Sunday, August 31, 2014

===රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් - ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ==


.
- දැන් හරිද ඉතින්..
+ මොනවද හරි..
- දැන් අර මම දීපු ටෙඩියො ටික පින්තුරෙ දාල දැන් හරිද හුහ්..
+ ඉතින් මම දැම්මනෙ මට ලැබුන ඒව කියල
- එත් අර දැක්කනෙ එක එක්කෙනා ඉල්ලලා දාල තිබුනෙ..
+ ආහ් ඒ ඉතින් ආසවටනෙ..
- අනේ යනව යන්න. දීල තිබුනොත්නෙ.. ඒ මදිවට අර මම ආසම මගේ තඩි බ්‍රවුනිවත් ඉල්ලල හුහ්.. මම ඒයාලව හූරල හූරල දානව.. කොනිත්තනව මම...
+ මාව නෙවෙයිනෙ එයාලවනෙ . එහෙනම් කමක් නැ
- ඔවු එයාලව අයියට මම ආදරෙයිනෙ. අයියට තුවාල වෙනවට මම ආස නැනෙ..
+ මේ ඔච්චර ආසයිනම් මම ඔයාට ඒ බ්‍රවුන් පාට එකාව දෙන්නම්..!
- හා............ං............දෙන්න දෙන්න...
+ හා එහෙනම් ඊලග දවසෙ එනකොට මම අරන් එන්නම්...
- එපා එපා මට එපා
+ ඒ පාර මොකෝ..
- මට ගේන්න වෙනින් එකෙක්..! චොක්කො එකකුත්..
+ ඇයි වෙන එකෙක්
- නැ ඉතින් මේ මෙහෙමයි මම දැන් ඔයාව බැන්දාම ඔයා ගාවට එනව එතකොට එයත් මගෙ බ්‍රවුනිත් මගෙ..
+ අම්මට සිරි නරකම නෑ මෙයත් නේද !!
- මේඅයියෙ දැන් මම ආවම ඔයාගෙ ගෙදර ඔයාට බිම තමා නිදියන්න වෙන්නෙ.. මම ටෙඩියල සේරෝම ටික තියාගෙන ඉ්නෙ ඇද වටේටම මට එයාල නැතිව නැ..
+ මොකක් ? අනේ මේ ඔය වලස්සු වගේද පණ තියෙන වලස්සු !‍
- අනේ මේ යනව යන්න එයාලට මුකුත් නොකියා..
මොකෝ ඒ පාර උඩ බලන්න හිනා වෙන්නෙ..
+ නැමට වෙන දෙයක් කල්පනා වුනා..
- කියන්නකො.. කිය්නනෙකො
+ නැ ඕන නැ මම පස්සෙ කියන්නම්..
- බැ බැ බැ බැ දැන ්කියන්න .. දැන්ම කියන්න හොදේ මම තරහ වෙනවා කියන්න කියන්න ඉතින්..
+ඉන්නව දගලන්නෙ නැතිව.. මට කල්පනා වුනේ ඉස්සර අපි පොඩි කලෙ කියමවක් තිබුණ ගැනු ලමයි පොඩි කාලෙ ආස බෝනික්කොන්ටලු.. පිරිමි ලමයි ආස වීරයොන්ටලු.. ඒත් ලොකු වෙනකොට ‍ඒ දෙක මාරු වෙලා ගැනු ලමයි වීරයෝනට ආදරේ කරනවලු පිරිමි ලමයි බෝනික්කොන්ට ආදරේ කරනවලු..
- හානේ හරී ෂෝක්.. ඉතින් ඇයි හිනා වුනේ.. මට හිනා ගියෙ නෑනෙ..
+ නැ දැන් කාලෙ ඒක වෙනස් නංගි... දැන් කාලෙ පොඩි ගැනු ලමයි ආස පාරෙවල් වල ඉන්න වලස් පැටවුන්ට.. පිරිමි ලමයි ආස කොම්පියුටර් ගේම් වලට.. අවාසනාවට දැන් ළමයි ලොකු වුණාට ඒව මාරු වෙන්නෙ නෑ... පිරිමි ළමයි ලොකු වෙලත් ආදරේ ගේම් වලටමයි.. එත් මම කල්පනා කලේ ඇයි ගෑනු ලමයි ලොකු වෙලත් මේ වලස්සුන්ව බදන් ඉන්නෙ කියල..
- හ්ම්.. මම නම් ඉතින් මගේ වලහව බදා ගන්නෙ මම ආදරේ නිසා..
( ඇය මාගේ දකුණත ඇගේ දෑතින්ම බදා උරහිසට හේත්තු වූවාය )
- අයියෙ ඔයාට ඉතින් මට ආදරෙයිද ?
+ ඔවු..
