Sunday, August 3, 2014

==== ලැබු දිනුමක් ඇත්ද ඔබ මා - මැවූ සුන්දර සිහින මතකය මිසක් ! ==




.
එදා ඉරිදාය.
කළ යුත්තක් නැතිවු හෙයින් මූණු පොත පිරික්සන්නට වීමි....
එක් තැනක සිත නතරවිණි..
- කැදැල්ල- ප්‍රදර්ශනය මෙවරත්...
යලිත් හිත අතීතය අස්සට යනන්ට පටන් ගති.! ඒ වෙන කවුරුත් නිසා නොව නුඹලා ආදරේ කරන සුදු නංගී නිසාවෙනි..!
මීට අවුරුදු කිහිපයකට පෙර මම ඇයත් සමග කැදැල්ලක් සෑදෑම අරමුණු කරගෙන කැදැල්ල ප්‍රදර්ශනය නැරඹිට ගියෙමි...
+ මොනවද අනේ ඔය පිස්සුවෙන් වගේ එකතු කරන්නෙ ( මම ඇයගෙන් ඇසුවෙමි )
- ඇයි ! අපිට ඕන ‍විස්තරනෙ
+ හරි ඉතින් අපිට ඕනවිස්තර විතරක් ගත්තනම් ඇතිනෙ.. බොරුවට කොල ගොඩවල් බදා ගන්නෙ..
- අනේ මේ ඔයා ඉන්න මේ අය නිකං දේනනෙ..
+ නිකං තමා.. වෙලාවට අර ස්ටෝල් එකින් බෑග් එකකුත් දුන්නෙ නිකං.. නැත්තං මට තව බෑග් එකකුත් ගේන්න වෙනව.. මේ ලිමිට් කර ගන්නව හොදද මට තියේනනෙ කාර් එකක් මිසක් ලොරියක් නෙවේ..! එකට දාගන්න පුලුවන් තරම ගන්නව හොදද..
( ඈ විරිත්තුවාය )
ලොව සියලු දෙනා ලස්සන සිනාසෙන විට පමණි එහෙත් මගේ සුදු නංගි මෙසේ විරිත්තුවද ඇඩුවද සිනාසුනද මා හට ලොව ඇති සුන්දරම දැක්ම එය වෙයි...
- මේ අයියෙ අර මම ආසම පෝරුව තියෙනව මම ගිහින් කතා කරල එන්නම්..
මම ඇයගේ අතින් ඇද්දෙමි..
+ මේ මෙන්න මෙහෙ ඉන්නව අනේ .. අපි අද හෙට බදින්නෙ නැනෙ..
- අපෝ තියෙන නපුරු කම... හුහ් ආසවටනෙ ඉතින් මම යන්න හැදුවෙ බලන්න.. කමක් නැ එපානම්...
( ඇ කට ඇද කර ගත්තාය - හෙන හුරතල් ය)
+ ආ එනව එනව දුවල එනව ඉක්මනට අහමු ගිහින්...
සිනාසී පොඩි කෙල්ලක මෙන් ඇ මගේ අතේ එල්ලෙයි.. එන්න යමු...
ඒ පෝරුව ලක්ෂ 2.30කි..
+ ආ ආ ඇද්ද දැං..අහගත්තද.. හොද ගාන නේ ලාබයි නේ..
එතැනින් ලැබෙන කොල මිටියද බෑගයට ඔබාගන්නා ගමන් තව කිහිප දෙනෙකුගේම ඇගේ හැප්පෙමින් පැමිණි ඇ මගේ අතේ එල්ලුනාය..
- අනේ මුන්ගෙ හෙන ගනන් අයියෙ අපි වෙන තැනකින් බලමු..
+ එහෙනම් මාවත් ඇදගෙන ආවෙ..අද මොකටද
- ආහ් මට ගෙදරින් එන්න දෙන්නෙ නැනෙ... ඒ නිසා මේකට එනව කිවුව .. මේ කොල ගත්තෙත් සාක්කියට..අම්මට පෙන්වන්න..
+ ඇයි මම එනව කිවුවෙ නැතිද ? මට එන්න කිවුවෙ මොකටද තනියම ඇවිල්ල බලල යන්න එපැයි..
- ඇයි යකඩො මම තනියෙන්යැ බඳින්නෙ.. බඳින්න ඕන නම් මේවටත් ඇව්ලල රස්තියාදු වේන්න් පුරුදු වෙන්න ඕන තේරුනාද ළමයො...
සිරිමාවෝ බන්ඩාරනායක ශාලාවෙන් එලියට පැමිනි වහාම ඇ එක්වරම ගල් ගැසුනාක් මෙන් නතර වී සිටියාය..
+ ඇයි දැන් මෝක‍ෝ වුනේ....
- ආ..ච්..චා....රු..........
( ඇගේ ඇස් එලියට පැන බෝල ගෙඩි මෙන් දිලිසුණි )
+ ඔවු ඉතින්
- අනේ අනේ අනේ අනේ අනේ සුදු අයියෙ අරන් දෙන්නකො ප්ලිස් ප්ලිස් ප්ලිස් නංගි ආසයිනෙ කන්න .. අරන් දෙන්නකො.. ලෝබ නොවි..අ නේ අනේ..
+ අඅපෝ ඉතින් එක පාරක් කිවුවාම ඇති මම අරන් දෙන්නම් දරුවො...
- මගේ හොද අයිය.. කට්ටිය නැතිනම් දෙනව උම්ම එකක්.‍..
+ අහ් එපා තියාගන්න .. කාර් එකට ගියාම දෙන්න ඇ..
-හොරා.....
** **********************************
මේ ගෙවුනු ඇවුරුදු සිහිවටනය.. මේ වසරේ නුඹ නැත.. මා පමණි.. එහෙත් ප්‍රදර්ශනය නැරඹිමට සිතුවෙමි..!
දහවල් වන විට හැඳ පැළද කාරය එලියට ගත්තත් යලි නුඹව සිහි වීම නිසා නුඹව බලාගෙන ඒ පැත්තෙන්ම යාමට සිතීම.. සෑහෙන වටයක් යාමට සිදුවුනත් එය එසේ කලෙමි..!
අතුරුගිරියෙන් - මහරගමටය- මහරගමින් පිලියන්දල පාරින් පිලයන්දලටය.. අතරතුර නුඹ නිවස ඉදිරිපිට මදක් කාරය වේගය අඩු කර නලාව නාද කලෙමි.. නැවැත්වීමට අවසරයක් නැත්තෙන් පිලියන්ද කරා ගමන් කර.. නැවත හරවා බණ්ඩාරනායක ශාලාව පැත්තට ගියෙමි..!!
ටිකට් එකක් මිලදී ගත්තෙමි..!
ඒ ප්‍රදර්ශන කුටි හරහා ඇවිද ගියෙමි.. සුදු නංගි මෙන් බොහෝ දෙනෙක් එතැන සිටිනවා දුටිමි... එහෙ මෙහෙ ඇවිද කොල එකතු කරන අයය.. එදත් මොවුන් සිටින්නට ඇත.. එහෙත් සුදු නංගි නිසා මේ ලෝකය එදා මට නොපෙනුනි.. එදා මගේ ලෝකය වුයේ ඇයය..
ඒ ප්‍රදර්ශන කුටි වල සිටි කිසි කෙනෙක් මා දෙස බැලුවේවත් නැත.. සුදුනංගි සිටියානම් ඔවුන්ද කොල දිග් කරනු ඇත. මේ තනියෙන් එන එකාට මොන වෙඩින්ද - ඉස්සෙල්ල කෙල්ලෙක් හොයං වර... ඔවුන් කියනවා විය හැක...
සුපුරුදු ලෙස.. ප්‍රදර්ශනය නරඹා එලියට පැමුණිනි.. අච්චාරු කඩය දුටු විගස නැවත නුඹවත් නුඹ හා මම එතැන රණ්ඩු කරමින් අච්චාරු කෑ හැටිත් සිහි විය...
එතැනම එහා පැත්තේ ඉඳන් අච්චාරු කන පිරිසකි..
මොහොතකට මා නැවත ගල් වීමී..
සුදු නංගීය..!!!
නැවත නැවතත් බැලමි... ඒ පඩියක ඉඳ‍ෙගෙන තනිවම අච්චාරු ගිල දමන්නීය...
නැතත් විපරම් කලෙමි.. ! සුදු නංගි තනිවම මෙහි නොඑනාබව දනිමි.. හිතුවා හරිය.. ඇය පැමින ඇත්තේ අම්මලා යෝජනා කල ඒ අලුත් මනමාලයා සමගය.. ඔහු සුදු නංගීටම එහාපැත්තට වී වෙනතක් බලාගෙන සිටි..
දරාගත නොහැකි වූවත් මා ඇය හා දොඩමලු වීමට සිතීමි.. සිතා එදෙසට පියනැගුවෙමි...
ඇය මා දුටාවය... එක්වරම ඇයගේ නෙත ගියේ ඇගේ එහා පැත්තේ සිටි කෙනා වෙතය..
බාගදා ඒ මට පෙනෙනන්ට විය හැක..!
.
කතාව කෙසේ ආරම්භ කර ගන්නේදැයි සිතුවත් ... එයට නිසි රටාවක් සිතට නොනැගුනි..!
කෙසේ වෙතත් ඇයත් මාත් අතර දුර අඩි දහයකට නොවැඩි තරම් ලගටම ගියෙමි...
* මේ ඉක්මනට කන එකක් කනවකො මට පරක්කු වෙනව.. අද නිවාඩු දවස බොරුවට මාව ඇදන් ආව මෙතන..
ඒ අනික් කෙනාය... තවම අනික් පැත්ත බලාගෙන ය.
මා ලං වෙත්ම සුදු නංගි අච්චාරු බෑගයත් සමගම නැගිටවුනි..
අමාරුවෙන් මවාගත් සිනාවක් ඒ දෙතොල් මත විනි.. ඒ ද මට සුන්දරය - ඇතිය ..
මා ඇයට ලගා වත්ම... එක්වරම අප මැදට කෙල්ලක් පිනූය..
= මේ එක්ස්කියුස් මී...
+ ඇයි
= ඔයා කුරුලු නේද..!
+ ඔවු
= පත්තරේටත් ලිය්නනෙ ඔයා නේද ?
+ ඔවු....
= අපි ඔයාගෙ පෝස්ට් බලනව හැමදාම .. හරි ලස්සනයි හොදේ අයියෙ.. අපි ඒ වට ආදරෙයි.. මේ ඉන්නෙ මගේ යාලුවො ! මම මේ ඔයාව දැකල දුවගෙන ආවෙ.. කතා කරන්න....
( මට මැයගෙන් වැඩක් නැත උවමනා වුනේ සුදු නංගි හා වචනයක් හෝ කතා කරන්නටය )
+හා ඇත්තට ගොඩක් ස්තුතියි... මම පොඩි හදිස්සියකට යන ගමන්..
ඇයව මගහැර නංගි පැත්තට පියවරක් තැබුවෙමි... ඇයගේ සිනාව දැන් නැත..
= මේ අයියෙ !
මම නැතවත් පෙර කි ‍ගැහැනු දරුවා දෙසට හැරුනෙමි
= හරි කුරුළු අයියෙ සතුටුයි ඔයාව දැක්කට.. කතා කලාටත් ස්තුතයි.. ඒක නෙවේ.. කෝ ඔයාගෙ "සුදුනංගි " ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද..! මතක් කලා කියන්න එයාව.. ! අපිත් ආදරෙයි කියන්න එයාට.. කවදාකවත් ඔයාව දාල යන්න එපා කියන්න..."
( ඇය එසේ පවසා දිව ගියාය..)
මම නැවත හැරුනෙමි...!
සුදු නංගි එතැන නැත... පිටවීමේ දොරටුව ලගින් එලියට යන ඡායාමාත්‍රයක් පමණක් දුටිමි.. !!!!
*********************
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මමත්
ලැබු දිනුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක් !
.
සිහින රැක ගෙන දිවා රෑ ආදරෙන් 
 ඇවිද ගිය හැටි ඔබ මතකද ඉතින්
අට අප නැති හෙට දිනක දුක අරන් 
 හඩා කුමටද නොදරුවන් සේ ඉතින්
.
සුසුම් ලන ලොව දැක තැවුල් පිරි හදින් 
 සුසම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුබ සිහින විඳ තුන් සිතින්
සදා හමු වෙමු මග තොටේ මඳ හසින්
.--------------- දීපිකා ප්‍රියදර්ශනී
******************
ගෙදරට හොරෙන් කැදල්ල හදන - කැදැල්ල බලන හැමෝටම - ආදරෙන් !!
------කුරුළු-------
song -

4 comments:

  1. සුන්දර සිහින මතකය අපූරුයි

    ReplyDelete
  2. පට්ටයි කුරුල්ලෝ... මට මේ බ්ලොග් එකයි කුරුලුගෙ එෆ් බී පේජ් එකයි අහුවුනේ ළඟදි නෙව.
    සුදු නංගිගෙ කතාවයි වැඩයි මැවිල පේනව මේ ලියන විදියට!

    ReplyDelete