Tuesday, May 21, 2019

==== දසිස් 52 ====




( පනස් එක් වන කොටස හා සබැඳි )
- නැත රජුනි මහසෝන ඒ සිදු නොකරයි. එහෙත් ඔබ දන්නා වෙනකෙකු විසින් මහසොහොන් අවතාරය ප්‍රාතිර්භූත කරයි.. මේ කාලයේදී මහසොහොනා ඔහු සතුය...
+ මා දන්නා අයෙකු..... ! යෝධයන්ගෙන් කෙනෙක්ද ?
- නැත රජුනි ඔහු ජයසේනය .., රිටිගලට අධිපතිව අංගං සේනාවක නායක රිටිගල ජයසේනය.. අප සේනාවට ඔහු වහා කැඳවිය යුතුය.. මහසොහොන් යක්ෂයා ප්‍රාතිර්භූත කිරීමේ හැකියාව ඇත්තේ ඔහුටම පමණි. !
+ රිටිගල ජයසේන මා ඔහු හදුනමි අභය .... !!
—————————————– අද එතැන් සිට
- එසේනම් පහසුය. ඔහු අප යුධයට මහත් සේවාවක් සිදු කරන්නෙමය.
+ ඒ කෙසේද 
- රජුනි දසමහයෝධයන් ගෙන් පමණක්ම මේ දිනිය නොහැක්කකි අප අප ලකෙහි වෙසෙන අනෙකුත් ශීල්පයන්ගේ කෙළපැමණියවුන්ගෙන්ද උදවු ලබා ගත යුතුමය. එලෙස ගණනය කරන විට " ජයසේන " ඉදිරියෙන්ම සිටියි.
+ ඔහු එතරම් බලවතෙක්ද , එහෙත් මා හට ඔහු මුන ගැහුනේ එක් වතාකදී පමණකි. ඒද මා මලය රට සිටිත්දී ය. හේ මාගේ දිවි ගලවා දුන්නේය.
- එසේය ඔහු සැබැ බලවනත්ය, අංගං සටන් නායකයෙකි ඔහුගේ සේනාව ද සටන් ශුරයෝය වෙනම ම බල ඇණියක් අප හේවායන්ට ඈදිය හැකිය. ඒ හැරත් විශ්වාසිතයන්ය දැහැමිය. හෙල යක් පරපුර ය. රාවණයන් ගුරු කොට අදහති. එපමණක්ද නොව මහසොහොන් අවතාරය රිටිගල ජයසේනයන්ගේය... අනෙකුත් අවතාරද ඔවුන් අතරම බෙදී පවතී. 
+ එහෙත් අප පලමු මුණ ගැසීම මා මලය රටේ මා මිත්‍ර ව පිරිසට පැවසු විට ඔවුන් ඇතැමුන් පැවසුවේ ජයසේනයන්ගෙන් ඈත්ව සිටින ලෙසය. ඔවුන් ජයසේනට මහත් බිය වූහ.
- හහ් හහ් හහ් හහ් බිය නොවන්න රජුනි අනාගතයේදී ඔහු පුදන්නෝය. රට වැසියන් බිය වන්නේ ජයසේනට නොව මහසෝනා ටය. හහ් හහ් හහ් හහ් 
+ මහසෝන් අවතාරය කොතරම් බලවත්ද අභය ?
- රජුනි යක්ෂ අවතාර අතර බලවත්ම අවතාරය ලෙස ලකෙහි වැසියන් පිලිගනු ලැබේ. යක්ෂ ආරුඪ ගැන අසා ඇත්නම් රජුනි මිනිස් සිරුරකට යක්ෂයෙකුට බලෙන් ඇතුලු වීම ආරූඪ වීම සිදු කල නොහැකිය ඒ සදහා ඒ පුද්ගලයාගෙන් අවසරය තිබිය යුතුමයඑහෙත් මහසෝන් අවතාරයට ඒ අවැසි නැත . ජයසේන විසින් මුදා හල කල්හී ඇසට පෙනෙනෙ තමන් කැමති ඕනැම කෙනෙකුට ආරුඪ වීමට මහසෝනාට පුලුවන. වළසෙකුගේ හිසක්ද මිනිස් සිරුරක්ද ලෙසින් පෙනි සිටින අවස්තාව බහුලය. ශරීරයද ලෝම වසා පවති. නියමාකරයෙන් නම් වලසෙකු දෙපයින් සිට ගත්තතාක් වැන්න. එහෙත් ඒ එක් අවස්ථාවක් පමණි..
+ එක් අවසථාවක් යැනු කිමෙක්ද ?
- රජුනි අනාගත වාක්‍යක් පවසන්නෙමි. මා මින් පෙර පැවසුවාක් මෙන් අවතාර උදෙසාද එක එක් අවස්තාවලදී වෙනස් කම් තිබේ එනම් ප්‍රාතිර්භුත කරන්නාවු පුද්ගලයා හො අවස්ථාව අනුව අවතාරයේ ස්වරූපය පෙනුම බලය වෙනස් වේ
+ ඔහ්... එසේනම් වලස් රුව
- හ්ම්.. අනාගත වාක්‍ය එයයි, කාලයාගේ අවෑමෙන් ජයසේනයන්ගේ මරණයෙන් පසු ලකෙහි වැස්සන්ට හමු වන්නේ වලස්රුවැති මහසොහොන් අවතාරය පමනි. මහසෝනාගේ අනෙකුත් අවතාර ප්‍රාතීර්භුත කිරීම ජයසේගෙන් පසු සිදු නොවන්නකි. එතරම් ප්‍රභලයෙකු ඉන් අනතුරුව මේ කල්පය තුල ලකෙහි උපදින්නේ නැත. සිටියත් මහසොහොනා යනු බියකරු අවතාරයක් ලෙසින් සලකා ඒ පාතිර්භූත කිරීමට තරම් කෙනෙකු ඉදිරිපත් නොවේ..
+ එසේ වන්නේ කිමද ජයසේන තමන්ගේන් පසු පරම්පරාවට මහසොහොන් අවතාරය පවරන්නේ නැතිද ?
- රජුනි ජයසේනයන් මිය යන්නේ ඊට පෙර ය, නොසිතු අයුරිනි. ජයසේන මිය යන සටනේදී ඔහු මෙලොවට ප්‍රාතිර්භුත කර තිබෙන්නේ වළස්හිසැති මහසොහොන් අවතාරයයි. රජුනි අවතාරය මුදා හල පසු එය ප්‍රාතීර්ත භුත කරන්නා නැතහොත් පාලනය කරන්නා අයිතිය ඇති තැනැත්තා මිය ගියහොත් එය නිදහසේ සැරිසරන්නට පටන් ගනි..
+ වෙන ත් කෙනෙකෙුට නතු කර ගත නොහැකිද 
- ගැමුනු රජුනි, මහසෝනා යනු බල සම්මපන්ම යක්ෂ අවතාරයක් ලෙසින් මා නුඹට නොපැවසුවේද ? ඔහු නතු කර ගැනීම අපටවත් සිදු කල නොහැකි. ඒ වෙනනම මානයකි. 
+ හ්ම්
- ඒ හැරත් රජුනි ප්‍රාතිර්භුත කිරීම් ගැන ඔබවහන්සේ ගේ දැනුම ඉතා අල්පයැයි සිතමි. 
+ එසේය පිලිගනිමි
- ප්‍රාතිර්භුත කල සත්තවලොක වේවා අවදාර දෙව් යක්ෂ ප්‍රේත ලෝක වේවා ඒ ප්‍රාතිර්භුත කරන්නාවු අයිතිය ඇති පුද්ගලයා හා ඇති බැදීම වදන් වලින් විස්තර කල නොහැකිය. ඔවුන් එකිනෙක බැදි පවතී. ඇතැම් අවස්තාවල ප්‍රාතිර්භුත කරන්නා වු පුද්ගලයා රැකගැනීමට තමා මරණයට ඉදිරිපත් වන්නෝමය
+ ඔහ් එසේද
- එසේය , ජයසේනයන් මිය ගිය පසු මහසෝන් යක්ෂයා ඔහුගේ සිරුරට ආරූඪ වනවා රජුනි... 