- හරිනෙ ඉතින් එහෙනම් ඔයා ආදරෙයි බොනික්කෙක්ට.. මේ මම බෝනික්කෙක්..හොදේ.. ඔයා ම‍ගේ වීරයා... හරිනෙ.. අපි පරණ කාලෙ විදියට ආදරේ කරමු..
+ අපෝ මේ බැ බැ.. මම ආස නැ බෝනික්කොන්ට..
- ඇයී උන් සෝයි. අනේ ජිල්බෝල වගේ ඇස්... නිල්ම නිල් පාටයි මටත් ඉන්නව බාබිඩෝල් ල ගොඩක් මම ආසයි උන්ගෙ ඇස් වලට.. උන් නටවනව ඒ ඇස්.. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම
+හැ හැ හැ හැ කොහොම කොහොමද ??
( ඇය මදක් ඈත් වී මා දෙස බලාගෙන ඇස් කරකවයි..)
- ඔන්න බලන්න ඈ.. මෙහෙම මෙහෙම.. මෙහෙම මෙහෙම..
( මට තනිව සිනාය. මා ආදරේ කරන්නේ මේ හුුරතලයටය.. මා සමඟ ජීවතයේ මහා බර පතල් දේවල් කතා කරන්නේ ඉතා කලාතුරකිනි.. ඒ ඈට තාම ඒවා හුරු නැතිවා හෝ.. මා සැහැල්ලුවෙන් තැබීමට ඈ උත්සාහ දරනීය..)
+ නංගි දන්නවද ඒ බෝනික්කන්ට බෝල ඇස් තියේනනෙ ඇයි කියල.. හරියට ඔයාට වගේ
- නෑනෙ ඇයි ඒ.. මේ මේ මගෙත් ඒව ගේ බෝලද ඈ..
+ ඔවු ... ඔවු.. බොනික්කො ඉස්සලම හැදු‍ෙ ජපානෙ.. ඒ අයගෙ ඇස් පුංචියි.. ලොකෙම මිනිස්සු හිනා වෙනව ජපන් අයගෙ ඇස් වලට.. ඒ නිසා ඒ අය බොනික්කො හැදුව ලොකු ඇස් දාල.. එතකොට පොඩි ලමයි කවදාකවත් දැකල නැති ඒ ලොකු බෝල ඇස් වලට ආදරේ කලා..
- හානේ හරී සෝක්..
+ඒත් මම ආස නැ බොනික්කොන් ඒ උන් ඔයා වගේ නිසා
- ඒ කිවුවෙ... මම ලස්සනයිද ?? මම රෝස පාටයිද.. හුරතල්ද .. කියනවකො...
+අපෝ නෑ.. උන් වයින් කරාම කනක් ඇහෙන්න නෑ.. සමහර උන් අඩනව ඉවරයක් නෑ.. හරියට ඔයා වගේමයි...
- අනේ යනව යන්න නපුරා..!
==================
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්..
.
තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාලුවේ වෙලී හඩා වැටෙද්දි ජීවිතේ
මා දිහා ලගාව ඉන්න රත්තන් මගේ
‍.
මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ
========== ටී. එම් ජයරත්න මහතා
--කුරුළු--



9 comments:

  1. "අපෝ නෑ.. උන් වයින් කරාම කනක් ඇහෙන්න නෑ.. සමහර උන් අඩනව ඉවරයක් නෑ.. හරියට ඔයා වගේමයි..."
    අන්න කතාව

    ReplyDelete
  2. ඇත්තමයි අයියෙ, ඒ බ්‍රව්නි මාර ලස්සනයි.

    අදත් ලියවිල්ල මාර ලස්සනයි.

    ReplyDelete
  3. "අපෝ නෑ.. උන් වයින් කරාම කනක් ඇහෙන්න නෑ.. සමහර උන් අඩනව ඉවරයක් නෑ.. හරියට ඔයා වගේමයි..."
    අන්න කතාව//
    //මම උන්ට ආස නැත්තෙ ඒකයි//

    ඒ උනාට ඔයා උන්ට ආසත් ඒකයි..(සුදු නංගි ත් ඒ වගේලු..ඉතිං සුදු නංගිට ආසයිනේ )
    :D
    Reply

    ReplyDelete
  4. වලස්සුන්ට නම් මුකුත් කියන්ඩ එපා හරිද අයියේ.... මේ ලෝකෙ මට නම් ලස්සනම ඒ අය...

    ReplyDelete