Sunday, June 24, 2012

මුළු මුහුදම හඬයි ඔබ වෙරළේ නිසසලයි - ඔබ වෙරළයි මම මුහුදයි - මට සිතෙයි...



එක දෙයක් කියන්නම්...
තරහ වෙන්න එපා
මේ වතාවෙදි නම් මම
ඇත්තටම කෙල්ලෙක් දිහා ගොඩාක් වෙලා බලන් හිටිය...
ඒ එයා ඔයා වගේම නිසා.....
මම ඒ ගැහැණු ළමයව දැක්කෙ අහම්බෙන්
ඒත් ගොඩාක් වෙලා බලන් හිටිය...
මොකද ඒ ඔයා වගේම නිසා.....

ගාල්ලෙ කවුරු හරි සංකල්පනාව බලනවනම්
දන්නව ඇති
ගාලලෙ මහ වීදියෙ ටිකක් දුර ඇවිදන් ගියාම 
වම් පැත්තට හැරෙන පාරෙ තියෙන
තීන්ත කඬේ...
අන්න හරි අර මාස්ටර්පැලට් තින්ත හදන කඬේ...
මම ඒකට ගියෙ අහම්බෙන්
පින්සලක් ගන්න

එත් මම එතැන්දි ඔයාව දැක්ක...
මම කියන්නෙ බොරු නෙමෙයි....
මම ඒ කිවුව කඬේට ගිහින් බලන්න
ඒකෙ ඉන්න ලස්සනම ගෑනු ලමය ගැන මම කියන්නෙ..........................
දන්නවද ? මට පොඩි ප‍්‍රශ්නයක්?

ඇයි ලවිං ස්ටාර් ඒකේ ගෑනු ළමයි අරන්ව තියෙන්නෙ....

පිරිමින් වත් ගන්න පුළුවන්නෙ.............?

ඒක මට ලොකු ප‍්‍රශ්නයක්......

පිරිමි ආදරේ කරන්න දන්නෙ නෑ ⋆⋆⋆!!!

පිස්සු.....
ඒක නෙමෙයි මම කියන්නද?

පිරිමින්ට බෑ එහොම තරෙ`ගකට ආදරේ කරන්න....

අනික නටල, උයල, වෙඩින් එකකට ඇ`දල ඇ`දුම් තෝරල පුළුවන්ද ආදරේ මනින්න....

ඒක වයිෆ් ස්ටාර් වෙන්න ඕන... ම්හු.. ඒත් නෑ.

ආදරේ මනින මිම්ම මොකක්ද?

ඒකට රන්ජන් ආව... වයස ?
(ආදරේට වයස නෑ*
ඒකට මධුමාධව ආව... විවාහෙ?
(ආදරේට බ්රේක් නෑ*

දැං ආදරේට ඇපත් නෑ........

පිරිමි අපිට බෑ එහෙම කරන්න
අන්න ඒකයි ඒකෙ පිරිමි නැත්තෙ...

පිරිමි ආදරේ බොළ`ද නෑ
කොමඩු ගෙඩියක් ඔලූවෙ තියන් නටන්න තරං

ඒකම කෙනාට
4දෙනෙක් ආදරෙයි කියනකොට?
පිරිමි අපි කියන්නෙ......

කමකි නෑ... එයා වැඩියෙන්ම කැමති කෙනා තෝර ගත්තු දෙන් කියල...


ඒත් ගෑනු.......?
එයා මම හදපු කෑම එකටයි ආස, නෑ මගේ ඇ`දුමයි ෆිට් වුණේ.........

හරි පුදුමයි........

ආදරේ..........................................

විරහ රහ මට පුරුදු හින්දද
ලියන කවි වල අරුත හින්දද
මගේ කවි දැන් නුහුරු හින්දද
මටත් නොකියම ආල බැන්ද
-------------------------කුරුළු-----------------

2 comments:

  1. පිරිමි ආදරේ කරන්න දන්නෙ නෑ ;)

    ReplyDelete