Thursday, June 7, 2012

අනේ මං බලාන උන්නා යලිත් නුඹ එතැයි කියා.....


♫♫ ********************************************* 
පිපෙන මල් වලින් අහන්න ඇයිද කියා පිපෙන්නේ
හමන සුලඟකින් අහන්න ඇයිද කියා හමන්නෙ
ඇයි අපි විතරක් ආදරයට හේතු ඔබට කියන්නේ
************************************************ ♫♫

කවදාකවත් වැරදිලාවත් වැරදි බස් එකක නගින්න එපා
වැරදිලාවත්..
මොකද ඒක අපිව ගෙනි යන්නෙ වැරදි තැනට නිසා
අපිට යන්න ඕන තැනට නොවන නිසා

එහෙම වුණෝත් අපි නොදන්න පාලාතකට
 යන්න සිද්ධ වෙන්න පුලුවනි
අපි නොදැනම....
අපි නොදැනුවත්වම අතරමං වෙනව

මතක් කර ගන්න වැදි බස් එකක නැගල
පස්සෙ ඒ බව දැන ගත්තාම
අපිට ඇති වෙන දුක බය ලජ්ජාව
අනික් මිනිස්සු ඉස්සරහ කොන්දොස්තර කියන කතා.. 
අනික් උන් හිනාවෙන හැටි

අපි හෝල්ට් එකේ අපේ බස් එක එනකන්
ඉවසන් ඉමු පැයක් දෙකක් හරි..

වැරදි එකක නගින්නෙ නැතිව...

ඇයි එහෙම වෙන්නෙ.. අපේම වරදින්..

ජී විතෙත් එහෙමයි...

කවදාකවත් වැරදි කෙනෙක්ව තෝරගන්න එපා.. 
වැරදි බස් එකක නැග්ග වගේ තමයි..

අපිට යන්න වෙන්නෙ ජීවිතේ අපි නොදන්න තැනකට.. 

එතැනට ගෙනිහින් අපිව අතරමං කරාවි...

ගොඩක් වෙලාවට ජීවිතේ ආදරේදි මිනිස්සු වැරදි බස් වලට නගිනව...

අන්තිමේදි අපිව දන්නෙම නැතිව අතරමං වෙලා...

බස් එකක් නම් අපිට වැරදි බව දැනුනාම ඉක්මනට බැහැ ගත්තැකි..
ඒත් ජීවිතේදී....

වැරදි මනුස්සය කියල තේරුම් ගනක්න සෑහෙන කාලයක් යනව.. 

හරියට දුර යන බස් එකේ නැගල නිදා ගත්ත වගේ
අපි ඇහැරෙනකොට සෑහෙන දුර ගිහින්..
අවුරුද්ද්ක්...
දෙකක්...
තුනක්...
හතරක්
පහක්...

අපි පරක්කු වෙලා තියේවි...

මගේ සුදු නංගි...
දැන්වත් ඉක්මනට ඔය බස්එකෙන්

බැහැ ගන්න......

නැතිනම් මට කවදාකවත් ඔයාව‍ බැහැ ගන්න...
(ගන්න බැහැ)

 

හිතුනොතින් මා සබඳ
මා මරාගෙන කන්න
අන්න අර සඳ වෙතට
නුඹේ එල්ලය ගන්න

ඊට ඇලකර බිඳක්
දුනු හීය මුද ලන්න
නිසැකවම මා මැරී
වැටෙනකොට අල්ලන්න


---කුරුළු---

4 comments:

  1. Hari bus 1 nam hoya gaththaheki... ath hari kenawa??? aka thama hamotama karanna amaruma de... a wagema waradinnema athanadi.. aththa,, hariyata dura bus 1ka nida gaththa wage... 1para atharamagadi aharunama hitha ganna ba "Koheda inne...Koheda yanne" kiyala..

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  3. මොනා වුනත් කතාව ඇත්ත

    ReplyDelete
  4. බස් එකක් නම් අපිට වැරදි බව දැනුනාම ඉක්මනට බැහැ ගත්තැකි..
    ඒත් ජීවිතේදී....

    වැරදි මනුස්සය කියල තේරුම් ගනක්න සෑහෙන කාලයක් යනව..

    ReplyDelete