Sunday, April 28, 2013

මාලිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැන්දා -- වාසනාවන් ඒ සැඳෑවට මම ඇවිත් යනවා




අයිය මේ අහන්නකො......
-හ්ම්..
හ්ම් ‍නෙවේ අනේ මේ අහන්නකො...
-කියන්න ඉතින්...
මට අදාරේද ?...
-නෑ ...
නෑ... ඇත්තටමද...?
-ඔවු..
ඒ කිය්නනෙ මට ආදරේ නෑ...
-නෑ ආදරේ නෑ...
මම ඇත්තටමයි අහන්නෙ හොදේ ආයෙ අහන්නෙ නෑ..?
-මාත් ඇත්තටමයි කිය්නනෙ..
ඒ කිය්නනෙ ඇත්තටම නෑ...?
-දැන් අන්තිමට පස්සෙත් ඇහුව නේද ? අවුරුදු ගානක් එකම කියල මට එපා වෙලා අනේ.. කොච්චර කිවුවත් එකයි.. මම ආදරේ නැත්තං මෙච්චර කල් ඔයා එක්ක ඉඳිද... ආදරෙ ්නැතිනම් ඔයාව බලන්නමෙහමෙ එයි.. ඔයත් එක්ක ඇවිදියිද...

ඒ කිය්නනෙ ඔයා මට ආදරෙයි...!

(කෙසේ හෝ මා ඇවිටිලි කරවාගෙන මා තරහ අවුසසාගෙන මාගෙන් ආදරේදැයි අසාගන්නා ඇය මොහොතක් නිහඩව වාහනයේ අප පසුකර යන ගොඩනැගිලි දෙස බලා සිටියි... ඈ නිතරම ආදරේ දැයි අසා සිටින්නේ ඇයි දැයි මා නොදන්නා නමුත් ඈ ඒ බව ඇසීමට බොහෝ ප්‍රිය කරන බව දනිමි- එහෙත් ඒ මා හට වදයක් බවත් ඈ හොදහැටි දන්නීය.. ඒහෙත් වරින් වර අසන්නීය.. මමද හිතේ තියෙන නපුරු කම හින්දාම ද මන්දා ඇය අසනා සෑම වාරයකම ඇයවත් කේන්ති අවුස්සමි )

ඒක නෙවේ මට අයියට බඩ්ඩක් කියන්න දෙයක් තියෙනව...
(නැවතත් ඇය සුපුරුදු ලෙස නිහඩ තාවය බිදින්නීය)
--කියන්න ..
එහෙම කියන්න බෑ..
--එහෙනම් නිකා ඉන්නව ඉතින් මට මොකෝ..
එහෙම බෑ.. මට මොනව හරි දෙනවනම් කියන්නම්..
--ඒ ඇයි.. මට කිය්නන බැරි දේවල් මට බලෙන් අහන්න ඔන් නෑ පගාවල් දීල...
අනේ එහෙම බෑ.. මට ඒක කියන්නම ඕන...
--එහෙනම් ඉතින් කියනවකො ඇඹරෙන්නෙ...
මම අයියට ආදරෙයි ගොඩාක් ගොඩක් ගොඩාක්....
-හා...
ඇ... හා විතරද.. ඇයි මට ආදරේ නැද්ද..
--ඇයි මම ඉස්සෙල්ල කිවුව‍ෙ..
ඉස්සෙල්ලනෙ ඒ දැනුත් කියන්න ඉතින්..
--මොන වදයක්ද මේ...
අපෝ හරි හරි ඔන නෑ අපිටත් බලෙන් අහගන්න ඔන් නෑ හරිද ...ආ‍දරේ.. ආදරේ නෙවේ නපුරු කම නම් තියෙනව ඇග පුරාම... ආදරෙ කවි ලිවුවට මොකෝ...හුහ්.. ආ...
මේ මම අහන්න හිටියෙ.. හරි ජොලි ඇති නේද මෙයාට කවි වලට කෙල්ලො කොමෙන්ට් කරනකොට..
--මට..? ජොලි,? නෑනෙ.. කවදාකවත් දැනිල නෑ....
අනේ මේ.... ස්වීට් අයියෙ.. කූල් අයියෙ.. කුරුළු අයියෙ නියමායි.. කිය කිය කෙල්ලො දානකොට මෙයත් ඉතින් හෙන උඩ යනව ඇති... අහුවෙන්නෙපා හොදේ...
--අනේ මේ විකාර කියවන්නෙ නැතිව ඉන්නවද.....?
ආ... එතකොට මං විකාරයක් ...! ඒ කෙල්ලො හොදයි.... හුහ්.. ඕන එකක් කරගන්නවකො.. කෙල්ලො වට කරන් ඊට පස්සෙ නම කැත කරගන්නවකො.. මට කිය්නනෙ පා.. !
--අපො ්නෑ පිස්සුද ඔයාට කියන්නෙ නෑකෝමත්..
මේ එන්නෙපා හරදි බෙල්ල මිරිකනව මම..ගගගර්ර්ර්...
--දැන් එපා මම මේ කාර් එක අයින් කරල නවත්තන්නම් එතකොට මිරිකන්න ඕන තැනක්...
චිප් කුරුල්ල..... අයිය දන්න‍ෙ නෑ මේ නංගිගෙ හැටි පරිස්සමෙන් හොදේ...
--දැන් ඉතින් මගේන් අහගන්න තමයි හදන්නෙ ඈ... නවත්තවද නැද්ද !!

( නැවත ඈ මුනිවත රකින්නීය... එවර මුහුණ ‍බෙරි කරගෙනය.. කිසිදු හිනාවක් නැත... ආහ් නැත නැත.. ඇය මට නොපෙනෙන්නට එහා පැත්ට හැරී සිනා වෙනු පෙනේ.. මා කොතරම් තේරුම් බේරුම් කලත් ඇයි කිසිදා තේරුම් නොගන්නා එකම කරුණ නම් එයයි.. මම කිසිත් නොකියමි ඈ සැනසීමෙන් පලක් නැත.. ගැහැණුන්ගේ සැටිය.. හෙට සිට මා කවි නැවත්තුවහොත් ඈ මාගේ වෙනත් වරදක් සොයා ගනු ඇත... එය වරදක්මත් විය යුතු නැත... )

මේ ඒක නෙවේ අයියෙ... මට ඔයාගෙන් දෙයක් තියෙනව අහන්න - අහන්නද ???
@$$$%^&*()%$$@$^*&^%$@!ර්‍!@@$$%.........
--කුරුළු--

4 comments:

  1. එහෙම වුනා :O ??? අපිට කොයි පූසෝ බලමාළු අපි කනවා කුම්බලා මාළු :'(

    ReplyDelete
  2. ආ‍දරේ.. ආදරේ නෙවේ නපුරු කම නම් තියෙනව ඇග පුරාම... ආදරෙ කවි ලිවුවට මොකෝ...

    ReplyDelete