Sunday, May 26, 2013

=== මගේ අන්තීම කැමති පත්‍රය ===



එය මෙසේ සිදු විය හැක....
වෙ න කෙදිනකවත් නොමැති වූ ලජ්ජාවකින් හා නුහුරු නුපුරුදු බවකින් මා සිත වෙලෙන්නට පටන් ගෙන තිබේ...
නිතර නිතර ඇදුම දෙස බලන්නෙමි...
හුරු නැති සපත්තුත් ඔෆිස් අදින වර්ගයේ කලිසමත් අත් දෙක දිගට කර දමා ඇති කමීසයේ බොත්තමත් හැමදාම කොතැනත් එලියේ දමාගෙන සිටින මාගේ මාල ටික වසා ගෙල සිර කැ ඇති ටයි පටියත් ටිකින් ටික වාතයක් වේගෙන එනු ‍දැ‍නේ...
ඒ මදිවාට දාඩිය ගලයි.. මේවැනි ඇදුමකට මම පීරණ කොණ්ඩය ගැලපෙන්නේම නැත. අම්මාට කොතෙක් කීවද මේ ඇදුම අන්දවා ග්තතේ ඇයයි...
මම ඇතුලින් කසන මේස් කකුල අඹරවමින් කමීසයේ බැගී වැටී ඇද්දැයි බැලීමි..
කමීසය වෙනදා මෙන් ඉරි හෝ කොටු හෝ නොව අද අම්මා ප්‍රිය කරන තනි ලා පාටය ඊටම ගැලපෙන කලිසමකි මට හුරු ඩෙනිමද නැත..
සාමාන්‍යප්‍රමාණයට වඩා දිගින් වැඩි මගේ පර්සය එලියට පැන ඇත.. ජංගමය නිසා එක සාක්කුවක් ඉස්සී ඇත.. අනිකේ ලෙන්සුවක්ය..
මටම මා විකාරයක් වී ඇත...
මූණට උදේ අම්මා ගෑ ක්‍රීම් ජාතිය දියවෙන්නට පටන් ඇති බවක් පෙනේ...
හීන් සීරුවේ ලේන්සුව ගෙන පිහදාගතිමි. ඒ පස්වෙනි  වතාවටය..
අම්මාටත් අප්පච්චීටත් කිසිම ගානක් නැත.. ඇලී ගත් කතාවේම පසුවෙයි... ඔවුනේ මුව පුරා සිනාය මට නම් නැගිටින්නේ කොයි වෙලේදැයි බල බල සිටිමි...
බයකටද මන්දා මඩද පෙරලෙයි..
හීන් සීරුවේ මට ඉදිරිපස වාඩිවී සිටින මල්ලි දෙස බැලීමි..
අපතයෙකි ! මෙතෙක් වෙලා මා දෙස බලා සිට ඇත.. දිව දික් කර සිනාසෙයි !
දැන් නාට්ටියේ හොදම හරියයි..
පුතා මොකද කරන්නෙ..
අහ් මම මගේම කම්පැනියෙ ඉන්නෙ...
හොදයිනෙ එහෙමද.. පුතා මොනවද ඉගෙන ගත්තෙ..
(ඉස්කෝලෙ උගන්වන ඒව තමා කියන්නට කටට ආවත් ගිල ගතිමි)
කොමස් නේ අංකල්....
හොදයි හොදයි.. මොකෝ නිකං බය වෙලා වගේ..
නෙද්දකින් විස්කිඹුලා , මමනෙ දන්නෙ මේකෙ ර‍‍ගේ..
වේලාව හරිය.. දැන් ආ කාරය පටන් ගති...
දොර රෙද්ද මෑත් විණ... මුලින්ම වළලු දැමූ අතක්ද ඉන්පසු කෙමින් ගෑනු පරාණයක්ද මතුවිය..
ලා රෝස පාට සාරියකින් හැඩ වුණ ඈ කොන්ඩය තනි ගෙඩියක් සේ පස්සට බැද තිබුනි...
ඇස් දෙක දිගැටිය හීන්ය.. කෙස් නම් කලුම කලුය.. හීනි කෙන්දක් වැනි රත්තරන් මාලයක් බෙල්ලේ රුවාගෙන සිටියාය.. බුලත් හෙප්පුවක්ද  සමග සෙමින් සෙමින් ඈ අප දෙසට ඇදෙන්නීය...
මා දියෙන් ගොඩ දැමූ මාලුවෙකු සේ වෙවුලනු දැනේ...
ඉදිරියට විත් ඈ- මා අසප නතර වූවාය...
කර කියා ගත නොහැක.... මම මොකෝ කරන්නනෙ.. මේකි මේ කන්ඩ වගේ බුලත් හෙප්පුව මට දික්කරන්නෙ මොකෝ..... රෙද්ද
"පුතා ගන්න බුලත්.." ඒ අම්මාය
මම සිනාසී බුලත් කොලයක් ගතිමි...
අම්මට සිරි වෙයි ! ඇගේ මුහුන දැක්කේ දැන්ය... පොලව පලාගෙන යන්න සිතුනි... මේ ඇයය..!
සැබැවින්ම ඇය ය ! මට නෙත් අදහා ගන්නත් බැරි විනි...
ඇය කිසිත් නොදන්නා සේම නැවත හැරී ගියාය..
අන්කලයා මා දෙස හිනාවී කන්න වාගේ බලමින් හිදී.....
මලමගුලකි හැමෝම බලන්නෙ මා දෙසය... කවරදාකවත් අපහසුවක් දැක නැත...
ලජ්ජාව පසෙක ලා කටහඩ අවදි කලෙමි.... කෙලින්ම අන්කලයාව ඇමතුවෙමි.
අන්කල් මට එයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද දැන් !...
සිය්ලලොම බක බක බක ගාති.. මම උඩ බිම බලමි..
හොදයි හොදයි....දුව.... මේ කුරුළුට කතා කරන්න ඕනලු...
එහෙනම් දෙන්න කතා කරපු දෙන් අපි යමු තේ බොන්න ඇතුලට....
ඇය ඇඹරෙමින් ඉදිරියට ආවාය.. මම එලියට ගොස් වත්තේ බංකුවේ වාඩි වුනෙමි... ඇයි ලගින් හිට ගත්තාය....
*කේ ගෙඩිද වාඩිවෙන්න බැරිද ? අසන්නට සිතුනත්...
සමා වෙන්න ! මට මේ ඇදුම් එච්චර හරියන්නෙ නෑ.. මේ මගේ හරි විදිහ නෙවේ.. මම ආස ඩෙනිමටයි ටීෂර්ට් එකටයි...
ඇත්තද ! මාත් මේ සාරියට කැමතිනෑ අම්මනෙ ඇන්දුවෙ.. එ ්නිසා කමක් නෑ..
වැඩේ ගොඩය.......
දුවේ ඉතින්.. ඔයා හරි කැමති නේද රොස පාටට !
දුවේ... ! මගේ නම දුවේ නෙවේ හොදේ මගේ නම ***** .
මම හිතුව දුවේ කියල... ඉතින් *** ඔයා ආසයි නේද රෝස පාටට..
ඔයා දන්නෙ කෝමද !
අයියෝ සිම්පල්නෙ ඔන් කෙල්ලෙක් ආස ඒ පාටටනෙ " කියන්නට සිතූවත්.. ගිල්ලෙමි..
මට කෙලින් කියන්න ඔයාට ආදරවන්තයෙක් ඉන්නවද !
ඇයි උඩ බිම බලුවාය.. ඔයාට පිස්සුද අප්ප..
හා හරි එහෙන්ම් කමක් නෑ... මම විහිලුවට ඇහුවෙ.. ඔයාට මාව ඇත්තටම මතක නැද්ද..
ඇය නැවතත් බිරාන්ත විනි.. නෑ මම ! යාව දන්නෙ නෑනෙ මීට කලින් !
හ්ම්... ඒකත් එහෙමද ! ඇයි ඔයාට මතක නැද්ද ගිය අවුරුද්දෙ කඩවත මහර වෙසක් කලාපෙ 2013 දි අපි හම්බුනා..
අප්පෝ... මට මතක නෑ එදා සෙනගනෙ...
ඒකනෙ මට මතකයිනෙ.. ඔයා එදා ඇදල හිටයෙත් රොස පාට ටී එකයි කලු ඩෙනිමයි.. ඒකට මාර මැචින් ආ... මම ඉ්සසෙල්ලාම දැක්කෙ පාරෙදි එත් මම හිතුවෙ නෑ ඔයා මට ආයෙ හමුබුවෙයි කියල ඒත් ඇතුලෙදිත් බාගයක් දුරට යනකම් ඔයා මගේ ලගින්මයි ගියේ වෙස්ක් කූඩු බලබල..අර නංගි කෙනෙක් හිටයෙ ඔයාගෙ අතේ එල්ලිගෙන.. අම්ම නැතිව හෙවුවෙ අනේ... මමත් එතැන බොරුවට නැවතිලා ඔයා දිහා බැලුවෙ අනෙ මතක නැද්ද අර... අර..අන්නාසි කාරය ලග.... ඔයා හිනාවුනෙ...
ආ............ අම්මෝ එ ඔයාද අර බකමූනෙක් මුලු පපුව පුරාම තිබුන ටීෂර්ට් එකක් ඇදල බේල්ලෙ ප්‍රොසෙසර් එකකුයි තව මොකක්ද ගෙඩියකුයි එල්ලන් හිටියෙ..
ඔය මතක තියෙන්නෙ.... එදා මම ඔයාව කොච්චර හෙවුවාද....මම හිතුව ඔයාව ආයෙකොයි වෙලේ හරි මට එහෙදි හම්බෙයි කියල.. මම හැම තැනම බැලුව එ විතරක් නෙවේ අපි වෙසක් බලන්න ගිය හැම තැනම බැලුව.. මම ගොඩාක් පසුතැවිලි වුනා එදා ඔයාට නොම්බරයක් වත් නොදීපු එකට..
හිහ්.. දුන්න නම් අපි ගනියි..! අපිට වෙන වැඩනෑනෙ වෙසක් බල්න්න එන කොල්ලො දෙන නොම්බර ගන්න..
හ්ම්... ඒකත් ඇත්ත එදා මම එහෙම දුන්න නම් අපි දෙන්නම වැරදි වැටහීම් ඇති කර ගන්නව... එක් මම හිතනව ඔයා දෙන දෙන නොම්බරෙ ගන්නව කියල අනික ඔයා හිතනව මම දකින දකින කෙනාට නොමබර දෙනව කියල... ඒක එහෙම නොවුන එකත් හොදයි...
ඉතින්.. මොනවද මා එක්ක කතා කරන්න ඕන කිවුවෙ.. ඉක්මනට යන්න ඕන තේ මේසේ ලෑස්තියිනෙ...
නෑ.. මුකුත් නෑ...... මම කැමතියි ඔයාව බඳින්න... මම ඇත්තටම කෙලින්මයි කිවුවෙ...
ආහ් ඒකද... හරි මම එහෙමනම් යන්නම්....
කිසිවක් නොපැවසූ ඇය හැරී යන්නට ගියාය.. මම ඇය යන දිහාව බලන් සිටියෙමි.. ඒ පැත්තත් කැතක් නැත...
"මේ ඉතින් ඔයා උත්තරයක් දුනනෙ නෑනෙ... "ඉවසා වදාරා බැරිම තැන උස් හඩින් වැමෑරුවෙමි..
දොර ලග නතරවුන ඈ... නැවත හැරී..
" මම අකමැතිනම් අද එන්න කිය්නනෙ නෑ.." පවසමින් ගෙට දිවුවාය.....
------------------------------------------------------------------------------------
මේ මාගේ අන්තීම කැමති පත්‍රයයි! මෙහි යට කී කාරණා පමණක් සත්‍ය ලෙසම සිදු වු අතර ඉහත කී කාරනා සිදුවීම් පෙල මෙසේ සිදුවනවා දකින්නට මම අන්තීම කැමැත්තෙමි !
-----කුරුළු-----

No comments:

Post a Comment