගෙ වැඩි වෙලා කට්ට කැඩුනා..
+ හක හක හක හක හ ක හිකෑස්.. හොද වැටේ මොඩිට.. සිහියෙන් කරන්න එපැයි වැ‍ඩක් කරනකොට..
- අනේ යනව යන්න මී හරකා... ඔයා නිසා තමා.. දැන් මෙතැන පාලුයි කියල අඬ අඬ ඉදල හිනා වෙනව මට හුහ්. මට ඉඳ කට්ටක් ගෙනත් දෙනව.. මේ අන්තිම එක තිබුණු. උදේ ඉඳන් කටු පහක් කැඩුව.. අම්ම ත් බැනල ඉ්නනෙ..
+ පහක් ???? යකො ඒ මොකෝ
- එහෙම තමා තාම ඉගෙන ගන්නවනේ... දැන් ඉතින් මේක මහන්න වේනනෙ නැ හොට පන්තියෙදි බැනුම්..
+ අපෝ තාම ඇදුමක් මහගන්න බැ මහ ලොකු ෂොපින් මෝල් දාන්න කතාව..
- අනේ මේ යනව යන්න කට පියාගෙන දාල පෙන්වන්ම්කො ඔයැයිට.. හුහ්.. සුදු නංගි ගැන ද්නනෙ නැ හරිද ..එන්නෙපා විහිලු කරන්න...
+ හ්ම් හරි හරි.. දැන් අම්මගෙන් සල්ලි ඉල්ලන් තව එකක් ගෙන්න කෝම හරි මහ ගන්න... මම තියන්න්ම්..
- හා බුදු සරණයි..ආදරෙයි.. මේ එක නෙවේ මට උදවුකරන්න ඇ..
+ හහ් හහ් හහ් හ්හ හා... හොදයි හොදයි ආදරෙන් ඉන්න සුදු නංගි..
===========
නුග සෙවනක් සේ නුඹට සෙවන සදන්නම් ලදුනි
මඳ පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි
.
ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා මනකල් ඒ සුවඳින් සුවඳවන්න
.
සඳ පහණකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න
ඔරුවක් වෙමි මම හැමකල් දිවි සයුරෙන් එතෙර වන්න
.
======== සෝමතිලක ජයමහ මහතා
----කුරුළු ----

8 comments:

  1. මචෝ කුරුළුවො
    ඔය සුදු නංගීව ඇත්තටම හම්බෙන
    සතුටු සිනා ඉතිරෙන
    ඊළග අවුරුද්දෙ හරි වෙනස් පෝස්ටු කීපයක් වැටෙන
    පැණි වෑහෙන සොමිබර
    සුභම සුභ නව වසරක් වේවා

    (පෝස්ටුව ගැන නං කියන්න දෙයක් නෑ හැමදාම මේ වගේව මනෙ කියවන්නෙ)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම රිප්ලයි කරන්න පරක්කු වුනාට නුඹටත් එසේම වේවා සහෝ

      Delete
  2. මචං..........

    සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම රිප්ලයි කරන්න පරක්කු වුනාට නුඹටත් එසේම වේවා සහෝ

      Delete
  3. ලස්සනයි ... හොඳට ගලපලා තියනවා ...

    ReplyDelete