Tuesday, May 15, 2012

කවදාද ආයෙ එන්නෙ - හමුවන්න මා ඉතින්





මේ නංගි

තරහ වෙන්න එපා
අර ඔයාගේ සුදු පාට බ්ලවුස් එකනම් ඔයාට ගැලපෙන්නෙ නෑ
බබකේ හම්බෙන්ඩ ඉන්න අම්ම කෙනෙක් වගේ...

තරහ වෙන්න අපි යාළු නෑ....

ඔයා ගත්තු කටටම එහෙම කියයි...
කොහොමද අප්ප මිනිහෙක්ගෙ මූණටම එහෙම කියන්නෙ..
ඒක නෙවෙයි මේ...
ඔයා " ta ra ram pam" ෆිල්ම් එකට හෙන කැමතියි නේද
මට පේන විදියට එකේ 
රාණි වගේ ඔයා ඉන්ඩ හදන්නෙ
පරිස්සමෙන් ඒව බොරු කතා
ඒක පිල්ම් එකක් - 
ඒකෙ අධ්‍යක්ෂක - නිෂ්පාදක - පිටපත වෙන වෙන අයගේ
ඒත් අපේ ජීවිත වල පිල්ම් එකක් - ඒකෙ අධ්‍යක්ෂක - නිෂ්පාදක - පිටපත එක්කොම අපේ

හ්ම්... ගෑණු ළමයෙක් වුනාම ගොඩක් වෙලාවට බඳින්න ඕන
තමන් ආදරේ කරන කෙනාට වඩා - තමන්ට ආදරේ කරන කෙනාට

පිරිමි ළමයෙක් වුණාම බඳින්න ඔන තමන් ආදරේ කරන කෙනා නෙමෙයි
තමන්ගෙ ආදරේ තේරුම් ගන්න පුළුවන් කෙනා.....

ඔයා අර කසුන් කල්හාරගෙ සින්දුවටත් ගොඩක් ආසයි නේද...... ?
ඇත්ත උගෙ සින්දු වලට බර තේරුම් තියෙනව...
අහල තියෙනවද මේක......
" සඳ සඳ වගේ - තරු තරු වගේ
මල් මල් වගේ - ඒත් නංගි........

------ අපි අපි ව‍ගේද ------ ?
නොලැබෙන තරු දිහා බලන්
හැඬුවට සඳවත
තනිකම උරුමයි මටමෙන්
නුඹටත් හිතවත
කඳුළැලි නොහෙලා රැකි මුත්
නිහඬව මුනිවත
"ආදර‍යෙන් පුරවාගත
යුතුමය හදවත"

-------------------------------------සෙස්ස පස්සට - මම.. කුරුළු..... -----------

3 comments:

  1. නොලැබෙන තරු දිහා බලන්
    හැඬුවට සඳවත
    තනිකම උරුමයි මටමෙන්
    නුඹටත් හිතවත
    කඳුළැලි නොහෙලා රැකි මුත්
    නිහඬව මුනිවත
    "ආදර‍යෙන් පුරවාගත
    යුතුමය හදවත"

    maruuu..!!

    ReplyDelete
  2. පිරිමි ළමයෙක් වුණාම බඳින්න ඔන තමන් ආදරේ කරන කෙනා නෙමෙයි
    තමන්ගෙ ආදරේ තේරුම් ගන්න පුළුවන් කෙනා.....

    ReplyDelete