Friday, June 1, 2012

හිරු බිහිරියි සඳ ගොළුයි - තාරකා අන්ධයි.... ඒත් අපිට ගාණක් නෑ...


♫♫ ********************************************
අද හොඳම දවස ඔබ එනවානම්
************************************************
♫♫
අපේ මඟුල ගැන ආයෙම කාතාව පටන් ගත්තෙ මගේ යලුවෙක් බඳින වෙලාවෙ..

“ අනේ අයියි බලන්න මහේෂ් අයිය බඳිනව...හුහ් ඔයාට තමා බැරි.. ඔයත් එයාගෙ වයසෙ.. ඒත් මම බඳිමු කිවුවාම දාහක් ඒව කියනව ඔයා.. “

ඔයා ඔරවගෙන අහක බලා ගත්ත...

බකුසි - මම කිවුවෙ නිකංයෑ

ඌ මගේ වයස තමා.. ඉතින් ඒකා බන්දම මට මොකෝ.. හොදඳ වැඩේ ඌට.. උට පිස්සු වුණාට මට පිස්සූ යෑ දැන්ම බඳින්න...

අනේ යනව යන්න ඔය ඉතින් .. ඒක නෙමේ මම කියන්නෙ අයිය.. අනේ මගේ අයිය අපිත් ඉක්මනට බඳිමුකෝ...

අනේ මේ මහේෂ් මගේ වයස ඌ බඳිනව කියමුතත මගෙ තව යාලුවො කී දෙනෙක් ඉන්නවද අඩු ගානෙ කෙල්ලෙක් වත් යාලු වෙලා නැති...

ඔයත් අපේ අම්ම වගේ- එ දවස්වල මං ඉස්කෝලෙ යනාකට හොඳට ඉගෙන ගන්න 1 හිටියම ඇති ඌ ගැන කියවනව මේ අනික් ඔක්කොම පේල් ඒත් ඒක පෙන්නෙ නෑ.. ඒත් අග හිග කම් මැද්දෙ ඉන්න එකෙක් පෙන්න ල කියනව අන්න ඒ වගේ හැදියන් කියල සමහරු සැව විඳිනව පේන්නෙ නෑ.. පන්ති නොයන උන් 1000ක් ඉඳිද්දි යන 1ක් පෙන්වල මට බනනිව.. ඔයත් අම්මි වගේමයි.

හුහ් ඔයාටක් තේරෙයි අයිය මාව නැතිව ඉන්න කොට. අපේ අම්මල මාව කාට හරි බන්දන්න හැඳුවොත්..

ඔයා ඒ වෙලේ කිවුව දේ බරපතල කම දැනෙන්නෙ දැනුයි නංගි මට..
ඇත්තටම අදන් මට මොනව තිබුණත් ඔයා නෑ....

“ සල්ලි තියෙනකොට මොලේ නෑ - මොලේ තියෙනකාට සල්ලි නෑ
දෙකම තියෙනකොට වාරු නෑ “ - අප්පච්චි කිවුවෙ නිකං නෙවෙයි...

============================================
අයිය වහිනවා... ( මහ රෑක ඔයා මව ඇහැරවලා කෝල් කරල කිවුව )

ඉතින්..

ඉතින් කියන්නෙ එනවකෝ මගේ ළඟට.. මට තුරුල් වෙලා නිදියන්න ඔන..

අනේ අම්මේ උඹද.... දැන් එන්න බැරි නිසා කියයි...

අනේ නෑ .. එන්න අපි තුරුල් වෙලා නිදියමු...

හා මම එන්නම්..
(දන්න බටර් සේරෝම ටික ගානව නිදි කරවන්න.......)

හ්ම්....

මේ දවස්වල වහිනව හයියෙන්...

මට ගොඩාරියක් සීතලයි...... ඔයාට සීතල නැත්ද සුදු නංගි..
නැතනම් ඔයා ඒ සීතට හුරු වෙලාද ?

අනේ එක පාරක් එකම එක පාරක් මට කෝල් කරල කියන්න ඉස්සර ව‍ගේ..

මගේ අයිය එන්නකො මා ළඟට කියල...

අනිමාරයෙන් අමා.... රුවෙන් හරි මම එ‍නව සත්තයි... ඉස්සර වගේ නෙවෙයි අයිය වෙනස් දැං...

*************************************************
හිරු බිහිරියි සඳ ගොළුයි - තාරකා අන්ධයි.....

අපි මොනා කරන්නද නංගි අපි අසරණයි....
************************************************** 

ආල හැගුම් කොතරම් මා
එකතු කලත් පොදී
අහක බලන් ඉන්න නුඹට
ඒව බොහොම මදී
නුඹේ රුදුරු වදන් මගේ
හිතේ තුළට වැදී
ටිකෙන් ටිකම මා නොමරා
හෙමින් මරණ ලදී..

---------------------------- කුරුළු ය --------------------------------

4 comments:

  1. අනේ මන්ද කුරුළු.....

    ReplyDelete
  2. අනිමාරයෙන් අමා....

    ReplyDelete
  3. පිස්සු හැදිලා අයෙත් හැදෙනවා..

    ReplyDelete
  4. වෙනස් වෙද්දි පරක්කු වැඩි අයියා :(

    ReplyDelete