Wednesday, May 23, 2012

නිහඬ කල්පනා ලොවක තනිවෙලා....




ඊයෙ මම ඔයාව දැක්ක..
ඔයත් මාව දැක්ක..... නොදැක්ක වගේ ගියා......

*********************************************
“ අතරමඟ හමුවුණෝත් නුදුටුවා සේ යන්න
මගේ ගැන ඇසුවොතින් කිසිත් නොදොඩා ඉන්න”
*********************************************

මම මගෙ බයිසිකලෙන් යනකොට මම දැක්ක ඔයා මගේ ඉස්සරහට එනව
තනියෙම නම් නෙවෙයි - තවත් පිරිමි ලමයෙකුත් එක්ක..
මොන තරම් සංකල්පනා ලිවුවත් මම ඔයාව පුළුවන් තරම් නොදැක් ඉන්න උත්සාහ කලා නංගි
ඒත් ඔයා ඒ දැක්පු ගම්න් පහුගිය දේවල් ඔක්කොම මගේ ඔලුවට කඩන් වැටුණ ආපහු...

ඒ ඔයා එක්ක හිටිය එක්කෙනා කවුද ?

ඔයා ගෙ ආදර වන්ත‍යද ? යාලුවෙක්ද ?
මම - ඔයාල මාව පහුකරල යනකන් බලන් හිටිය...
අයෙත් මගේ බයිසිකලේ සයිඩ් කණ්නාඩියෙන් බලන් හිටියෙ ඔයා නිකං හරි හරිල බලයි කියල..

ඔයාට මාව අමතක වෙලා...
මම එහෙම්මම බලන් හිටිය...

ඔයාල අත් අල්ලන් නෙවෙයි ගියේ... වැඩිය කතා කලෙත් ණෑ.. ඔහේ පාරෙ ඇවිදන් ගියා...
යාළුවෙක් වෙන්න ඕන....
මම මටම කියා ගත්ත.......

හිත හදා ගත්ත.....

මම හෙල්මට් එක ආයෙ දාගෙන අන්තිම පාරටත් ඔයා දිහා බැලුව සයිඩ් කණ්නාඩියෙන්..
ඔයාල දෙන්න පුංචි තිතක් වෙලා එතකොට.....
හ්ම්...........................
අවාසනාවට ... මම ඒ වෙලෙයි දැක්කෙ මගේ සයිඩ් කණ්නාඩියෙ ලියල තිබුණ දේ..

THE OBJECTS IN THE MIRROR ARE CLOSER THAN THEY APPEAR
(මුන්ටත් වෙන එකක් නැද්ද මන්ද ගහන්ඩ... )

ඒක ඇත්තද නංගි..... ?

**************************************************************
එදා -
“ මම ඔයාට ආදරෙයි ? “ ඔයා කිවුව මම විශ්වාස කලා
“මමත් ඔයාට ආදරෙයි ? “ මම කිවුව ඔයා විශ්වාස කලා

‘මම මේ මුලු ලොකෙන්ම වැඩියෙන්ම ආදරේ ඔයාට”
ඔයා කිවුව මම විශ්වාස කලා.....
‘මම මේ මුලු ලොකෙන්ම වැඩියෙන්ම ආදරේ ඔයාට”
මම කිවුව ඔයා විශ්වාස කලා

“ මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ..... මමම මැරෙයි.”
ඔයා කිවුව මම විශ්වාස කලා
“ මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ..... මමම මැරෙයි.”
මම කිවුව ඔයා විශ්වාස කලා....

අද -
“ මම ඔයාට ආදරෙයි ? “ ඔයා කිවුව එයා විශ්වාස කලා
“මමත් ඔයාට ආදරෙයි ? “ එයා කිවුව ඔයා විශ්වාස කලා

‘මම මේ මුලු ලොකෙන්ම වැඩියෙන්ම ආදරේ ඔයාට”
ඔයා කිවුව එයා විශ්වාස කලා.....
‘මම මේ මුලු ලොකෙන්ම වැඩියෙන්ම ආදරේ ඔයාට”
එයා කිවුව ඔයා විශ්වාස කලා

“ මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ..... මමම මැරෙයි.”
ඔයා කිවුව එයා විශ්වාස කලා
“ මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ..... මමම මැරෙයි.”
එයා කිවුව ඔයා විශ්වාස කලා....

---  ලජ්ජ නෑ.... ඔයාටද ? එයාටද ? මටද ? -------

---------------------------------- කුරුළු ය ------------------------

2 comments: