Tuesday, May 15, 2012

ඔච්චම් කර කර - හංකිති කවනා ආදරේ.......




*****************************
ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන් තනිවූ වෙලාවක
---- මා හැර දමා ගිය මියු ලැසී----
*****************************
මම දැක්ක ඔයා මේසෙට ඔලුව තියන් ඉන්නව
අපේ මුළු ස්ටාෆ් එකම හොයනව මේ කුරුල්ල කවුද කියල

ඒත් ඒක දන්නෙ ඔයයි මායි විතරයි

ආහ් ඔයා දන්නෙත් නෑ---

මතකද හවස?
ඔයා එක පාරටම ඔලුව උස්සල මගේ දිහා බලල‍‍‍ හිනාවුණා
ආයේ එහෙම හිනා වෙන්න එපා නංගී
මට ඒක දරාගන්න බෑ

ඔයා කා එකක් හරි යාලු වෙලා නේද ඉන්නෙ.......?  :(

හ්ම්... මම හිතුව හරි..... කෝච්චිය ගිහින්
නලාව ගහන්නෙ නැතුවම....
******************************
ඔච්චම් කර කර - හංකිති කවනා ආදරේ.......
******************************

සමහරු කියයි කොල්ලො ඉන්න කෙල්ලොන්ට ආදරේ කරන්න එපා කියල

ඉතින් මම කලින් දන්නව යෑ.. දැන් මොනා කරන්නද.. ? අනික තාම හරියටම දන්නෙත් නෑ..
ඔය කෙල්ලො හරියට පච කියනව... කොල්ලො ගැන...
බොරු නෙවෙයි යාලු...
මම ආදරේ කරනව හදවතින්ම
සමහර විට මට ඔයාව අයිති කර ගන්න බැරි වෙයි කවදාකවත්ම
එහෙමත් නැත්නම් ඔයාම කියයි මට ආදරෙයි කියල දවසක

මම ආදරෙයි
ඓයිශ්චර්යාට ආදරෙයි - රාණි මුකර්ජිට ආදරෙයි - ප්‍රියංකට ආදරෙයි
කාංචනා මේනඩිස්ට ආදරෙයි - ශලනි තාරකාට ගොඩක් ආදරෙයි - 
හසිනි ගෝනගලට ආදරෙයි
පුදුම ආදරයක්....................................

ශාරුක්ට ආදරෙයි - අභිෂේක්ට ආදරෙයි - අමීර්ට ආදරෙයි
දුෂ්‍යන්ත්ට ආදරෙයි - සෞමය ලියනගේට ආදරෙයි - ශිහාන්ට ආදරෙයි - නදීක ගුරුගේට ආදරෙයි

හිත ආදරෙන් පිරිල
හත්ඉල්ව්වයි  මම කාටවත් වෛර කරන්නෙ නෑනේ... 
හැමෝටම ආදරෙයි......
මම දන්නව බං - උඹල මට හිණාවුණාට
උඹලත් එහෙම තමයි.................
*************************************
මුණ ගැසී කියන්න බැරි තරම් ප්රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් තියේ
හසුනකින් ලියා එවන්න මා කෙරේ
හඬ හඬා නුඹේ නමින් ගෙවෙන්නෙ ජීවිතේ
*************************************
------------------------------සෙස්ස පස්සට----- මම් කුරුළු-----

අපි ආයෙමත් හමුවෙමු.....

1 comment: