Thursday, June 14, 2012

සුවඳ විඳිමින් ඉඳිමි සැමදා- දෑස වැසෙන තුරා.....



 කලින් එකත් එක්ක පූට්ටුයි..


ඒත් ඔයා එන පාටක් නෑ.....
නංගි මතක තියා ගන්න මට හිතෙන මට දැනෙන විදියට
හඳත් එක්ක ඉරට වඩා පොලොවට යාළු කමක් තියෙනවා...  
යාළු වෙන්න අයිතියක් තියෙනවා... සාධාරණයක් තියෙනවා......

නංගී.........
තාමත් මේ පොලොවට එළියක් වැටුනෙ නෑ 
ඔයා හෙවනැල්ලක් එක්ක යාළුවෙලා හැංගුණාට පස්සෙ.....
මෙහෙම ගියොත් කළුවරේම ඔක්කොම මැරේවි....
පරක්කු වෙන්න එපා..... ඒ හංද...
"අහස පොලොව වට පිටාව හරිම හිස් තැනක්
ගහක් කොලක් ගෙයක් නොමැති කාන්තාරයක්"

ඔයාව මතක් වෙච්ච අනික් කාරණේ තමයි මේ
චන්දෙ........
මතකද හැමදාමත් අපි දෙන්න දෙපැත්තෙ......
මම සිරස බලනකොට ඔයා දෙරණ බලනවා...
මම සුපර්ස්ටාර්ස්ල ගැන කියනකොට
ඔයා ඞී‍්‍රම්ස්ටාර්ස්ල් ගැන කියවනවා
මම ඩාන්සින් ස්ටාර්ස්ල ගැන කියවන කොට
ඔයා සිටි ඔෆ් ඩාන්ස් ගැන කියවනවා....

චන්දෙදිත් එහෙමයි.......

හැම දාම වෙනව වගේ මේ පාරත් මට මනාපෙ නැති වුණා.. 
ඔයා දිණුම්.....
අනේ ඒ වෙලාවෙදිවත්
ඔයාට මේ අයිය නැති එක තේරුනේ නැද්ද ?

ෂිහ්.... අපි එකට හිටියනම් කොච්චර රණ්ඩුවෙන්න තිබුණ ද?....

ඒකත් ආදරයක් අප්ප......

ලෝකෙ වැරදි ලකුණ ගහල ඒ වැරදි වැඩිමකෙනා දිනන දිකම දවස
චන්දෙ දවස ඒ කියන්නෙ වැරදි ලකුණ හරි වෙන දවස....

එදා මම ඇහුවනම් ඔයා මට කියයි 
අද මම ඔයාට දෙන්නෙ හරි ලකුණ කියල....
අනේ වැරදි ලකුණ දාල හරි කමක් නෑ 
ඔයා මගේ වෙනවනම්.......

අන්තිම කාරණේ තමයි තාරා රම් පම්’...........

චන්දෙ දවසෙ සිරසෙ තාරා රම් පම්ෆිල්ම් එක
 පෙන්නුව වෙලේ මට ඔයාව ගොඩාක් මතක් වුණා..
මම හිතන්නේ ඔයාටත් එහෙම වෙන්න ඇති...
මොකද මම දන්නව ඔයා ඒකට කොච්චර ආසයිද කියල....
මගේ මුල් සංකල්නාවක ඒ ගැන ලියල මම 
ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිය හැටි මට අද වගේ මතකයි......
ඔයා ආස ඒ ෆිල්ම් එකේ වගේ ජීවත් වෙන්න....
හ්ම්....................




නිදිමත ඇවිත් ටික ටික දැන් ලඟට මගේ
මොන මොනවදෝ හෙමීට කියනවා වගේ
ජනේලයෙන් එන කිරණත් ඈත ස‍ඳේ
නුඹ නැති ඉඩේ අඳිනව බලිකුරුටු ඇ‍ඳේ

--------කුරුලු------

2 comments:

  1. නුඔ නැති දුකට ගි පද වැල් මෙලෙස හදේ රැදේ..

    ReplyDelete
  2. ෂිහ්.... අපි එකට හිටියනම් කොච්චර රණ්ඩුවෙන්න තිබුණ ද?....

    ReplyDelete