Saturday, June 9, 2012

කඳුළු හුරතල් වැඩිද මන්දා - පුංචි දේටත් ඇ‍ඬෙන හින්දා ......



♫♫ ***************************************
මගෙ හිතේ පිරී තියෙන හැගුම් කෝටියයි
 මම තවම එයින් නුඹට කිවුවෙ බාගයයි
****************************************** ♫♫

මේ සංකල්පනා කියවන ඔයාල මත් වෙලා තියෙනවද ?

මත් වෙන්න එක එක ක්‍රම තියෙනවා

අරක්කු වලින් මත් වෙන්න පුළුවනි
මත් ද්‍රවය වලින් මත් වෙන් පුලුවනි
මානයෙන් මත් වෙන්න පුලුවනි
බලයෙන් මත් වෙන්න පුලුවනි
ආශාවෙන් මත් වෙන්න පුලුවනි
බඩ ගින්නෙන් මත් වෙන්න පුලුවනි - හාමත
වැඩි පුර කෑවම මත් වෙන්න පුලුවනි - බුදි මත
නින්දෙන් මත් වෙන්න පුලුවනි - නිදිමත

මේ දේවල් වලින් මත් වුණ මිනිස්සුන්ව අපි නිතරම දකිනව..
අපේ අවට ඕන තරම් ඉන්නව

ඒ ඒ දේවල් වලින් මත් වුණාම කෝමද දැනෙන්නෙ

කරන කිසි දෙයක් මතක නැති වෙනව..
නොහිත වැඩ කරන්න පටන් ගන්නව
උදාහරණෙකට අරක්කු වලින් මත් වුණ මිනිහෙක් හිතන්න
නැතිනම් නිදිමතේන් මත් වෙච්ච මිනිහෙක් 
වැටෙන වැටෙන තැන නිදියන හැටි බලන්න

ඒත දැකල තියෙනවද ආදරෙන් මත් වෙනව
ආදරෙන් මත් වෙච්ච මිනිස්සු....

ආදරෙන් මත් වුණාම කොයි වගේ තියෙයිද ?

මේ වගේ තියෙයි... කුරුළු වගේ...

දකින දකින හැම පැත්තෙන්ම ඔයාව පේනකොට..
හැමවෙලේම ඔයාගෙ කට හඬ ඇහෙනකොට
හිනාව මතක් වෙනකොට
“ ඔයා මගේ- මම ඔයාට ආදරෙයි”
කියල කෑ ගහල කියන්න හිතෙනකොට
අපිට දරා ගන්න බැරි වෙනව ආදරේ...

අන්න එතකොට අපි ආදරෙන් මත්වෙලා..

මම ආසයි කැමතියි මේ ලෝකෙම 
ආදරෙන් මත් වෙන දවසක් එනවට..

දවසක් ඉවර වුණාම ගෙදර යන අපි..
 ගෙදර ඉන්න සැමිය / බිරිඳ
දුව / පුතා/
‍අම්ම / තාත්ත
එක්ක ආදරෙන් මත් වෙන්න පුලුවන් නම්....
අරක්කු වලින් නැතිව..
ටිකක් ආදරෙන් කතා කරන්න පුලුවනි නම්
මේ ඔක්කොම ප්‍රස්න ආදරෙන් විසඳන්න පුලුවන්..

හැබැයි අවාසනාවට මිනිස්සු ප්‍රස්න වලට
උත්තර හොයන්නෙ සුරාවෙන් මත් වෙලා මිසක්
ආදරෙන් මත් වෙලා නෙවෙයි...

ඒ දවස් වල අපි දේනන් ආදරෙන් මත් වුණා...

මතකද....... ?

නිවාඩුවකට කියල කවි හිත
මකර ලොවකට ගෙනගියා
ලෝබ නැතිවම මකර අධිරජ
හිතට බෝතල වක් කලා

නැගෙන දුම් රැලි අතර බවනට
මටත් එන්නට යැයි කියා
පා වෙවී උන් තවුස් උතුමෙක්
මටත් සිගරට් දික් කලා

නිබඳ මා සිත පෙලන දුක අද
ඉවර කරනෙමි යැයි සිතා
පුංචි වීදුරු සමග දුම් රැලි
අතර චුට්ටක් තනි වුණා

------------ කුරුළුය ----------------

2 comments: