Thursday, August 28, 2014

==== සාගරයක ආදර රැලි හිතට එබී - දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමී.. ==




.
මා බොහෝ වේලාවට වැඩ රාජකාරී බහුල පුද්ගලයකි..
ඒ තියෙන වැඩ අතරතුර මුහුණු පොතේ පෝස්ටු දැමීමද මේ වන විට ජීවිතයේ තවත් එක් රාජකාරියක් වී හමාරය.. ඒ මා නොලියා හිටිය දිනයක.. එක් සහෘදයෙක්
* කුරුළු අද ලිය්නනෙ නැත්ද ?
+ නෑ බං..
* අපෝ කවියක් දාන්‍නකො අන්තිම කවිය දැම්මෙ මීට පැය පහ මාරකට කලින් !
+ මොකක් ඔයාල ඒවත් ගණිනවද ?
* නැතිව මම මේ බලන්නෙ නිදියන්න කලින් ඔයාගෙන් පෝස්ට් එකක් කියවන්න. ලියන ඒව අඩු කරන්නෙපා කුරුළු.. අපි බලන් ඉන්නෙ හිත හදා ගන්න.. දිගටම හැමදාම ලියන්න .. ඔයාට පිනක් ඒක..
---- පිනක් වෙන්න පුලුවන් හැබැයි මේ අන්තර්ජාලයේ බිල පියවාගැනීමටවත් සල්ලි නැත්තං මේ ලියවිලි නුඹලාට පෙන්වන්න වෙන්නේ නැත. ඉතින් මටත් වැඩ කිරීමට සිදුවේ..! හොඳයි මම දිගටම ලිය ලිය ඉන්නම්.. හැබැයි අපේ ගේ ඉස්සරහ පිං කැටයක් තියල... ! කවි බලන ඔයාල කතා කියවන ඔයාල කැමති නම් ඇවිල්ල ඒ කැටේට කීය කීය හරි දාල යනවනම් ම‍ේග වියදම් වලට ඔන්න මම දිගටම ලියන්නම්..!!
-----
ඒ මේ කෙසේ වෙතත් මට මේ ලියවිලි නිසා රාජකාරි නිසාත් අතපසු වෙන්නේ සුදු නංගීවමය..!!
---
- ආ මිස්ට කුළුලු ඉන්නවද ??
+ නැ මිස්ට නෑ තාම -තාම මාස්ටර් කුරුළු
- අනේ යනව යන්න..!
+ මේ කවුද මේ කතා කරන්නෙ ..
- අපිව දැන් අඳුරන්නත් බෑනේද !
+ ම්.. ඉන්න බලන්න.. මේ කමලා වතීද ??
- මොකක් ! නෑ නෑ .. මම දයා වතී..
+ ආං හරි කට නම් ඒ වගේමයි..
- අනේ මේ යනව යන්න පණ්ඩිතය... මේ එක නෙව් මීට පස්සෙ මට නම් දානවනම් දානව හොද ලස්සන නමක් හොදද.. ගොඩේ නම් නැතිව..! එහෙම නැත්තං මාත් දානව ඔයාට සිරිපාල කියල ..
+ සිරි පාල.. ?? ඒ අපේ මල්ලිගෙ ගාව හිටිය ෆයිටර් මාලුවගෙ නමනෙ..!
- අයියෝ අයියටයි මල්ලිටයි දෙන්නටම පිස්සු මාළුන්ට දානවද අනේ එහෙම නම්.
+ඇයි නැත්තෙ ඔය අපි දැම්මෙ !.. ඌ යස අගේට කැමතියි ඒ නමට..
- මේ ඒක නෙවේ.. දැන් දවස් හතරකින් කතා කලේ නැත්තෙ ඇයි මට !
+ මම ? දවස් හතරකින් ඔයාට.. ඇයි ඊයෙත් කතා කලේ !
- ඊයෙ ! ඔවු ඉතින් ඊයෙ කතා කරන්න ඇති වෙන  කෙල්ලෙක්ට? මට නම් කතා කලේ දවස් හතරකට කලින්..!
+ මලා.. මට අමතක වුනානෙ..!
- හනේ හනේ අපිම නිසා හොඳයි..! දවස් හතරක් වෙලත් මේ අසරණිව ඉන්නවද බලන්නෙ නෑ.. ඉන්නව තව ෆේස් බුක් එකට වෙලා ලිය ලිය..
+මම වැඩ අනේ මම ලිය්නනෙ පරණ ඒව.. දැන් ලියන්නවත් වෙලාවක් නැ..
- පරණ ඒව දාන්න එපා අනේ මට ඒව කට පාඩම්.. මම බලන් ඉන්නෙ.. ඒව වැඩක් නැ මට ඔයාට ගහන්නෝන !!
+ මොකක් ! ඒ ඇයි..
- මට කරපු දේට.. මට ආසයි ගහන්න.. ඔයාට.. චටාස් ගාල - කම්මුලට..
+ නංගි ඔයාත් වාරියපොලද ??
- අනේ..... බෑ.. බෑ.. මට ඕනෙමයි ගහන්න.. මට ඔයාට ගහන්න බැරිනම් වැඩක් නැනෙ..!
+ පිස්සද පාර හිටියොත් ..අනික මම කාගෙන්වත් ගුටිකාල නෑ.. කවුරුත් මට අත උස්සල නෑ මේ වෙනකම්..!
- එහෙම බැ.. මට ආසාවක් ආව.. නරක් වෙන්න බැ හොදේ.. හොද ලමය වගේ මගෙන් ගුටි කන්නකෝ.. හරි එහෙනම් මෙහම කරමු.. ඔයත් මට එකක් ගහන්න.. මට අයියල‍ නැනෙ කවුරුත් මට ගහලත් නෑ.. ඔයා ගහන්න මට චටාස් ගාල..
