Tuesday, December 17, 2013

===හන්තාන කදු වැටිය එදා වාගෙයි අදත් - මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත් == == සරසවියෙ තුරු වදුලු මිලින වී නැ තවත් - ඒත් අද කුමරියේ.ඔබ කොහිද මා කොහිද ?==



.

හැමෝම කියනව නංගි හඳ වෙනස් වෙනවලු..
ඒත් මම ඔයා වෙනුවෙන් මේක ලියල තියන්නම්...
හඳ කවදාකවත් වෙනස් වුනේ නෑ..
හඳ එහෙම්මම මයි..
අපිට හඳ පේන විදිය විතරයි වෙනස් වෙන්නෙ...
ඒ නිසා හඳට බනින්නෙපා..
එදා ඒ අපි දැක්ක හඳමයි මේ අදත්.....
හද වෙනස් වෙලා නැ.. එක්කො අපේ ආදරේ වෙනස් වෙලා..
නැත්තං අපි හෙම්බත් වෙලා...
අපි ඕනම දෙයක් දිහා බලාගෙන වටයක් ගනකොට නැතිනම් ජීවත් වෙනකොට ඒක වෙනස් වෙනව වගේ අපිට පෙනේවි..
ඇත්තටම ඒක වෙනස් වේනනෙ නැතිව ඇති අම්ම.. අපිට නොදැනුවත්වම අපිව වෙනස් වෙනව..
මතකද මම අර තරු දකෙක් ගැන  ඔයාට කිවුව දවසක්...
ඒකත් ඒ වගේම පට්ට ඇත්තක්නෙ...
‍ගොඩක් ආදරවන්තයො තරු දෙකක් දිහා බලාගෙන කියනව ඒ වගේ ලගින් ඉමු කියල..
එත් දරුවො ඒ තරු දෙක අපිට පෙන්න විතරයි ලගින් ඉන්නෙ..
ඒ තරු දෙක ඇත්තටම කොච්චර ඈතින් ඇද්ද... ඒක කවුරුත් හිතන්නෙ නෑ..
ඒ කලු අහසට වෙලා ඒ තරු දෙක මූන ලන් කොච්චර දුක් වෙනව ඇතිද..
අපි මෙහෙ බිම ඉදන් හිතනව ඒ දෙක හරීම ලගින් ඉන්නව කියල...
මම  මෙහෙම කියන්නම්...
අපි දෙන්න ඉස්සර මේ ‍සමාජෙ දිහා බලාගෙන හිටගන්නව...
ඊට ප්සසෙ අපි දෙන්නම එකම පැත්තට කැරකෙන්න පටන් ගන්නව..
දකුණු අත පැත්තට ? - හා හොදයි...
දෙන්නම කැරකෙනව... හැබැයි අපි දෙන්නට කවදාකවත් අපි දෙන්නව මූණට මූන හම්බුවෙන්නෙ නෑ මගෙ දරුවො..
මොකද අපි දෙන්නම කැරකෙන්නෙ එකම පැත්තට නිසා... අපිට බලන්න පුලවන් හැමදාම සමාජෙ දිහා විතරයි..
හැබයි අපි දෙන්න දෙපැත්තට කැරකුනෝත්???
ඔයා දකුණට කැකැවෙද්දි- මම වමට කැරකුනෝත් කොයි මොහොතක හරි
අපි දෙන්න මුහුණට මුහුන මුනගැසේවි...
ඔයාට තේරෙන්න ඇති....
.. එනවද ?????
කැරකෙන්න මා එක්ක.........
=======
හන්තාන කදු වැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්
සරසවියෙ තුරු වදුලු මිලින වී නැ තවත්
ඒත අද කුමරියේ... ඔබ කොහිද මා කොහිද ...?
.
එදා අප පෙම් වදන් දෙඩු ලිය මඩුලු යට
පෙම් වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග නිදා සිටි අවන්හල දෙසුම් හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා...
.
මේ බිමේ සැගව ඇති සිවු වසක අතීතය
යලි යලිත් මතකට නැගෙනවා...
මහත්වෙහෙසක් දරා සගවන්න තැත් කලත්
නෙත් අගට කදුළු බිඳු නැගෙනවා..
- අමරසිරි පීරිස් මිනිසා
=========
--කුරුළු--

No comments:

Post a Comment