Thursday, August 21, 2014

==== මාතෘකාවක් නැති ලියවිලි ! ====



මා සිටියේ ආනාපානා කුණ්ඩලීනියේ දෙවන චක්‍රයේය...
මුලින්ම මදුරු මැසි කරදරය. පසුව වෙනාදට නෑසෙන සියම් ශබ්ද පවා කරදර කරයි.. යම් යම් අදිසි ශබ්ද ඇසීමත් - පුලුටු දුර්ගන්ධයන් පැතිරීමත් සිත තුල සිතිවිලි වේගවත් වීමත් සිරුරට දහදිය දැමීමත් මෙහි හැටිය...
මේ යක්ෂ හා ප්‍රේත ලෝකයෙන් බලපෑමක් එල්ල කල හැකි අවසාන අවධියයි.. මෙම චක්‍රයෙන් එලියට පිනූහොත් කිසිදු බාධකයක් නැත...
දිගින් දිගටම ආස්වාස ප්‍රශ්වාසයේම පසුවීමි... ඒද භාවනා රටාවට අනුවමය...
මඳ වේලාවකින් සියල්ල නිසොල්මන් විය... සමන් මල් සුගන්ධයත් සියම් වූ සීනු නාදයක් පමණකුත් ඇසෙන්නට විය... මා අතෙහි වූ වජ්‍රාව වෙනදාටත් වඩා බරකින් යුක්ත විය.. යම් සෙලැවීමක්ද දැනුනි..
බොහෝ දෙනා සිතනාකාරයට භාවනා‍යෝගී විම යනු මේ පවත්නා ලෝකයෙන් මිදී වෙනත් ලොවකට යෑමක් වැනිය.. ඇස් කන් නාසා සිරුර සිත නැති හිස් කදක් පමණැකැයි සිතති .. නැත.. එවෙ‍ේලෙහිට වනුයේ එකත්පස්ව සිටීමකි.. එනම් ඉදුරන් පහම එකකට කැටි කොට සිත අවදි කිරීමය.. වෙනාදටත් වඩා අනේක් ඓන්ද්‍රයන් සංවේදී වීමය.. නැතහොත් බාවනාව යනු ඓන්ද්‍රයන් මරා දැමීමක් නොව... සියල්ල වැඩි දියුණ වීමක්ය....
‍‍‍..
මා එල්ලාගෙන සිටි රුද්‍රාවද වෙනදා මෙන් නොව එහෙ මෙහෙ පැද්දෙනු දැනින...
මා හිස මුදුනින් ඉතා වේගවත් කිරණ භමණය වනුද දැනින.. කෙසේ වෙතත් හිසට කිසි රුදාවක් නැත... සෞම්‍යයි.. සනීපයි...
.
මා සිටි‍ මාගේ නිදි යහනේම භාවනායෝගීවමය... එය පද්මාසනයයි.. දෑත දෙදණ මතය.. දඹරැගිල්ල හා මාපොටැගිල්ල නවා ස්පර්ෂකරගෙනය.. අතක වජ්‍රාවය...
බාහිර වටපිටාවේ වෙනසක් දැනුන හෙයින් අඩවන් දෑස හැරීමි...
.
මා ඉදිරිපිට කෙනෙකි‍‍.. ! මා මෙන්ම පද්මාසනයෙන්ම හිඳ දෑත දෙදණ මත තබාගෙන හිදියි...
.
බියක් නැත... තැතිගැන්මක් ඇත....
.
+නුඹ කවුද ! මා ඇසීමි
- මා නුඹයි !
+ එසේ කෙසේද ???
- හ්ම්.. ඒ කිය්නෙ නුඹට දැන් මාව ඇහෙනව.. පේනව..!
+ ඔවු මට දැන් නුඹව පේනව ඇහෙනව...
- මම විශ්ණු
+ විශ්ණු කිවුවෙ ! දෙවියොද !
- ඔවු ! නුඹලා කියන්නෙ නම් එහෙම
+ හොඳයි මෙතෙක් දවස් මම නුඹට කතා කලා ඇයි ආවෙ නැත්තෙ.
- මම ආව හැමදාම නුඹටයි නොපෙනුනේ..!
+ ඇයි ඒ
- නුඹ අදයි තෙවැනි චක්‍රයට එලැඹුනේ.. එවිටයි අපව සුසර වෙන්නෙ
+ ඒ කිය්නනෙ නුඹ හැමදාමත් ආවාද
- ඔවු මම හැමදාම ආවා.. මම හැමවෙලේම නුඹ එක්ක හිටියා..
+ එහෙනම් ඇයි මට නුඹව දැන්නෙ පෙනුනෙ ඇහුනෙ නැත්තෙ..
-දරුවා මම මෙහෙම කියන්නම්.. ගුවන්විදුලියක රූපවාහිනි නාලිකා පෙනෙන්නෙ නැ.. රූපවාහිනියක ගුවන්විදුලි නාලිකා ඇහෙන්නෙ නැ.. ඒ කට හේතුව මොකක්ද..
+ ඒ තරංග සංඛ්‍යාත වෙනස් නිසානෙ.. අනික ගුවන්විදුලියක් හදන්නෙ ඒ තරංග අල්ලා ගන්න.. එතකොට රූපවාහිනියක් හදන්නෙ එ් අදාල චැනල් අල්ල ගන්න..
- අන්න ඒක තමයි.. හොදයි මට කියන්න.. නුඹලාගේ ඔය දුරකථන සේවා සපයන සමාගම් වල ඇමතුම් නුඹලාට ඇහෙනවද ? එක ඇමතුමක් ලබාගන්නාවිට තවත් ඇමතුම් ඒ තුල ඇහෙනවද ?
+ අනේ නැ.. අපි කතා කරන කෙනාගෙ හඩ විතරයි..
- හොදයි ඒ වෙලාවෙ කොච්චර දුරකතන සංවාද වෙනවා ඇත්ද ..
+ හ්ම් .. මිලියන ගානක්..කෝටි ගානක්..
- එත් කවදාකවත් ඒවා එකිනෙක සම්බන්ධ වේනනෙ නෑ.. නුඹලයි අපිත් ඒ ව‍ේග .. නුඹලා දෙවියන්ය කියන කොටස - අපි - හැම වෙලේම ඉන්නව හැම තැනමත් ඉන්නව.. හැබැයි නුඹලාට අපිව ඇහෙන්නෙ පෙන්නෙ නෑ.. ඒකයි ස්වාභාවය..නුඹලා අපිට කතා කරනව අපිට ඒක ඇහෙනව..ඒත් අපි කතා කරන එක නුඹලට ඇහෙන්නෙ නෑ.. අපිට නුඹලව පෙනුනට නුඹලට අපිව පේනනෙ නෑ.. ඒක හරියට ගුවන් විදුලියයි රූපවාහිනියයි වගේ.. අන්ක එක කොච්චර නාලිකා තිබුණත් එකට පැටලැවෙන්නෙ නැ.. හරියටම හරියන තුරු ඉන්න වෙනව
+ ඉතින් මොකද ඒකට කරන්න ඕන..
- මේ දැන් වගේ සිත දියුණු කරගන්නෝන.. ඒ කිය්නනෙ දෙපාර්ශවයවම එකම මට්ටමකට එන්න ඕන.. හරියට සංඥා හොයාගෙන කඳුමුදුනකට නගිනව වගේ වැඩක්..!
+ හ්ම් ..හොදයි.. මම කෝමද නුඹ විශ්නු කියල පිලි ගන්නෙ..
- ඒක නුඹේ රාජකාරියක් දරුවා.. පිලිගන්නවනම් පිලිගන්න.. නැති නම් නිස්සද්ද වන්න.. ඒකෙන් අපි දෙදෙනාටම වෙන සෙතක් නැ..
+ නුඹ ට පුළුවනිද මට උදවු කරන්න..
- ඔවු මම උදවු අවශ්‍ය හැමෝටම උදවු කරනව.. හැම‍ෝගෙම ලගින් ඉන්නව.. මට අඩගහන මට උදවු කරන හැ‍මොටම මම උදවු කරනව.. මේක ගනුදෙනුවක් පුතා..
+ හොදයි නුඹ කෝමද මම කතා කරනභාශාව කතා කරන්නෙ.. මේ නුඹේ ඇදුම් පැලදුම් වෙනස්නෙ..
- හ...හ..හ..හ.. නුඹ සිතන්නේ මට කොච්චර වයසයි කියලද.. පුතා නුඹලා අපව සිතුවම් කරන්නෙ නුඹලා තුල තියෙන භක්තියට.. ඒත් අපිත් නුඹලා වගේම කාලයට අනුව වෙනස් වෙනව.. අනික අපට භාෂා ඥානය නිතැතින්ම ලැබෙනව.. ඒ කොහෙම වුනත් දැන් නුඹත් මාත් කතා කරනවා නෙවෙයි අපි සිටින්නේ අදහස් හුවමාරුවකයි....
හොදයි මා යා යුතුයි.. නුඹත් ‍තෘතීය චක්‍රය අවධිකර ගත්තා පමණයි.. නුඹ මේ අවස්ථාවේ සිත පවත්වාගත හැක්කේ සිමාන්තික කාලයකට පමණයි.. නුඹට හැකි නම්.. දිගටම යන්න.. මම උදවු කරන්නම්තත නුඹ පතනා.. තත්වයට සිත ගෙන යාමට.. මා නුඹ්ත සමගම සිටිනවා..
+ හොඳයි.. මා උත්සාහ කරන්නම්...
( මා ඉදිරියේ වූ රුව බොඳ වී යනු දුටුමි....... නැවත දෙනෙත් පියාගතිමි.... ක්‍රමයෙන් සිරුර ලිහිල් කරමින් ධ්‍යානයෙන් මිදුනෙමි.. ඒ හෙටත් ඔහුව මුණ ගැසීමේ අටියෙි.. )
---කුරුළු--

3 comments:

  1. සත්‍ය අත්දැකීමක්ද කුරුළු ??

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රබන්ධයක්ම තමයි. දෙවෙනි චක්‍රය අවදි විමෙන් විෂ්ණු දෙවියන් හෝ අන් දෙවි කෙනෙක් හමු වෙන්නෙ නැහැ.

      Delete
    2. ප්‍රභන්ධයකට උත්සාහයක් පමනයි

      Delete