+ අපෝ බෑ ඔයාගෙ මූනෙ පාර හිටියි.. ඔයා සුදුයිනෙ..
- බෑ ඔට්ටුව එහෙම තමා... හරි ආයෙ කිසි කතාවක් නැ හරිද !
+ හරි එහෙනම් ආයෙ හමුබුනාම
-අනේ ඉතින් එහෙනම් කවදාකවත් වෙන්නෙ නෑ.. කණ කැස්බෑව අහස බලනව ව‍ගේ වැඩක් තමා..ඔයා ඉතින් වැඩ ගොඩක් කරන කෙනානෙ.. ඔයා නැත්තං මේ රට වැටිල අනේ...
+අනේ යනව යන්න.. මම ආසයි වැඩ කරන්න..
- කොච්චර වැඩ කලත් සල්ලිත් නෑනෙ අනේ ඔයා ගාව..
+හ්ම් වැඩ කිය්නනෙ සල්ලි නෙවේ සුදු නංගි! ආත්ම තෘප්තිය !
- අනේ මේ එහෙම නෙවේ අපි දෙන්න බිස්නස් එකක් පටන් ගමු මම එන්ම් උදවුවට.. හොද ලාබ තියෙන බිස්නස් එක්ක මට කල්පනා වුනා...අපි ඒක කරමු..
+ මොකක්ද ?
- නෑ.. අර කන්ටේනර් එක.. ඒක ගෙනාව කෙනාට දැන් විකුණ ගන්න බැරිවනෙ ඇත්තෙ.. මම කතා කරල එයාගෙන් බාගයක් ඉල්ල ගන්නම්..
+ කුඩු !
- ඔවු අනේ.. ඊට පස්සෙ අපි දෙන් එකතු වෙලා ඒව පැකට් කරපු අර පොලිතින් වල දාල පොඩියට සැෂේ විදියට.. ඔයා ප්‍රින්ටින් දන්නවනේ ඔයා ප්‍රින්නට් එකක් ගහන්න..
+ ඊට පස්සෙ..
- ඊට ප්සසෙ අපි දෙන්න ගෙයක් ගෙයක් ගානෙ ගිහ්න විකුනමු.. " කුඩු.. කුඩූ... කුඩු.. කුඩූ.." කියල..
+ ඉතින් නංගි දැන් අපි එහෙම ගියාම කවුරුත් ගනිවිද අපෙන්..ඒචච්ර ඔන නැනෙ..‍ෙ ගවල් ගානෙ යන්න..
-ගනී අනේ.. නැත්තං කන්ටේනරයක්ම මොකටද ?
+පිස්සි මෝඩ කතා කියන්නෙපා.. හිරේ යන්නද හදන්නෙ!!
- එහෙනම් දැන් ඔය අනික් අයත් යන්නෙපැයි.. පිස්සුද අනේ එහෙම කාවවත් හිරේ දානනේ නෑ.. අපි වෑන් එකේ ගහමු බෝඩ් එකක් අත්‍යාවශ්‍ය සේවා කියල..
+ ආපෝ මේ මේ තියපිය ෆෙ‍‍ෝන් එක.. මටත් එක්ක ගුටි ක්න්න වේනනෙ මේකිව බැඳ ගත්තොත්..
-හ්ම් තියනව එහෙනම් මැට්ට.. අපේ අදහස් තමා මෝඩ.. නපුරුම නපුරුයි.. ඔය ගෙනාව කනෙත් ගේන්න ඇත්තෙ එහෙම විකුණනන්න තමා.. නැත්තං කන්ටේනරයක්ම ගෙනෙයි යැ.. ගාබෙට අහුවෙන්න ඇති.. එහෙනම් ඒ ගෙනාව කෙනත් මෝඩයි මට වඩා.... මම තියනව... බුදු සරණයි.. කෝල කලේ නැති වුනාට කමක් නැ..මැසේජ් එකක් හරි දාන්න... වෙලාවට කන්න..
+ආදරෙන් ඉන්න නංගි....
-----
ටිලිං........ං....... ( මැසේජ් එකකි..)
- me mam mooda katha kiwata kamak ne oya FB eke dannepa hodey. modaya. ussan yaieta passe eakatat mata thami duka.mata be polici geane enna.
---
මා ආදරේ කරන්නේ හුරතලේටය.. මේ මෝඩ කතා වලටය..! මේ දහසකුත් එක්ක වැඩ අතර මා සිනහ පුබුදන එකම හේතුව ඇයමය..!! අවාසනවට ඇය ජීවත් වන්නෙ මා තුල පමණි.. ඇය මාගේ හිතලුවකි... !
====
අඳුර ඉකි බිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ලගයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමී
සුවඳ තවම හිත ලග නිති නැතිව හිඳී
.
පිවිතුරු පෙම් බිඳකට මුතු කඳුලු වැටී
දෑගිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
-- සාගරයක ආදර රැලි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමී..
.
මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳි
මින්දදයින් මා බලන්න නිතර එතී
-- හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුනා දුක සසර බැමී..
=====අසංක ප්‍රියමන්ත සහ නිරෝෂා විරාජනී පීරිස් මහත්ම මහත්මින්
---කුරුළු----


