Saturday, May 26, 2012

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ....



♫♫ **********************************************
අපි ආයෙත් හමු නොවුණාම් -  ඉස්සර දවසක මිය ගිය සෙනෙහහස
යළි ඉපැදී මා හද හඩවන්නට - අපි ආයෙත් හමු නොවුණානම්....
********************************************* ♫♫
එදා ඔයාව දැක්කම මට පහුගිය සිද්ධි ඔක්කොම ආයේ මතක් වුණා

කොච්චර අමතක කරන්න හැදුවත් කරන්නම බෑ
ඔයා කොහෙම ඉන්නවද මන්දා....

“ ඇයි මේ ලෝකෙ මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ - පිරිමිත් ආදරේ කරනව කියල ?

හ්ම්.....
දැන් ඕන කෙල්ලෙක්ගෙන් ඇහුවොත්  කියයි -
ඔය ‍ගොල්ලන්ට නම් මොකද ඉතින් අද එක කෙල්ලෙක්
හෙට තව කෙල්ලෙක්
අපි එහෙම නෑනේ.......

අනින්න හිතයි හොම්බට.....

ඔයාගෙ අම්ම මගන් ඇහුව....

“ පුතා ජීවිතේ කියල කියන්නෙ ආදරේ විතරක්ම නෙවෙයි නේද ? “

ඒත් අම්ම,

“ ආදරේ කියල කියන්නෙ මුළු ජීවිතේම....”

හැමොම අහනව සංකල්පනා නොලියන්න හිටියොත් ඒකට හේතු ----
ඇයි ලියන්න හේතු අහන්නෙ නැත්තෙ.... ?

මම මොනව ලියන්නද
♫♫ **************************************
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී කියන්න මට කීවේ ඔබේ නෙතයි
****************************************** ♫♫
ඔක්කොටම හපන් ලඟ ඉන්න උන්..
මම සංකල්පනා ලියපු මුල් දවස්වල -

“ නිකං බොරු වැඩ කරන්න එපා බන්.. කාලෙ කන්ඩ එපා අපරාදෙ..
ඕව කවුරුත් කියවන්නෙ නෑ .. අඩු ගානෙ ඒකි වත් කියවන්නෙ නෑ.. පිස්සු උඹට..

හැමොම කිවුව එහෙම - ඒත් මම ලිවුව
මොකද මම දන්නව ඕනම වැඩක් කරන්න ගියාම ඒකට අකුල් හෙලන්නෙ , පස්සට අදින්නෙ ළඟින් ඉන්න කස්ටිය..
බොරු නෙමේ.......

දැන් බලන්ඩ -
බුදුහාමුදුරුවොන්ව වැඩියෙන්ම ප්රතික්ෂේප කලේ ශාක්‍ය වංශිකයො.. තමන්ගෙම අය.. කපිල වස්තුව එන්න දුන්නෙත් නෑ...
යේසු තුමාව වැඩියෙන්ම ප්රතික්ෂේප කලේ යුදෙව්වො....කුරුසියට තියල ඇණ ගැහුවෙ තමන්ගෙ අය...

ඉතිං අපි ගැන තව මොන කතාද ?

ගොඩක් වෙලාවට අපිට තනියට ඉන්නෙ අමම්යි තාත්තයි..
හොදම යාලුවො එකයි දෙන්නයි....

“ මිනිහෙක් ඉනිමගක නගින්න හදනකොට කකුලෙන් අදින්න ඔන තරම් ඉන්නව.. එහෙම නැත්නම් නගින හැටි කියල දෙන්න ඔන තරම් අය ඉන්නව... ඒත් ඒ හෙලවෙ ඉනිමඟ අල්ල ගන්න අර මනුස්සයට සහයොගයක් දෙන්න එකෙක් වත් නෑ...

හැබැයි මට බැනපු සමහරු දැන් සංකල්පනාව හොයන් කියවනව - එහෙම නැත්නම් මම ලියනකන් බලන් ඉන්නව...
ඔයත් එහෙම ඇති.....
 
නුඹේ නෙත මත පතිත පිනි බිඳු
දැක මගේ නෙත අගින් බිඳු බිඳු
කඳුලු එන මේ රහස නොසිතුණු
එකම කොතරම් දුකද මට, ලඳු

------------------------------------- කුරුළු ය -----------------------------------------

13 comments:

  1. දිගටම ලියන්න කුරුළු......අපි හැමදාමත් කියවනව....

    ReplyDelete
  2. “ ආදරේ කියල කියන්නෙ මුළු ජීවිතේම....”

    ReplyDelete
  3. ජීවිතේ කියල කියන්නෙ ආදරේ විතරක්ම නෙවෙයි..

    මම පිලිගන්නත් එකම තමා ... ;)

    ReplyDelete
  4. අද ඉදන් මාත් අවා සංකල්පනා කියවන්න දිගටම ලියන්න කුරුළු අයියා බුදුසරණයි ඔයාට

    ReplyDelete
  5. අද ඉදන් මාත් අවා සංකල්පනා කියවන්න දිගටම ලියන්න කුරුළු අයියා බුදුසරණයි ඔයාට

    ReplyDelete
  6. කුරුළු අයියා ඔයා ලස්සනට ලියනවා .අදයි මේ පැත්තේ අවේ ලස්සනට ලියන්න හැමදාම බුදුසරණයි

    ReplyDelete
  7. කුරුළු අයියා ඔයා ලස්සනට ලියනවා .අදයි මේ පැත්තේ අවේ ලස්සනට ලියන්න හැමදාම බුදුසරණයි

    ReplyDelete
  8. මොනවද දොරේ මේ චූ සීන්. හැමදාම උඹට කවුරුහරි බැනපු එකක් ගැන හොටු පෙරාගෙන අඩපු එකක්නෙ.

    ReplyDelete