Showing posts with label කුරුලුත් එක්ක ආදරෙන්. Show all posts
Showing posts with label කුරුලුත් එක්ක ආදරෙන්. Show all posts

Saturday, March 12, 2016

== රුවන් තැල්ල බඳින තුරා - තනිකම දුක නොදීයන් ==



.
+ හෙලෝ
- හලො හලෝ තමා ගෙම්බො.. කොහෙද ගියේ උදේ ඉඳන් ආගිය අතක් නැ.. මොකො සිල් ගත්තද ?
+ අනේ නැ පන්සල පැත්ත පලාතෙ ගියේ නැ
- එහෙනං.. ?
+ අද දවසම වැඩ කලා අප්පහ්..
- ඒ හොදයි දැන්ම පුරුදු වෙන එක. නිවාඩු දවස් වලට වැඩ කරන්න.
+ ආ ඇත්තද ? නැ මං මේ දැන් ලස්සනට තියාගත්තාම එන කෙනාටත් සිද්ධ වෙනව ඒ විදියටම පවත්වාගෙන යන්න. නැති නං මම කැතට තියාගෙන හිටියොත් එන කෙනෙත් එහෙම්මම තියයි.
- අපෝ කට්ටයා. කියමු බලන්න දැන් මොනවද කරපු වැඩ
+ අද මං සරවුන්ඩඩ් සවුන්ඩ් සිස්ටම් දෙකක් හයි කලා. හප්පා එපා වුණා උඩ නැගල ඇණ ගගහ හම්මෙහ්.
- තව
+ තව ජනෙල් සේරොම වැලි කොලනේ මැදල පොලිෂ් ගෑව. ග්‍රිල් වල කලු පාට ගැව.
- තනියම ?
+ හම් ඔවු ඉතින්
- තව මොනවද ?
+ මගේ බාත්රූම් එකයි ටොයිලට් එකයි හේදුවා.පණ ගියා අප්පා ටයිල් ටික මැදලම.
- ඒ මොකෝ හදිස්සියෙම
+ නැහ් කිසිම හදිසයික් නැ මේ ඉතින් අවුරුදු ගාණකට පස්සෙ මයෙ හිතේ.
- අපෛා් ගඳයා. හොඳන්න අනේ ඒවා සතියකට පාරක්වත් නැත්තං විසබීජ
+ මෙහ් මගුලක් කතා කරනව. මම මේ අද හෝදල පණ ගිහින් ඉන්නෙ..
- ආහ් මේ එහෙම කියන්නෙපා හොඳද අපේ අම්ම පොඩි කාලෙ මට කියල තියෙන්නෙ ටොයිලට් හෝදන අය ඊලග ආත්මෙ ලස්සන වෙලා උපදිනවලු.
+ මොකක් ?
- ඔවු අනේ. දැන් ඉතින් ඔයා මට වඩා ලස්සන වෙලා උපදියි ඊලග ආත්මෙ නේද. හුහ්.
+ අනේ මේ මම කල්පනා කලේ එතකොට සුදු නංගි ගිය ආත්මේ එක ටොයිලට් එකක් වත් හෝදල නැති ව ඇති නේද කියල ?
- අනේ මේ. ඇයි මම කැතද ? යනව යන්ඩ ඌරා. මගේ මේ ලස්සනේ හැටියට මම හැමදාම හෝදන්ඩ ඇති.
+ හරි හරි කොහොම හරි අම්ම මෙයා ලවා සේරොම වැඩ අරගෙන වගේ ඒකත් හොඳයි . මොකද මෙහෙ ආවමත් වැඩ තියෙනවනේ.
- අනේ මේ යන්ඩ යන්ඩ හිතේ ඇති ලස්සන වෙයි කියල. තමන්ගෙ ටොයිලට් හේදුවට ලස්සන වේනනෙ නැ ගොන්ටො අනුන්ගෙ ටොයිලට් හෝදන්න ඕනලු. ඔය අපේ දිහා ආව වෙලාවක කැමතිනං හෝදල දෙන එකයි ඇත්තෙ.
+ ආ ඒකත් එහෙමද ? එහෙනං ඔහෙ ආවම ටූත් පේ්ස්ට් ටිකයි දත් බුරුසුවකුයි ලැස්ති කරල තියන්න
- ඒ ඇයි
+ ඔයාගෙ දත් ටික මදල දාන්න. ඒක්ත ඉතින් අර වගේනේ.
- අනේ මේ මගෙන් අහගන්න තමා ඉතින් ඔය නටන්නෙ. හ්ම හා දැන් කොහෙද යන්නෙ මේ කාර් එකේ.
+ ටවුමට යනව බඩු ටිකක් ගේන්න..සුදු නංගි මොකො කරන්නෙ
- අහ් මම මේ අර මල් මල් අයිසින් දාපු පොඩි බිස්කට් ටිකක් කනව අනේ මට බිස්කට් බඩගින්නක් ආවනෙ.
+ ආහ් දැන් කෑම ජාතිය දැනගෙනමද එන්නෙ බඩගින්න.
- මෙහ් සුදු අයියෙ ඔයා දැකල තියෙනවද අර පාරවල් අයිනෙ දාගෙන ඉන්න පළතුරු තට්ටු
+ ඔවු
- ඔහෙත් ඒවා තියෙනවද ?
+ ඔවු ඇයි
- අනේ ඔය යනගමන් බේබි නාරං ගන්නකො ප්ලීස් මම ආසයි
+ හාං.. ආහ් මෙන්න එකක් තියෙනව ඉන්න අහල බලමු ඇ
- ආ ෂෝක් ෂෝක්...
************************
+ අයියෙ නාරං තියෙනවද ?
= නැ මල්ලි ?
+ නැද්ද හා හරි යන්නං එහෙනං ?
************************
- මොනවද මැට්ටො කරන්නෙ
+ ඇයි
- ඔයා ඇහුවෙ බේබි නාරං යෑ.නාරංනෙ
+ අහ්. මම හිතුවෙ ඔයා බේබි කිවුවෙ මට කියල ?
- අනේ මේ යනව යන්න මොට්ටයා.
+ දැන් හරවන්න කම්මැලියි. පස්සෙ ගමු..
- හ්ම් හා. එහෙනං පරිස්සමින් බඩු අරන් එන්න. බුදු සරණයි
+ ආදරෙන් ඉන්න සුදු නංගි..!
====================
රුවන්වැල්ල මං යනකොට 
ගං වැල්ලේ සැලි සැලි
රුවන් සිනා රැල්ල වැනුවෙ
ඇයි කෙල්ලේ සිලි සිලි
මාවනැල්ල පසු කල විට
පායා ආ සඳමලී
හිනා රැල්ල ඇයි ඇන්දේ
දුරලා සිත සැනසිලි
පවන් රැල්ල ගෙන එනවා
ගතට සුවය සැනසිලි
නැවුම් නිල්ල පොබයනවා
රහසෙම පෙම් සිතුවිලි
නදී රැල්ල අතුරනවා
ටිකිරි පයට පියවිලි
හිනා රැල්ල නැංවෙනවා
හඳපානේ දිලි දිලි
මං එතකොට තනිවෙනවා
හදත් සමග කෙඳිරිලි
රුවන්වැල්ල මං යනකොට.....
රුවන්වැල්ලෙ රුවන් සිනා
මා වටකොට වෙලීයන්
පවන් රැල්ල සිහිලස දී
සුවඳ මුසුව ඇදීයන්
සිනා රැල්ල සදාකල්ම
මා වටකොට සරාපන්
රුවන් තැල්ල බඳින තුරා
තනිකම දුක නොදීයන්
රුවන් කෙල්ල ලැබෙන තුරා
ගංගාවේ ගලාපන්
රුවන්වැල්ල මං යනකොට...
=========== ගායනය - සේනානායක වේරලියද්ද
--කුරුළු---

ගීතය -

== කඩුතුඩු මත සැතපෙන්නෙමි - ඔබ සැනසේ නම් ==




- ආයුබෝවන් කුමාරයාණෙනි !
+ කුමාරයා !
- එසේය.. සුභ උදෑසනක් වේවා. දැන්ද අවදි වුණේ..
+ මේ මොන කෝලමක්ද උදේ පාන්දර..
- කෝලමක් නොවේ කුමාරයාණෙනි මේ කොරියානු නාටකයයි
+ අහ් හරි හරි.. තේරුණා.. ඉතින් කෙස්ද සේවිකාව. නුඹ මා ගේ උදෑසන තේ කෝප්පය පිලියෙල කලාද
- සේවිකාව ! හුහ් මම කුමාරි අනේ. හිතේ ඇති මාව සේවිකාවට ගන්ඩ. දෙන්නෙ ටොක්කක්..
+ හා හා හා හා හා සරදමක් කලේ කුමරිය මා..
- අහා.. කුමරැන් දක්ස හැඩයි සරදමට. ඉතින් අද දිනයේ රාජ්‍යයේ තතු කෙසේද? පිය රජුන් හා එක්ව සේවා සථානයට නොයන්නේද ?
+ නැත කුමරිය. අද මට මදක් අසනීප ගතියයි. දිගටම නිවසේ නැත නැත මාලිගයේ රැදි සිටින්නයි මාගේ අදහස
- කදිමයි ඇත්තටම එය කදිමයි කුමරාණෙනි.. මා සමග කතා බස් කරමින් අපට නිදහසේ සිටය හැකියි එවිට.
+ මොනවද අනේ උක්තය ආක්‍යාතය මාරුකරල වාක්‍යෙය් මුල මැද අග පටලවල කියන්නෙ..
" ඔයා මොනවද අද කරන්නෙ කියල අහන එකට - මොනවද ඔයා කරන්නෙ අද ? " කියල අහුවාම හරියනව ඊරි
- එහෙම තමා මැට්ටො කොරියන් කතා වල හුහ් එහෙම නැති වුනාම නිකං අපේ රටේ රජ කතාවක් වගේ එනවනෙ නිකං. අර තොරණ වල කියනව වගෙ වෙසක් එකට..
+ එක්ත් එහෙමද ? හාකෝ හාකෝ !
- නුඹ මාලිගයට තිබේද විදුලිය කුමරානෙනි
+ නැත, නුඹට තිබේද ඇයි ! වැටුනු වැස්සෙන් ඊයේ රාත්රියේ සියලුම විදුලි සේවා වී ඇති හැඩියි අඩපණ
- මේ ගොං විදියට වාක්කය වෙනස් කරන්නෙපා හරිද . කැතයි එතකොට. මගෙන් ඉගෙන ගන්ඩ අනේ.
+ හරියෝ..
- හහ් හහ් හහ්හ හ්හ හ්හ කාරණාවක් එය නම් මගේ සතුටට. දෙවියන් වහන්සේ කන් දී ඇති හඩයි මා හට. නුඹලාට පලමුව අපට ලැබි ඇත විදුලිය
+ සිතන්නේ එසේද නුඹ. දෙවියන් කන් දුන්නේ මාගේ ඉල්ලිමටයි. සුදු නංගි කුමාරිය වෙත පලමුව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ මාය.
- අහා... සත්‍යක්ද ඔබ පවසන්නේ.. එසේනම් ඇහුම්කන් දුන්නාද නුඹට, දෙවියන්,
+ ඒ බවකුයි පෙනෙන්නේ... මා හට ලැබෙන්න යයි කියා නුඹ පැතුවේ නැතිද කුමරිය..
- පැතුවා කුමරානනි මාද ? විදුලිය නැත්තේ ඇයිද තවම නුඹට. හැබැයි.. හැබයි.. මා පැතුවේ කුමරාණන් මා හට සත්්‍ය වශයෙන්ම ප්රේම කරන්නේනම් පමණක් ලබාදෙන ලෙසයි විදුලිය..
+ කුමක්ද පවසන්නේ. එය එසේනම් දැන්ම පැණිය යුතුයි..
පැමිණියා පැමිණියා අපිටත් විදුලිය.... හුරේ.. ඒ කියන්නේ මගේ පේ‍ර්මය සත්‍යක්..
- හ්ම්... අනේ අනේ ඩෝ ජුන් කුමරානෙනි ඉන්න පනින්නෙ නැතිව උඩ. මා පැතුවේ සවසයි ඊයේ. අදයි ලැබුනේ විදුලිය නුඹට. පරක්කුව ඇයි ද ?
+ එය නුඹගේ දෙවියන්ගෙන් අසව... මේ මොකක්ද අර නම් කිවුවෙ ! ඩෝ ජුන් !
- ඔවු එය නුඹගේ නමයි. ඩෝ ජුන්
+ මොකක්ද අනේ කිසිම කමකට නැති නමක්නේ දානවකෝ ලස්සන එකක්..
- හැහ් හැහ හැහ හැහ්.. කුමරානෙනි සමාවන්න. මෑණියන් මා කැදවනවා මා සිතන්නේ මා හට යාමට අසු කරත්තය සූදානම්.. යා යුතුයි දැන් මා.. නගරයට ගොස් පැමිනෙන තෙක් ඉවසන්න. වෙදැදුරැ තුමා හමුවී අසනීපයට ප්‍රතිකාර ගන්න..
+ මෙ මේ යන්න කලින් අර නම වෙනස් කරල යනව ඒකෙ කැත..
- බැ බෑ බෑ හු හූ හූ.. දැන් වෙලාව නැ කිය කිය ඉන්න. අකුරු දෙක මාරු කරල බලනව " ඩෝ ජුන්" කුමරානෙනි..
+ ආ ඇත්තද ? අහුවෙයන්කො අවාම..
ආදරෙන් ඉන්න......
==============
මියුරු කල්පනා
නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද
සිතත් හිනැහුනා
වරෙක නැලැවුනා
වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද
සිතක් මැලැවුනා
මියුරු කල්පනා
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි //
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා...
පිණි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි //
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා //
============== වික්ටර් රත්නායක
--කුරුළු---

Saturday, December 12, 2015

=========== දෑසේද නුඹය -කඳුළු වලද නුඹමය =========== == දෑස පියා ගතිමි - හදවතේද නුඹ මය =



.

- සුදු අයියෙ

+ ඇයි

- අර ඔයා ලයික් කරපු පින්තූරෙ 

+ ඉතින් 

- ඒකෙ මම ඉන්නෙ කොතැනද කියන්න

+ වම් පැත්තෙ මුලින්ම ඉන්න කෙල්ල ඔයා

- මගෙ දෙයියනේ ඔයා කොහොමද ඒක හරියටම කිවුවෙ . ඔයා කොහොමද ඒ කලුවරේ මාව හොයා ගත්තෙ.. 

+ ඒහෙම තමයි වොට්සන්. මම මේ වෘත්තියට නවකයෙක් නෙවෙයිනෙ. සූක්ෂවම පරිශීලනය කරපු කරුණු වලින්. වෙටාසන්ට අවශ්‍යද ඒ ගැන දැනගන්න

- ඔවු හොම්ස් කරුණා කරල මට කියන්න. මම පැටලිලා ඉන්නෙ මේ ප්‍රශ්නෙට.

+ හොඳයි එහෙමනම්.

මෙහෙයි වොට්සන් මුලින්ම අපි ගමු ඒ පින්තුරය එතැන පැහැදිලිවම
මට පේනව ගැහැනු ලමයි 3න් දෙනෙක්ව
දකුනෙ මැද සහ වමේ මුල
මම වොට්සන්ගෙන් ඇහුවා මතකද වොට්සන් එතැන ඉන්නවද කියල
ඉතින වොට්සන්ගෙ පිලිතුර වුනේ හා පුලුවන් නම් කියන්න බලන් කියන එක
ඒකෙන් මම නිගමනය කලා වොට්සන් ඒ පින්තුරය තුල ඉන්න බව
මම ඒ වෙනකොට අනික් පින්තුර බලල තිබුනෙ
ඉතින් ගැහැනු ලමයි 3න් දෙනා බැලුවාම මැද ඉන්න ලමයව 
අයින් කරන්න වෙනව අපිට මුලින්ම මොකද ඒ වොට්සන් නෙවෙයි
අර ඉරි ඉරි එකක් ඇදන් ඉන්න කෙනා විය යුතුයි
ඊලගට දකුන සහ වම
එතැනදි දකුනේ ගැහැනු ළමයාගේ මුහුන සහ ඇගේ හැඩය වොට්සන්ට 
කොහෙත්ම සමපාත වේන්නෙ නැ
ඒ *********** විය යුතුයි
***** මෙතැනින් අයින් වෙනව සායක් ඇදල නිසා

එතැනට ගිහින් තියෙන්නෙ ගැහැනු දරුවො 5යි
එතැනින් 1ක් සායක් ඇඳන් ඉන්න කෙනෙක්.
ඉතරු 4 දෙනාම කලිසම් ඉරි ඉරි උඩ ඇදුමක් ඇඳන් ඉන්න 
එක්කනා මම ඉවත් කරනව එයා ඉන්නෙ පින්තුරයෙ මැද නිසා 
එතැනින් ඉතිරි 3යි අර
දම්පාට එකක් ඇදපු ලමයා කොන්ඩෙ කඩල දාල ඉන්නෙ
ඒ අනිවාරයෙන්ම ඒ කාණ්ඩෙ ඉන්න අර කෙට්ටු කෙනා විය යුතුයි.
ඉතින් කොන්ඩෙ බැඳන් ඉන්නෙ 2න්නයි ******* සහ වොට්සන් පමණයි
එතැනදි මට ප්‍රභල සාක්ෂියක් ලැබෙනව
ඒ තමා එතැන වොට්සන් මට පේන විදියට ඉහලට ඔසවන්නෙ තමන්ගෙ වමත
වම් පැත්තෙ කෙනා ගෙ වමතෙ වොටසන්ට දකින්න පුලුවන්
යම් ඔරලෝසුවක් හෝ වලල්ලක් තියෙනව අන්න ඒ වලල්ල ගැන 
මගේ අවධානය වඩාත් යොමු වුනා
එතැනදි ****** ගෙ අතේ වළල්ලක්නැ වොට්සන්ගෙ අතේ තියෙනව
මට හොදින්ම පෙනුන ඒ වොට්සන්ගෙ ඔරලෝසුව කියල‍
අනෙක් එක මං මෙච්චර ආදරේ කරන වොට්සන්ව මට කලුවරෙත් අදුරන්න බැරිනං මම රහස් පරීක්ෂකයෙක් වුන එකේ තේරුමක් නැ
හොදට බැලුවොත් පෙනේවි වොට්සන්ගෙ දකුනු අත සීගිරි විජ්ජු ලතා ගෙ වගේ
ලාලිත්‍යට තියාගෙන ඉන්න හැටි
ඒ කාණ්ඩයෙන් යම් කිසි ලාලිත්‍යක් ඇතිව පින්තුරවලට ඉන්නෙ වොට්සන් විතරයි
ඉතින් ඒ වම් පැත්තෙ ඉන්නෙ වොට්සන් කියල නිගමනයකට එන්න මට ගතවුනෙ තත්පර කිහිපයයි
හැබැයි ඒක බොහෙම දුර ඉදල තියපු ඊයක් ! අවිනිශ්චිතව !
හැබැයි වාසනාවට මගේ නිගමනය හරිගියා වොට්සන් ! 
අන්තිමට වොට්සන් මගේ දැලට අහු වුනා
හහ් හහ් හහ් හ්හ හ්හ හ්හ හ්හ හා !
- මගේ අම්මෙහ් මේ වතුර එකක් දෙන්න බීල ඉන්න.

+ අපරාධකරුවා කුමන හෝ සාක්ෂියක් ඉතිරි කර යනවාමයි වොට්සන් මම හැමදාම කියනව වගේ වැරදි කරන්නෙපා මම එතනට එනව ! එක මගේ වැරැද්දක් නෙවෙයි !

මම කියපුව හරිද ?
- නෑ අනේ. මාව එතැන පේනනෙ නැ . කට්ටියට වැහිල ඉන්නෙ.කලුවරේ.

+ මොකක් ? හ්ම් එහෙනම් මම වැරදි අපරාධ කරු පැනගියා!

- ඔබට හැමදාම දින්න බෑ හොම්ස්.කමක් නැ ඔබ සෑහෙන්න උත්සාහ කලා,

+ ස්තුතියි වොට්සන් දිරිගැන්වීමට.හැමදාම ඔබගේ අගය කිරීමට.

- ඔබ කණගාටුවෙන්ද හෝම්ස්

+ ම්.. ඇත්තටම නැහැ.එත් මම කල්පනා කරන්නෙ කවුද ඒ දැරිවි.

- “අනෙක් එක මං මෙච්චර ආදරේ කරන වොට්සන්ව මට කලුවරෙත් අදුරන්න බැරිනං මම රහස් පරීක්ෂකයෙක් වුන එකේ තේරුමක් නැ“ හුහ් මරු දෙබස. අනේ මේ ඔන්න ඔහෙ ප්රින්ට් එකක් කරන් ඉන්නව. රහස් පරීක්ෂකවෙන්නෙ නැතිව.

+ එහෙම කියන්න එපා ඉතින්

- හ්හ්. පණ්ඩිත මොලේ තිබුණට මදි ඉතින්. ස්වප්නට වගේ තමන්ගෙ තීරණේ දැඩිව ගන්න හොඳ විස්වාසෙකුත් ඕන.

+ ස්වප්නා.. නෙද්දකිං..

- හා දැන් ගිහින් කාල ඉන්ඩ. මෙතෙැන හොරු අල්ලනේ නැතිව..හ්ම්.. හා ... හා. යන්න යන්න..

+ නෑ මම මේක විසඳලමයි කන්නෙ

- යන්න අනේ කන්ඩ. එතැන ඉන්නෙ මම . හුහ්. යනව.මහ ලොකුවට උත්තර හොයනව එත් ඒ උත්තරෙ ගැන විස්වාසයක් නැ. දුප් ගිහින් කාල එනව දැන් රෑ වෙලා..

+ එහෙනං මම හරිනේ. ෂහ්. බුදු සරණයි... ආදරෙන් ඉන්න සුදු නංගි..

==============================
Roja jaaneman tu hi mera dil
Tujh bin tarse naina
Dilse na jaati hai yaadein tumhaari
Kaise tum bin jeena 
==============================
---කුරුළු--

Thursday, December 10, 2015

== පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ - මොණරිය වාගේ ආඩම්බරයි == ( බස්සියො නෑ හරී ) ==============


.
+ හෙලෝ
- හෙලෝ... හෙලෝ නෙවෙයි. මොකෝ උදේ ඉඳන් ෆොන් බිසි..! දැන් වෙන කෙල්ලෙක්වත් ඉන්වද දන්නෙ නැ.
+ අනේ නැ අනේ මට කොයින්ද එච්චර වාසනාවක්.
- එහෙනං බිසි
+ මම බ්ලොක් කලා
- කාවද ?
+ ඔයාව
- මොකෙන්ද ?
+ මගේ ෆොන් එකෙන්, ඔයාගෙ නම්බරේ බ්ලොක් කලා
- ඇයි ඒ.
+ මම වැඩ නිසා..
- ආපෝ හරි නපුරුයිනෙ ඔයා ඕන නැ මම තියනව. ඔහොම මිනිස්සු මට එපා
+ නැ මේ අහන්නකො
- නැ නැ ඕන නැ අයෙ කතා නැ ඔයා එක්කල. ඇයි දැන් බ්ලොක් එක අයින් කලේ
+ අහ් දැන් වැඩ අඩුයි
- ඉතින් බ්ලොක් කරලම තියාගන්න. ඔන් නැ මම කතා කරන්නෙ නැ ආයෙ. එහෙම සැරින් සැරේ වෙනස් වන මිනිස්සු මට එපා. මම තියනව බායි.
+ මේ අහනවකො ඉතින්. මම හිටියෙ මීටිමක. ඔයා කෝල් කලොත් ඇහෙන නිසා සයිලනට් කලා.
- ඉතින්
+ ඉතින ්කිය්නනෙ ඔයා කෝල් 5ක් අරන් තිබුන ඒ පාර මම ඕෆ් කලා..
- ඉතින්
+ ඕෆ් කරලත් තියන්න බැනෙ වැදගත් කොල්ස් එනවනෙ.
- ඇත්තද
+ ඉතින් මම ආයෙ ඔන් කරල ඔයාව බ්ලොක් කරලම දැම්ම. සිම්පල් ප්ලැන් එකක් නේහ්.
- අනේ මම අඩනව හොදද.. ඒ කියන්නෙ මගේ කෝල් එක ඔයාට වැදගත් නෑ නේද අයියේ හ්ම්.
+ අනේ මේ දැන් එල්ල ගන්න හදන්නෙපා. මම හවසට කෝමත් කතා කරනවනෙ. අනික හදිසියක් නං ඔයාට තිබුනනනෙ මැසේජ් එකක් දාන්න.
- මම දවල්ට කැවෙත් නැ බලන් හිටිය ඔයා කොල් කරනකං මම හිතුවෙ ඔයාට කරදරයක් වෙලා ඇති කියල
+ කරදරයක් වුනා තමා කොල් කරපු වෙලාවෙ එක දිගට
- යකෝ.. මම කිවුවෙ මාව නෙවේ.. තොට අසනීප වෙලා ඇති කියල හිතුවෙ..
+ මොකක් ? යකෝ ! තොට ! දෙන්නෙ කට තැලෙන්න. කොහෙන්ද රස්තියාදු වචන ඉගෙන ගත්තෙ
- ඇයි ඇයි මොකෝ ඔයා . ඔයා නපුරු නං මාත් එහෙමයි. මම මේ අහංසක වෙන්න වෙන්න මෙයා එනව මාව යටත් කර ගන්න. ඉන්නවකො මාත් ඉන්න කැත්තට පොල්ල වගේ.
+ ආයෙ කියල තිබුනොත් බලාගමු හරිද ? මට ඔය වගේ වචන කිවුවොත් මේ සම්බන්ධෙ ඉවරයි.
- ආ ඇත්තද මේක කොහොමත් මෙතැනදිම ඉවරයි. ආයෙ කියන්නෙ නැ ඒ නිසයි කියල දැම්මෙ.
+ ආ එහෙමද අම්මණ්ඩි. එහෙනං මම තියන්නම්
- තියන්නොපා අහගන්නව මේ ටික හොඳට !
+ මොනවද නැ ඔන නැ මම තියන්නං..
- නෑ අහගන්නව. මේ සෙනසුරාදා ඒ කියන්නෙ 12 හවස 3 ඉඳන් Yashodha Sammanimani​අක්කගෙ පොත එලිදක්වනව..
+ ඉතින්. මම දැක්ක මේ දවස්වල වොල් එකේ අඩියක් අඩියක් ගානෙ ඒක ගැනමයි පෝස්ට්.
- එහෙම තමා ලස්සනට වැඩක් කරනකොට. හොදට පබ්ලිසිටයක් තියෙන්න එපැයි
+ එහෙමද ? මම හිතං හිටියෙ විකිණෙන අඩු බඩු වලටයි ඇඩ් දාන්නෙ කියල.
- ඊරිසියාව මිස්ට කුරුළු ඕක ඉරිසියාව දන්නවද .. අනේ පවු ඔයා..
+ හරි දැන් මොකටද මේ කෙකර ගාන්නෙ මෙයා ..
- ඉතින් මට ඒකට යන්න වෙන්නෙ නැනෙ. මම ඒ අක්කගෙ කවි වලට ආසයි
+ කවි ! එයා ලියනවද ? හා ඉතිං
- ඔවු ලියනව ඔයා වගේ සීනිබෝල ඒව නෙවේ.. මේ ඉන්න කෙල්ලො බුරුතු පිටින් ඔයාගෙ කවි වලට මැරෙන්න හැදුවට මම ආස බස්සි අක්කගෙ කවි වලට.
