Friday, April 12, 2013

----සඳ කිඳුරට පෙර---





----සඳ කිඳුරට පෙර---
මා බොහෝවිට නිහඩව ජීවත් වන්නෙක්මි..
මහ හඬ නගා සිනාසේනනේද , මහ හඩින් හඩන්නේද නැත...
කිසිවක් කෙරෙහි වැඩි ඇල්මක් හෝ ද්වේෂයක් නූපදී..
දිනපතා පැය කිහිපයක් භාවනායෝගීද වෙමි..
එහෙත් මට ගැටලුවක් ඇත...
කිසිවකට ඇලුම් නොකරන මා නුඹට මෙතරම් ඇලුම් කිරීමය!
නුඹ හා එක්ව හුන් ඒ සොදුරු අතීතය මතක් කර මහ හඩින් සිනාසෙමි..
තවත් විටෙක ..
අතරමගදී අතහැරුණු නුඹ ගැන මතක අවදි කර බිළින්දෙකු මේන හඬන්නෙමි..
බොහෝ විට ඒ පිළිබඳ බිඳිනු සිතින් පසුවෙමි....
මා මුලදී සිතා සිටියේ මා  සෝවාන ට ළඟ බවය..
එහෙත් ලෝකකෝත්තර සැප මා හට ඉතා දර බව දැන් දැන් දැනේ..
ලෞකික වූ නුඹගේ චිත්තයට මා බෝ සෙයින් ඇලුම් කරමි...
යසෝධරා.. මට සමාවන්න...
මා එකල සිදුහත් නොවෙමි.....
දැන් නුඹ ඇතැර මට යා නොහැක... ඒ මාගේ අදිටන අඩුවීම වත් වෙන යම් හේතු නිසාවත් නිසා නොව..
මා නුඹට ඇලී ඇති නිසාය...
එකල බුදුවරුන් ,
නොඇලෙන්න, අල්වා නොගන්න යැයි දේෂනා කොට ඇතත් ස්ත්‍රිය යනු ලෞකික සැප කෙරේ අප ඇද බැද තබා ගන්නා පූංඡයක් බවත් දේශනා ඇති බව උගන ඇත....
නමුත් මා කෙරේ උකටලී නොවන්න....
මේ මහත් ලෝවාසී වැස්සන්ට සසරින් එ‍තෙර කර වීම සදහා සත්‍ය සොයා යෑමට කාලය නොවේ යැයි මට සිතේ....
මෙරමා ක්ෂාන්තිය උදෙසාම කැපවෙමියි   සිතමි...
සමාවුව මැනව.... පියජුන්ටද දන්වන්න.....
ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම ලබන්නාවූ මතු භවයකදීම වේවා....
-- මම ! නුඹට එතරම් ප්‍රේම කරමි..-
ඒ භවයේදීත් මා සහායිකාව වී මා අසලම ඉපැදේවා...
---කුරුළු---

1 comment: