Wednesday, May 16, 2012

අප පමණද එකතැන කැරකෙන්නේ.....





" සමහරු මාව හම්බවුණාම කියනව - 
ඔයාගෙ සංකල්පනා හරි ලස්සනයි
 මම එකක් දෙකක් එහෙන් මෙහෙන් කියෙවුව
ඒත් ඔක්කොම කියවන්න මට වෙලාවක් නෑනේ....
ඒ අයට මම කියන -
කොච්චර වැඩ තිබුණත් අඩු ගාණේ සින්දුවක් අහන්න,
නිඳියන ඇඳ ගාව පොතක් තියා ගන්නනිදියන්න කලින් එක පිටුවක් හරි කියවන්න,
ඉරිදටවත් පත්තරේ කියවන්න
ඔප්ස් එකේ මහන්සිනම් - කවියක් ලියන්න ට්රයි කරන්න
අඩු ගාණෙ සතියක් යනකොට ඔයා කවියක් ලියාවි
හැම මාසෙම අලුත් ඇඳුමක් ගන්න - ඒ එක්කම පොතකුත් ගන්න
මාසෙකට වතාවක් හරි වේදිකා නාට්‍යක් - සංගීතයක් බලන්න යන්න
පිල්ම් එකක් බලන්න යන්න - ඒ එකක් වත් බැරි නම් අඩු තරමේ
මේ සංකල්පනාවව වත් කියවල හිනා වෙන්න......

වැඩ ගොඩ ගැහිලනම්
පාරට බැහැල වට පිටබල බල ඔහේ ඇවිදින්න, මිනිස්සු දිහා බලන්න දුකෙන් බර වුණු මූණු වලට හදවතින්ම හිනාවෙලා සුබ පතන්න.....
ඔට්ටුයි ඔයා හීනෙන් වත් හිතන්නෙ නෑ...
හවස වැඩ ඇරිලි කි.මී 10 ක් 15 ක් පයින් ගෙදර යන්න....
පිස්සු..............?
ගිහින් බලන්න මුළු ජීවිතේටම නොදැනුන දෙයක් 
දැනේවි බස් එකේ හිර වෙලා යනවට වඩා.. සනීපයි..
හැබිය පුංචි අවුලක් තියෙනව.. 
වැඩ කරල ගෙදර යනකොට පණ නෑ නේද... ?
ඒ ඔයා එකම දේට හෙම්බත් වෙලා නිසා...
ආසාවෙන් වැඩ කරමු... හිතන්න
දවසම මුට්ට කර ගහන මිනිස්සු හවසට පයින් ගෙදර යනව....... අපි ?

" ඒ අය හුරු වෙලා.... "

නෑ.. අපියි හුරු වෙලා ඉන්නෙ...

ජීවි‍තේට ආස කරන්න - ජීවත් වෙන්න ආසා කරන්න
ඉඳල හිටලවත් හැඟුම් වලට වහල් වෙන්න 
බැරිවෙලා හරි මේ ලෝකෙ රොද හොයා ගත්තෙ නැත්නම්...
බැරි වෙලා හරි ඔයාගෙ ඔපිස් එකේ AC එක අද කැඩිලනම්.. ?
හිතෙන දේවල් මම කියන්න ඕන නෑනෙ....

ඉඳ හිටල
කවියකට ගෙතෙනා
මගේ දුක්බර
හදෙහි නැගෙනා
නිබඳ පද වැල්
වලට හැරෙනා
කොතෙක් සොඳුරුද
සුසම දැනෙනා

මගේ පෙම නුඹ
ගැනම සිතෙනා
නුඹේ නම
නිතරෝම කියෙනා
දිනෙන් දින
ඇතුලතින් වැඩෙනා
නුඹට රහසකි
ලොවට දැනෙනා..

-------- කුරුලු ය ------

1 comment:

  1. ඔයාගෙ 'සංකල්පනා' හරි...........ම නපුරුයි :(

    ReplyDelete