Tuesday, June 5, 2012

මහත්වරුනි මා නෙලු මල - මට සිඹින්න දෙන්න.....




අද පෝය මම කාමරේ අස් කරන්න ගත්ත
මාස ගාණකට පස්සෙ ... 
මොකද ? අපිට ඔපිස් වලින් පෝය නිවාඩුව දෙන්නෙ
පිං කරන්න පන්සල් යන්න නෙවෙයි
 මාසෙම අපිට අතපහු වේච්ච වැඩ ටික කරගන්න
ඇදුම් හෝදන්න - ගේ අස් කරන්න-යාළුවො එක්ක සෙට් වෙනන්....

කාමරේ අස් කරනකොට මට ඔයාගෙ පොටෝ එකක් හම්බුණා...
ඒක මගේ ඇද ට ඉස්සරහින් එල්ල තිබුණ එකක්.... මම කල්පණා කලා..
ඉස්සර නම් අපි පෝයට පන්සල් යනව
ඔයා උදේම මල්,තෙල් අරන් සුදු පාට ඇදන් එනව..
මම හැමදාම බැණුම් අහනව - පරක්කු වෙලා - මගේ හැටිනේ ඉතින්
' මොනවද අයිය මේ පන්සල් එනකොට සුදු එකක් ඇදන් එන්නඑපැයි'
ඉතිං මම එන්නෙ පන්සල් නෙමේනෙ ඔයාව බලන්නනේ - මම කියනව


හවසට අපි එනකොට ඔයා මගෙන් අහනව
" අයිය ඔයා මොනවද? සාදුගෙන් ඉල්ලුවෙ
"මම මොනව ඉල්ලන්ද?  
අපි දෙන්නට දෙන්න බුදු හමුදුරුවො ගාව මුකුත් නෑ..
ඔක්කොම අතෑරල ගිහින්නෙ මහණ වුනේ.. 
ඔන්න පන්සලේ හාමුදුරුවොන්ගෙන් ඉල්ලුවනම් දෙයි
දොඩම් ගෙඩියක් ඇපල් ගෙඩියක් අඩු ගානෙ පිරිත් නූලක් වත් ?...
 
මම කිවුව ඔයාට තරහ යනවා ... අම්මෝ...

" අනේ නිකං ඉන්න අයියෙ .. පව් පිරෙන කතා කියන්නෙ නැතුව ...

" මම නම් සාදුට මල් තියල .. අපිට කරදරයක් නැතුව ඉක්මණට එකතු වෙන්න පුළුවන් වෙන්න කියල ඉල්ලව, තව ඔයාට ඉක්මණටම ගෙයක් හදන්න පුළුවන් වෙන්න කියල ඉල්ලුව.....

" එහෙනම් ඉතින් දැන් බය වෙන්න දෙයක් නෑ.
හෙට ඉදන් මට නිකංන් ඉනක්ඩ පුළුවනි සාදු කරල දෙයිනේ ඔක්කොම...
" ඔයා මූණ දෙක කරන් අහක බලා ගත්ත...
 
ඔයාට මම " බකුසි" කියල කිවුවෙ නිකං නෙමෙයි. එල්ල ගත්තම මූණ ඒ වගේමයි )

" මම බුදු සාදුගෙන් ඉල්ලුවෙ ඒව නෙවෙයි නංගි....
මට
මේ හැම දෙයක්ම කරගන්න හයිය දෙන්න
මම නැතිවුණ දවසකට මගේ නංගිට කරදරයක් නොදී බලාගන්න කියලයි මම ඉල්ලුවෙ.
.නංගි කරන හැම වැඩක්ම හරියන්න කියලත් ඉල්ලුවා.."

ඔයා බස් එකේදි මගේ මූණ දිහා බලාගෙන ඉදල හෙමීට උරහිසට හේත්තු වුණා
සමහර විට-
ඔයාට මං ගැන එමහම ඉල්ලන්න අමතක වෙන්න ඇති... ඔයාට ඔන වුනේ ගෙයක් (ඔයාගෙ අම්මටත්)


**************************************
"" මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නරගය මා ඔබ වෙන් කෙරුව නගරයයි ""
කැලනියට ගියාම මට තාමත් එහෙම හිතෙනව......
***********************************************

විරහ රහ මට පුරුදු හින්දද
ලියන කවි වල අරුත හින්දද
මගේ කවි දැන් නුහුරු හින්දද
මටත් නොකියම ආල බැන්ද

----------------------කුරුළු---------------------------

2 comments:

  1. අනේ මන්ද කුරුළු........

    ReplyDelete
  2. ඔයාට මං ගැන එමහම ඉල්ලන්න අමතක වෙන්න ඇති... ඔයාට ඔන වුනේ ගෙයක් (ඔයාගෙ අම්මටත්)

    ReplyDelete