Saturday, June 30, 2012

ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්..




සංකල්පනා ඉස්සර ලිවුවෙ
ආදරේ හිතේ පුරෝගෙන..
ඒත් දැන් පුරෝගෙන වැඩිද මන්ද?

දවසක් මුතු මගෙන් ඇහුව
‘‘ඇයි දැන් සංකල්පනා පරක්කු
කියල,’’

සංකල්පනා පරක්කු නෑ..
සංකල්පනා ඉක්මන්,
එයා මටත් කලින් ගොඩක් දුර ගිහින් මුතු
මම කිවුව...

ඉතින් කුරුළු ඔයා ලියන්නකො
ජීවිතය - ආදරේ - ගහ කොල - සොබාදහම
ගැන - මුතූ ආයෙත් මට කිවුව..

මම එවෙලෙ හිනා වුණා.
මොකද...
මට මුළු ලොවම ඔබයි

"අහස පොලොව වට පිටාව හරිම හිස් තැනක්
ගහක් කොළක් ගෙයක්
නොමැති කාන්තාරයක්"

හ්ම්..........
= ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්... =

මේලෝකෙ හරි පුදුමයි මුතූ

බලන්න,
ඇයි ඉබ්බන්ට පිහාටු නැත්තෙ
ඇයි අස්සයොන්ට අං නැත්තෙ

එහෙම වුනොත් මේලෝකෙ සමතුලිත නෑ
ඉබ්බො විතරක් ඉදියි - නැත්නම් අස්සයො.
ඒක උන්ට ගාණක් නෑ...
මොකද ඒක නැති හිංද?

ඒත් මුතූ
අත්තටු තිබිලත් ඉගිල්ලෙන්න
නැත්තම්,

ඒ මොනතරම් දුකක්ද?

අපිට ආදරේ දැනිලත්
ඒක ලබාගන්න බැරිනම්.....

කන්න ජීවත් වෙන මිනිස්සු ඉන්න රටේ
ජීවත්වෙන කන මිනිස්සු කොච්චර ඉන්නවද?

හුස්ම ඉබේ වැටෙනව වෙනුවට - ජීවත් වෙන්න ඔන් නිසා
හුස්ම ගන්න අපිට සිද්දවුණානම් මේ හුස්ම කොච්චර අපිට
බරක් වෙයිද කවුද දන්නෙ...

මේලෝකෙ සමහර මිනිස්සු
ජීවත් වෙන්න බයේ මැරෙනව
ඒත් අපි
මැරෙන්න බයේ ජීවත් වෙනව...

එත් මට සිද්ද වෙලා තියෙන්නෙ
ආදරේ කරන්න ජීවත් වෙනව වෙනුවට
ජීවත්වෙන්න ආදරේ කරන්න..
මොකද ඇත්තටම සමහැ වෙලාවට මට
ජීවත්වෙන්න හොඳ හේතුවක් හොයාගන්න බෑ
" ආදරේ " හැරෙන්න....


--------------කුරුළු-----------------------

කොයි තරම් සොඳුරුයිද මේ
ඉර බහින හැන්දෑව -
හඳ මවෙත ගෙනෙනා
පරිගණකයක්
අන්තර්ජාල පහසුකම
මූණු පොත සහ මම
ඒ අතරට
ඉඳහිට....
දුම් දමන අළු බඳුන සහ
හිස් වෙන අසෝක වීදුරුව


ඉදින් සේකර
දැන්නෙ ඉන්න තිබුනෙ...

ඉස්සර වගේද
කවදාකවත් නොදැකපු
මිතුරු කැල

- කුරුළු

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපෙප් හිත් වලත් ඔය අදහස් හැගීම් තියනව ඒත් ඒව එලියට ගන්න ටිකක් අමාරැයි.ඔයා ඒව ලස්සනට අ‍ෙප් හිත් ඇතුලට දානව කිරැලු.
    ලස්සනට ලියන්න හැ‍ෙමා්ටම පුලුවන් උනානම් ඔයාටත් මට ව‍ෙග්ම ඉරිසියවක් හි‍‍ෙතයි.... සුබ පතනව තනියම ‍ෙන‍ෙවයි ම‍ෙග හදවතත් එකතු කර‍ෙගන......

    ReplyDelete
  3. "අහස පොලොව වට පිටාව හරිම හිස් තැනක්
    ගහක් කොළක් ගෙයක් නොමැති කාන්තාරයක්"

    ReplyDelete