Wednesday, June 20, 2012

මිටින් මුදා හැර බැලුවෙමි - සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී.....




ආදරේ කරල එකතු වෙන අයවත්
ආදරේ කරල වෙන්වෙන අයවත් - 

කවදාකවත් නිවන් දකින්නෙ ණෑ කියල
මට හිතුණ.....

ඇයි ඒ.....
එකතු වෙන අය කියන්නෙ
අපි හැම ආත්මෙම එකට ඉමු කියල.... 

ඉතින් නිවන දුරයි
වෙන් වෙන අය කියන්නෙ
ඊළග ආත්මෙදිවත් අපි එකතු වෙමු කියල
ඒත් නිවන දුරයි
**********************************
නිවන ගැන කිවුවාම මට මතක් වුණේ අපේ 
ඔපිස් එකේ කා.කා.ස ගෙ මරණෙ

ගේ ඉස්සරහ බැනර් එකේ ලොකුවට ගහල

............. මහතාට නිවන් සුව ලැබේවා කියල"

ඒත් මම අපහු එනකොට දැක්ක යාලුවො ටික එකතු වෙලා
පෝස්ටර් ගහල තිබුණා

" මිතුර ඔබ යළි අප අතර ඉපදේවා කියල"
--------- නිවන් ගිහින් ඉවරයි---

" යාලුවො කියන්නෙ
 මැරිලවත් නිවන් යන්න දේනනෙ නැති එවුන් ටිකක්""

 **********************************
ඒ වගේමයි
ෆේස් බුතක් ස්මයිලිස් පට්ට
ජරා
ඇත්තටම මම කොච්චර හිනා වෙවී
අඩන මූන යවල ඇත්ද
අඩ අඩ හිනා වෙන මූන ටයිප් කර ඇත්ද
මිනිස්සු මුලා කරන හැගීම් ප්‍රකාශන

අපි කතා කරන අනික් කෙනොගෙ හිත 
බිංදුවක් වත් තේරුම් නොගෙන බොරුවට
තේරුම් ගන්නව වගේ යනව මේ මූණු
චැහ්
වදෙන් බේරෙන්නත් යවනව

ඔව් හැබෑවටම බොරුවක්
හැබැයි බලන් ඉන්න කෙනාට ඒක මාර ආතල්
ඒකයි අපිට ස්මයිලිස් ආවම
අපි බලල තනියෙං හිනා වෙන්නෙ
එත් දෙයියනේ අපි දන්නවං එහා පැත්තෙ
 එකා ඒක එවන්නෙ කිසි හැගීමක් නැතිව කියල

මගේ හදවත
වෙනින් කොතැනක
ටිකක් පහලට
වෙන්න සවිකර
දෙන්න පුළුවන්
වෙදෙක් නැතිවද

දැනට මේ ඇති
තැනට මා නෙතු
ටිකක් ළඟවැඩි
හින්ද වෙන්නැති
පුංචි දේටත්
කඳුලු එනු නිති..


-------------------------------කුරුළු-----------------

2 comments:

  1. බොරුව......... :P

    ReplyDelete
  2. හරිම ලස්සනයි. බුකිය ගැනනම් මේක මටත් හිතුන දෙයක් .

    ReplyDelete