Tuesday, May 15, 2012

පෙරවදනක් ‍නොදන්නා ආදරයක - පසුවදන




මට හිතෙන්න‍ම  මම දැන් පරක්කු වැඩිද මන්ද කියල
අනේ ජීවිතේදි එක පාරක් හරි 
මට ඔයාගෙ අතින් අල්ලල ආදරෙයි කියන්න ලැබෙනවනම්
මම එච්චර පිං කරල නැතුව ඇති - වාසනාවන්ත නැතුව ඇති
*********************
ඔබ මගේ වෙලා - මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න - ආදරෙයි කියා
*********************
මතකද ඔයා දවසක් මට බැන්න හැටි
" පිස්සු හැදිලද අයිය ඔයාට ? "
මට පිස්සු නැ නංගි මගේ ආදරේටයි පිස්සු....
ඔයා මට කොච්චර රැවුවද ? නපුරු විදියට බැන්නද?

" අ‍නේ අතෑරපන් බන් මතක නැද්ද ඕකි උඹට කියපුව " -
මගේ යලුවො තාමත් මට බනිනව..

ඇත්තටම

ඹයා මට සලකපු නපුරු විදිහ මට මතක නෑ - මම ඒව හිතේ තියන් ඉන්නෙ නෑ..
එතකොට දුකයි...
ඒත් මම එකක් දන්නව
"ඔයා මට ආදරෙයි - අඩුම ගානේ ලඟකදි ඉඳන් හරි ආදරෙයි.."
මට ඒක ඔයාගෙ ඇස් දෙකින් පේනව.. කටහඩින් දැනෙනව...

ඒත් ..... ඒත් දැං මට ආදරෙයි කියල කියන්න ඔයා බයයි.....
එහෙම නැත්නම් ඔයා ඔයා‍ගෙ එක තීරණයක් ඇතුලෙ හිර වෙලා

ඒත් දැනුත් මම කියනව - තාමත් මම ආ‍දරෙයි ඔයාට
තරහ වෙන්න එපා එහෙම කිවුවට
-- ආදරේ හංගගෙන හොද මිනිහ වෙනවට වඩා හොදයි- ආදරෙයි කියල නරක මිනිහ වෙන එක
දවසක ඔයාටම තේරේවි ඔයා මට කොච්චර ආදරේද කියල
ඒ ගැන ඔයාම ඇවිත් කියාවි---  අන්න එදාට මමම අහන් ඉන්නම්......
කන් පිරෙන්ඩ
*******************************
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද
මට නුඹ විතරක් වුණාට
නුඹට ඉන්නේ ..................... ???????
*******************************

-------------------- සෙස්ස‍ පස්සට---- මම් කුරුළු-------

3 comments:

  1. ආදරේ හංගගෙන හොද මිනිහ වෙනවට වඩා හොදයි- ආදරෙයි කියල නරක මිනිහ වෙන එක

    ඇත්ත තමා.. ආදරේ අහිමි වුනත් ,හිත හදාගන්න පුලුවන්.. මම ආදරේ කිව්වානෙ කියලා..

    ReplyDelete
  2. ඒක තමයි මම ත් කියන්නෙ

    ReplyDelete
  3. ආදරේ හංගගෙන හොද මිනිහ වෙනවට වඩා හොදයි- ආදරෙයි කියල නරක මිනිහ වෙන එක...

    ReplyDelete