10 comments:

  1. කුරුළු ඔයා මාර පොරක් නේ... මේක කියෙව්වම මටත් ඔයාට ගහන්නමයි හිතෙන්නේ... නෝටිය. පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් නැවෙන්නකෝ කුරුළු.....

    ReplyDelete
    Replies
    1. සොඩා ගුනේ ත් සොඩා වගේද බං.. !පුෂ්.........................

      Delete
  2. kenekwa mathak una.. " udema aharala hawas wenakal hurathal wenawa.. awurudu 07kma eya math ekka hurathal una hamadama matath wadiya... "kolu hurathale"
    as pegunata, hitha ridunata, aye kawada eida man thamath ahanawa mage hithen... ikmanta awoth hugak hodai.. komahari awoth kiyaganna bari tharam hodai.. hithe konththanna puluwan liyawillak..
    Nadee

    ReplyDelete
  3. //අවාසනවට ඇය ජීවත් වන්නෙ මා තුල පමණි.. ඇය මාගේ හිතලුවකි//

    එයා හිතලුවක් උනත් කුරුලුගෙ ලියවිල්ල නම් මාරයි. තව තවත් ලියන්න. මොකද දන්නවද සමහර ලියවිලි අපේ ජීවිත කතා වලට ළඟින් යන නිසා, වර්තමානයක්, අනාගතයක් නැතුව අතීතය එක්ක දුක් විඳින නිසා.

    ReplyDelete
  4. ඔයාගෙ හිතලුවක් උනත් ඒක අපි ආසාවෙන් විඳිනවා..අපේ ආදර කතාවල රසමුසු දුක්මුසු තැන් වලට ඔයාගේ
    හිතලු ගොඩක් සම්බන්දයි. නිස්කලන්කෙ දිගටම ලියමු කුරුළු. :)

    ReplyDelete
  5. පිං කැටයක් තියලා බලන්න කුරුළු අයියා .. අවුරුද්දක ඉන්ටර්නෙට් බිල් එක කවර් කරගන්න පූලුවන් වෙයි එක දවසින් !

    ReplyDelete