Saturday, May 19, 2012

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ - අහස උසට පොලී වෙලා මගේ ප්‍රේමියේ.....




ටිකක් සතුටුයි....
දැන් සමහරු ආයෙම සංකල්පනා කියවනවා...
සංකල්පනා ගැන කතා කරනව..
ඒ කට අවස්තාවක් දීපු මේ මූණු පොතේ කස්ටියට ඉස්තූතියි...
ලිවුවට 'මට' පින්...

සමහරු දැන් මූණු පොතට ආව ගමන් බලන්නෙ සංකල්පනා අලුත් පෝස්ට් එකක් ඇවිත්ද කියල
කියවල ලයික් එකක් හරි කොමෙන්ට් එකක් හරි දාල ඒ ගැන කල්පනා කර කර ඉන්න ආසයිලු..

තව සමහරු මට සුභ පතල (කතාවට) මැසේජ් එවනව...
ඒත් මේ එකක් වත් ඔයාට පේන්නෙ නෑ..
නංගි දැන් ඔයා හරි ප්රසිද්ධයි.. (මටත් වඩා)
සමහරු අහනව ඔයාගෙ ප්රොපයිල් එක? සමහරුන්ට ඔයාව බලන්න ඕනලු?
ආදරෙත් නැංගුරමක් වගේ අප්ප.....
ඔන වෙලාවට වීසි කරනව.. එපා වුණාම ලගට ගන්නව....

මොකද මම ඒහෙම කියන්නෙ... අපි පුළුවන් තරම් කට්ට කාල පස්සෙන් යනව.. කවි ලියනව.. කතා ලියනව... ආදරේ කරන කොට හරිම සුන්දරයි.. ඈතින් තියාගෙන ආදරේ කරතැකි අවුරුදු ගාණක්.. හැබැයි කෙල්ල හා කිවුවම ඊට මාසෙකට දෙකකට පස්සෙ එපා වෙනව.. හැමදම එකම දේ.. හම්බුවෙනව.. කතා කරනව.. කොල්කරනව...රණ්ඩු වෙනව.. බැන්දම ඕක තවත් වෙනස් වෙනව...
ඇත්තටම ඕනම කෙනෙක් ගෙන් ඇහුවොත් කියයි ආදරේ කරන කාලෙ තමයි සුන්දරම කියල..
ඒ සුන්දරත්වය නැතිවෙලා යනව එකතු වුණාම- ලැබුණාම...
මේ මිනිස්සු කැමති තමන්ට නොලැබෙන දේවල් වලට ආදරේ කරන්න.. තමන්ට නොලැබෙන දේවල් වලට - ලබාගන්ඩ බැරි දේවල් වලට...අපි ගොඩක් ආදරෙයි.. සමහර විට ඊට වඩා වටින අපි ලඟ තායෙන දේට අපි සලකන්නෙ නෑ.. ආදරේ නෑ.... ආදරේටත් එහෙමයි....
**************
නංගි -
ඉස්සරම මගේ ඇස් රිදුණ....

... පන්ති ඉවර වෙලලා එනකම්.. වැඩ ඉවර වෙලා එනකම්... මාව මීට් වෙන්න එනකම්.... පාර බලං ඉඳල

ඊට පස්සෙ මගේ ඇස් රිදුනෙ ...

.. ඔයා මැසේජ් කරනකම්.. ඔයා කෝල් කරනකම්.. ඔයා රින්ග් කරන කම්... මොබයිල් එක දිහා බලන් ඉඳල...

දැන් ඇස් රිදෙන්නෙ...

ඔයා ඔන් ලයින් එකන්... මූණු පොතට මැසේජ් කරනකම්.. ස්කයිප් එනකම්... නිම්බස් එනකම්... මගේ මොනිටරේ දිහා බලං ඉදල


ඉක්මණට එන්න තවත් ඉන්න බෑ... ඇස් වලින් කඳුලු එන්න පටන් ගනීවි...

....................... නැත්නම් ඇස් පියවෙයි .........................

සඳට තනිවට නිබඳ තරුමය
තරුව සමහර දාට තනිවය
පෙමට නිරතුරු දැනෙන කඳුලය
මටද හෙට දින කඳුල උරුමය

====කුරුලු==

1 comment: