Tuesday, May 22, 2012

මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණිදෝ හැංගිලා හදේ...



♫♫ **********************************

“ අද තනියෙන් මා හඩන්නෙ නෑ මා - ඔබ ගියා කියා “

****************************************♫♫
ශිහාන්ගෙ ඒ සිංදුවට ගොඩ දෙනෙක් කැමතියි ඒත් ඒ ඇයි කියන්න මං දන්නෙ නෑ
ඒ අය දන්නෙත් නැතුව ඇති....
ඒත් ඒක අහන හැම වෙලේම මට හිනා යනව

අද තනියෙන් මා - අඩන්නෙ නෑ මා ඔබ ගියා කියා....

ඒ මුළු සිංදුවම අහන්න මුළු සිංදුවෙම ශිහාන් අඬනව
අඩන්නෙ නෑ කිය කිය අඬනව......

කෙල්ල නැති වුණා කියල ඔහොම අඩන්නෙපා බන්...
අපිට එහෙම කියන එවුන් අපිට හොරෙන් අඬනව කෙල්ල දාල ගියාම...

♫♫ ****************************
මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණිදෝ හැංගිලා නෙතේ
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණිදෝ හැංගිලා හදේ...
******************************** ♫♫
සමහර වෙලාවට පිරිමි අපේ ඇසුත් - අපිට නොදැනිම චපල වෙනව...

කොල්ලෙක් අඬනව දැක්කම -
“ ගෑනියෙක් වගේ අඬන්න එපා බන්.... “ කියල ඔක්කොම කියනව...
ඇයි ඒ...

පිරිමි අඬන්නෙ නැද්ද..  අඩනවා යාළු ඇස් දෙකින් නෙවෙයි.. හිතෙන්...

ටී වි එකේ හරි ගෑහැණියක් අඩනව අපිට බලන් ඉන්න පුලුවනි..
ඒත් පිරිමියෙක් ඇඩුවොත්...

මළ ගෙයකදි පිරිමියෙක් ඇඩුවොත් ඒ ගැන හැමෝම කතා වෙනව..

ගැහැනුන්ව පහත් කරනව නෙවෙයි....

ඒත් අනේ මන්ද..
ගැහැණු කඳුලට වඩා කලාතුරකින් එන පිරිමි කඳුල බලවත් කියල මට හිතෙනව..

මම දන්නව...
දුක හිතෙන වෙලාවකට මගේ අම්මි ඇඬුවොත් මට බලා ඉන්න පුළුවනි....
ඒත් ම‍ගෙ අප්පච්චි ඇඬුවොත්...... ?

මගෙ අප්පච්චි කියන්නෙ මහ කන්දක්.. අම්මිත් එහෙම්ම ම යි
ඒත් අනේ මන්ද ?

මම - තාත්ත
ඔයා - අම්ම

ඒ දවස්වල ඔයා කියල දුන්නෙ මට එහෙම...
ඉතින් මට ඔයාව වටිනව එත් ඔයාට..........

*******************************
කවද හරි දවසක් ඒවි මේ
ලෝකෙ මිනිස්සු තේරුම් ගන්න
“ පිරිමිත් ආදරේ කරනව කියල.. 
අඩු ගානෙ මගේ මේ සංකල්පනාවලින් හරි තේරේවි...... එතකන්......
විශ්වාස කරන්න පිරිමිත් ආදරේ කරනව -
ආදරේ දෙපා මුල තියල වැඳ වැටුනෙ නැති වුණාට..
දෝත මුදුන් තියල පිළි ගැන්නුවෙ නැති වුණාට - පිරිමිත් ආදරේ කරනව
හිතින්.......
******************************

-------------------------------- කුරුළු ය ----------------

1 comment:

  1. හ්ම්...... ඉතින් හිතින් කරන්න එපා. පෙන්න කරන්න :( Less confusing නේ?

    ReplyDelete