Thursday, May 17, 2012

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ...




මේව කියවන සම හරක්ට හිතෙන්න පුළුවනි ආදරේ හරි බොළඳයි කියල ඒත් ඒ බොළඳ කම ඇතුලෙම මහා සාගරයක් තරම් වුණ ආදරේක බර තියෙනව - ඒ කියන මිනිස්සුත් ආදරේ කරනකොට අනන්තවත් බොළඳ කතා කියල ඇති.... “ 
♫♫ **********************************************
ආදරේට කියන කතා බොළද වුණාට
සාගරේක ගැඹුර දැනෙයි නොයවද ඔයාට
************************************************** ♫♫
ආදරේ නැති වෙච්ච රටක  - ආදරේ අහිමි වෙච්ච රටක
ආදරේ අහිමි කරපු රටක -  ආදරේ අහිමි වෙච්ච මිනිස්සු අතරෙ
ජීවත් වෙන අපි හරි පව්

මට තාම හිතා ගන්න බෑ අපි ඉන්නෙ අවුරුදු  14 ක ගෑහැණු දරුවෙක් ඉස්කෝලෙ ඇතුලෙ එල්ලිල මැරිච්ච රටක කියල - ඒ වගේම ඒකට හේතු විදියට ඒ වයසෙම පිරිමි ළමයෙක් අත්තඩංගුවට ගත්ත රටක කියල-

අක්ක බඳපු කෙනා එක්ක යාල වෙලා ඒ මිනිහත් එක්ක අක්කත් එක්ක තුන්දෙනත් එක්ක එකම ගහේ එල්ලිල එකට බෙල්ලෙ වැල දාගත්තු රටක කියල, 
අවුරුදු 19 - 20 ළමයි තමන් මැරෙන හැටි රෙකෝඩ් වෙන්න තියල එල්ලිල මැරෙන රටක කියල

පව් අපි ඔක්කොම......

නිකමට හිතනුන අපි කාට හරි පුළුවන් වුණානම් මේ දරුවෝ දෙන්නට ආදරේ කියන්නෙ මොකක්ද කියල කියල දෙන්න....

ඒක වටිනව හුගක්.....

ආදරේ කියන්නෙ නිකං ගෑණියෙකුයි පිරිමියෙකුයි විවාහ වෙන එකවත් ළමයි හදන එකවත් නෙවෙයි කියල මේ ලෝකෙ කවද තෙරුම් ගනීවිද ?
( මතක තියා ගන්න ඔනම පිරිමියෙක් ගෑණියෙක් ලස්සන ඇදුම් නැතිව හෙළුවෙන් ඉන්නකොට නෙවෙයි ඇතුම් ඇල ඉන්නකොට බව )
( අනිත් එක අපි හැමෝගෙම හෙළුව එකයි ගෑනු නම් ගෑනු පිරිමි නම් පිරිමි )

ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක්....................

බුද්ධ කියනවා - සියල්ලන්ටම මෛත්‍රී කරන්න කියල

යේසු කියනවා- අසල්වැසියාට ප්‍රේම කරන්න කියල

ඒ තමා ආදරේ... ඇයි අපිට බැරි ආදරේ කරන්න වචනාර්ථයෙන්ම ?

අපි බුදධට ආදරෙයි - යේසුට ආදරෙයි - අපෙ අම්මට - තාත්තට ආදරෙයි ඒව එහෙම්මමයි වෙනස් වෙන්නෙ නෑ....

අපේ ගෙට ආදරෙයි- අ‍ළුතෙන් ගත්තු ඇඳුමට ආදරෙයි - අපේ කාර් එකට ආදරෙයි යන්තන් වත් හීරෙනවට කැමති නෑ - හැප්පු‍නොත් මරා ගන්නව -
අපි පුංචි කාලෙ අ‍පිට ගෙනත් දෙන සෙල්ලම් බඩු වලට ආදරෙයි කොට්ටෙ යට -ළග තියන් නිදියනව ...ඒ ආදරේට..ෆෝන් එකට ආදරෙයි

ගස් වලට ආදරෙයි දියඇලි වලට ආදරෙයි ඒකයි අපි ඒව බලන්න යන්නෙ - පින්තූර අරන් එන්නෙ ....

අපි සත්තුන්ට ආදරෙයි - බල්ලන්ට - පූසන්ට
විශේෂයෙන් කුරුල්ලන්ට ( හික්ස්.....)
සත්තු වත්තට ගියාම අලින්ට ආදරෙයි සිංහයන්ට බය වුණත් ආදරෙයි....
ඒත් ප්‍රශන්යක් හැමෝටම ආදරේ අපි ?

මිනිස්සුන්ටත් ආදරෙයිද ? ඒ තරම්ම ....
අඩු ගාණෙ අපේ බල්ලට සලකන විදියට අපි පිට මිනිහෙක්ට සලකනවද ?
බල්ල අසනීපෙන්නම් ඌ මැරැණනම් නොකා නොබී අඩන මිනිස්සු ඉන්න ගෙවල් මම දැකල තියෙනව
ඒත් ඒ අය වෙන මනුස්සයෙක් පාරෙ වැටිල පණ ඇද ඇද හිටියත් අහක බලන් යනව අ- ඇයි ඒ

මතක තියා ගන්න අපි තාමත් අපිව හඳුන්වන්නෙ මනුස්සයො කියල ?

කොච්චර දුරට අපිට ඒක ගැල පෙනවද කියල බලන්න... නැත්තම් අපිට කියන්න වෙන නමක්  හොයා 
 ගන්න...

සොදුරු හිත කොයිතරම්
ආදරෙන් පිරෙනවද?
ආදරෙන් පිරෙන හිත
මගෙයි එය, පෙනෙනවද?
සොඳුර තව නුඹට, මම
ආදරෙයි දැනෙනවද ?
" ආදරෙයි කුරුලු, මම"
එක වරක් කියනවද?

--------------------------- කුරුළු ය ----------------------------------

1 comment:

  1. සමහර විට අයියේ, ඔයාට පුලුවන් වෙයි, ඔයාගේ, මනුස්සකම කිප දෙනෙක්ට හරි බෝ කරන්න...

    ReplyDelete