+ අහ්. එහෙමද ? දැනගත්තු එක හොදයි.. ඇන්ටිල එහෙම තමා කොහොමත්.කෙල්ලො වගේ නෙවේ.ඉතින් කියන්නකො සුදු
- මරනව ඇ... දැන් ඔය මට නොකිය කට්ටි පැන පැන හිටියට එදාට “ මහවැලි කෙන්ද්‍රයට“ යනවනෙ නේද ?
+ හ්ම්. නොයා බැනෙ.. මගේ කොලිටිය තියාගන්නත් එපැයි.
- අපෝයි එතැනත් තමන්ගෙ වාසිය. මෙහෙමත් මනුස්සයෙක්ටනෙ මමත් ආදරේ කරන්නෙ. කමක් නැ කොහොම හරි ලෝබ නොවී තමුන්නාන්සෙ මට එයාගෙ කවි පොතක් අරන් එන්න. “ ඉතා කෙටි කලබල සිහින “
+ බුවුහ් හහ් හහ් හ්හහ හහ්
- ඇයි ?
+ මොකක් යකෝ ඒ නම ?
- ඒක තමා පොතේ නම. ඒක තමා තේරුම ලස්සනයි නේද !
+ වෙන්න ඇති. ඉතා කෙටි කොහෙද . එයා ලියන ඒවා මාගල් වගේ දිගයි අඩුම ගානෙ කවි තුනක් හතරකින් එහා.. කලබල සිහින කොහෙද ? මේක හොදට ප්ලැන් කරල කරපු වැඩක්නෙ. මම දැක්ක බුක් මාර්ක් එහෙමත් ගහල පිලිවෙලට වැඩේ යනව.
- මේ සුදු අයියෙ.
+ ඇයි සුදු නංගි
- මට ඔයාගෙ පැත්තෙන් සද්දයක් ආව.
+ මෙහෙන් ?.. ඉතින්
- පොඩ්ඩක් බිම බල්න්නකො ඉරි තලලද කියල.
+ බිම.! නැහැ ඇයි !
- අහ් නැද්ද ? නැ ඉතින් ඔය ඉරිසියාවෙ හැටියට මම හිතුව පොළොව වත් පැළිල ඇති කියල.
+ අනේ මේ. තියනව ෆොන් එක එනව මෙතන උදවු ඉල්ලන්න ඒකත් මටම කියව කියව. ගේනනෙ නැ පොත. ඉල්ල ගන්න ව එයාගෙන්..
- අනේ අනේ අනේ අන් පීස් මෙයා.. ගේන්නකො. මේ හොද අයියනෙ.. ඒත් එක්කම කාලෙකින් කවියක් දැම්මෙ නැ ඔයා වොල් එකට. අද මං ගැන කවියක් දාන්න හොද්ද .
+ කවි.. නැ මං කවි ලියන්නෙ නැ. ගිහින් ඉල්ල ගන්නව අර බස්සිගෙන්. මගෙන් ඉල්ලන්නෙ.
- අයියෝ මෙයා ඔයාට පොඩ්ඩ ඇත්තං තරහයනවනෙ. ඔයා ඔයගෙ සිට්ටම් එක යූස් කරන්න මෙතැනදි කලබල නොවී
+ මොකක්ද මගේ සිස්ටම් එක
- ඇයි අනේ ඔයා එතන ගිහින් කියන්න “ අවුලක් නැ මේ පොත සම්බන්ධව වැඩියෙන්ම සතුටු වෙන පුද්ගලයා මම ඒ කාරණා දෙකක් නිසා.
1. මගේ සුදු නංගි ආසාවෙන් කියවනව මේ කවි
2. බස්සි කියන්නෙත් එක්කතරා කුරුලු වර්ගක් නිසා මට මහත් ආඩම්බරයක් දැනෙනව,
දැන් හැමෝම කුරුල්ලො කියල. වැඩේ සේප්.. හූ හූ...හූ.. හූ..
+ දුවපිය යන්ඩ මැටි හරකි..
==========================
" පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
.
දිය ඇල්ලක් වාගේ කඩා පනිනවා - ගඟුලැල්ලක් වාගේ සහනය දෙනවා
මල් පොකුරක් වාගේ සිනහ නගනවා - ගල් අහුරක් වාගේ තරහ පුරනවා
.
සෙවනැල්ලක් වාගේ සනීප දෙනවා - සුලි සුලගක් වාගේ ඇතට යනවා
දින දෙක තුන ගානේ අහක බලනවා - උන් හැටියම වාගේ ආයෙත් එනවා
.
සිනහ නගන්නත් නිතරම ඈ මට ඕනේ - හඩා වැටෙන්නත් නිතරම ඈ මට ඕනේ
සන්ඩු කරන්නත් නිතරම ඈ මට ඕනේ- එහෙම නැතෝත් ලෝකේ මම තනිවෙනවානේ
.
පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ "
=================== එම්. එස් ප්‍රනාන්දු මහතා
--කුරුළු--