---පෙර වදනක් නැති අපි පෙම් පුරාවතකට -මට
කුමටද තව පසු වදනක් ! නුඹගෙන් !! --
දැන් දැන් ඇයගෙන් ලැබෙන කෙටි පණිවිඩ බෝ
සෙයින් දිගු වේ..
ඒ හැම එකකම වාගේ ලියා ඇත්තෙ අප තුල වූ
අපට අහිමි වූ ආදරය ම දැයි මට වෙලාවකට
සිතේ.. එය අපි අහිමි කර ගත්තාද නොඑසේනම් අපට අහිමි කලාද යන්න මාද ! ඇයද ! තවම
නොදන්නා කරුණකි..
අප දැන හැදින මිතුරු වීමට , ආදරය කිරීමට පෙර මම මෙලෙස මාගල් මේන් දිගු -
කෙටි පණිවිඩ යැවූ හැටි හොදහැටි මතකය... ඒ ඇගේ ආදරය දිනා ගැනීමටය...
එය සාර්ථක විය..
එහෙත් දැන් !!!!
දැන් දැන් ඇය විසින් සිදු කරන්නේද එයම
බව ! හිතට තේරුම් කර දීමට පවා මම අපොහොසත් වීමි.. එසේ නොමැතිනම් එතරම් මා ඇය
වෙනුවෙන් කුරිරු වී හිඳිමි...
මා මින් පෙරත් දවසක නුඹටකීවා මතකඇති..
දෙදෙනෙක් එකට හිද බංකුවකින් නැගිට
දෙපසට යන්න යන්න දෙදෙනා පියවරෙන් පියවර ඈත් වන වා මිසක් ලංවීමක් නැත...
දැන් අප අපව නොපෙනෙන තරම් දුර ගොස්
ඇතිතැයි විටෙක මට හැගේ... තවම අප අතර ඇත්තේ මේ කෙටි පණිවුඩ පමණි.. එද නැවැත්වීම
සඳහා මාගේ සිම් පත අලුත් කර ගැනීමට සිතමි...
මින් පෙර මටත් වඩා මා පෙම් කල නුඹට මා
මෙතරම් වෙනස් කම් කරන්නේ කෙසේදැයි ? මට
වත් පිළිතුරු නැත...
බාගදා මාගේ කවි කම ඊට පිලිතරු සපයනු
ඇත... කොහෝ හො ඉද මා දෙස බලා ඉන්නා බව මම දනිමි... ඒ බලාපොරෝත්තුව ඇතිව මමද
ජීවිතයට මුහුණ දෙමි...
අපට අපි හිටි නැතත්.. ඒ අහිමි වීම තුලම
හිමි වීම ඇතැයි දැන් දැන් සිතේ...එබැවින් අප වෙන් කළ සියල්ලන්ටම තුති...
--කුරුළු--
අනේ මන්දා කුරුළු අයියේ.......... ඔයා හරිද?
ReplyDelete