+ නොතේරුනි
- සටන මැද හිස ගැලවී යන ලෙසින් පා පහරක් ලද පසු ජයසේන ඇද වැටෙනු ඇති. ඉන් පසු ජයසේනයන්ට මහත් ලැදියාවෙන් පසුවන මහසෝන් අවතාරය තමන්ගේ කාර්යය පසෙක ලා නැවත මනු ලොවින් නොයා ජයසේනගේ ශරීරය තුලට ආරූඨ යක් ලෙසින් ඇතුලු වනවා. බලා සිටින අපට අනාගතයේ පෙනෙනුයේ ජයසේනයන්ගේ සිරුරට වළස් හිසක් සවිකලාක් ලෙසිනුයි. එතැන් පටන් ඔහු මනු ලොවින් දුරින්භුත වන්නේත් නැවත මනු ලොවට ප්‍රාතිර්භුත වන්නේත් ජයසේයන්ගේ සිරුරත් තමන්ගේ හිසත් ඇති වළස් අවතාරය පමණයි..
+ ඉදින් අභය ඔබ පෙර පැවසු පරිදි ප්‍රාතර්භුත කරන්නෙකු නොමැති නිසා නැවත ඒමක් තිබිය නොහැයි නෙ
- රජුනි ! ජයසේන යන් සටන් බිමේදි මහසෝනා ප්‍රාතර්භුත කල නමුත් දූරිංභුත කිරීමට පෙර මිය යනවා ඒ නිසාවෙන් ඔහුට මනු ලොවට යාම හා ඒම දොරවල් දෙකම විවෘත වෙනවා.
+ හ්ම්.... අප බලමු කවදා හෝ ඊට පිළියමක් කල හැකිද කියා. එහෙත් අභය මා හට දැන් ගැටලුවකි
- අසන්න
+ ජයසේනයන් ඔබ මුලින් පැවසූ තරම් බලවන්ත නම් මහසෝනාත් බලගතු යක්ෂ අවතාරයක් නම් ජයසේන මිය යෑමට තරම් පා පහරක් එල්ල කරන්නේ කවුරුන්ද ? අප එළාර හා කරන්නාවු සටන් බිමේදීද ?
+ හ්ම්.. නැත රජුනි එළාර හා යුද්ධය දිනුවායින් පසුය ඒ..
- කිමෙක්ද ථේරපුත්ථාභයනි..... එළාර හා යුද්ධය දිනු පසුත් මේ රටෙහි සටන් ඇවිලේද ??? ඒ සටන කුමක්ද මා සේනා වේ බලගතුම සෙන්පතියකුගේ හිස කඳින් වෙන් වන්නට පහර දීමට සමත් තවත් සතුරෙක් බිහවේද ?
- රජුනි සමාවුව මැනව නොකියන්නෙමියි සිතා සිටි කාල රාමුවක් නුඹට කියන්නෙමි...
+ පවසව
- නමුත් නුඹ මා හට දිවුුරුම් දිය යුතුයි ඒ කාල රාමුව වෙනස් කිරීමට මැදිහත් නොවන ලෙස මක් නිසාද කාල රාමු වෙනස් කිරීමෙන් මහා විපත් සිදු වේ..!
+ ඔබගේ මුහුනේ ආකාරයට මේ ඉතා බැරැරුම් ලෙස පෙනේ, හොදමයි දිවරමි.. එහෙත් ජයසේනයන් උපරිමයෙන් රකිමි
- රජුනි කාල රාමුවට බාධා නොකරන්න, ජයසේනයන් මිය යන්නේ ද්වන්ධ සටනකිනි
+ කවුරුන් හා සිදුකරන ද්වන්ධයක්ද අභය, කවුද අප ජයසේනයට අභියෝගය කරන්නට තරම් ඉදිරිපත් වන්නා.. ඇරත් හිස වෙන්වන්නට පා පහරක්..
- රජුනි... ඒ අප " ගෝඨයිම්බර " ගේ පා පහරකි !
+ අහෝ........................!
--------------------- කුරුළු -- 
පසුගිය කතාන්තරත් - ඉදිරි කොටස් බලන්නත් " කුරුළු " පේජ් එකටම එන්න.. !
( රාවණ – ගැමුණු රජු – දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව ” දසිස් ” නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

No comments:

Post a Comment