Tuesday, June 12, 2012

ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිවුවා....



කස්තුරි සුවදක සත්තකින්ම මම
ඔබ පිළිබඳ සෙවුවා
ඉස්සර සුසුමක සුවඳ පොදක් වී
ඔබ හට මා එවුවා
සපුමල් වහිනා ප්‍රේම වසන්තය
ඔබෙ උණුසුම මැවුවා
ලස්සන හීනය සත්තකින්ම මම
ඔබෙ නමටම ලිවුවා....
( අසංකාරිකව හෝ සසංකාරික මට මේක මතක් වුණා )

මතකද මට ෆෝන් 2ක් තිබුණ
එකක් මොබිටෙල් අනික ඩයලොග් 1
මොබිටෙල් එක තියන් හිටියෙ ඔයා වෙනුවෙන්
ඔයාට කෝල්ස් ගන්න
අනික බිස්නස්

ඒත් සමහර වෙලාවට මොබිටෙල් ලයින්
තියෙන මගෙ යාලූවොත්
මොබිටෙල් නොම්බරේට කථා කළා
ඒ වෙලේට නිකං හරි ඔයා
කථා කල මොබිටෙල් නොම්බරේ
එන්ගේජ් හරි කෝල් වේටින් හරි
තිබුණොත් එදාට මට බැණුම්...
මතකද ?

මම කෝල් කලාම ඔයා අහන ඒව
‘‘ඇයි ගත්තෙ ?
අනික් කෙල්ලට කෝල් කරල ඉවරද
?
බොරු කියනව මට විතරයිලූ ඔය නම්බරේ දීල තියෙන්නෙ

ඒත් දැං හැමෝම කථා කරන්නෙ ඒකට
’’
ඉන්නවකො මාත් දෙනව මේ නම්බරේ කාට හරි...

දීල ඔයා කථාකරනකොට

ඔයාටත් කෝල් වේටින් ඉන්න වෙයි..

එදාට තේරෙයි හුහ්....
’’

අපෝ එදාට ඉවරයක් නෑ බැනල
මම ඉතින් ගොනා සේ
අහන් ඉ`දල ඉ`දල
බැරිම තැන

‘‘තමුසෙට ඕන නම් දෙනව
එකෙක්ට නෙමෙයි

දහයක්ට .... දීල කථා කර කර ඉන්නව මට කමක් නෑ හැබැයි

ඊට පස්සෙ මගෙ පස්සෙන් එන්න එපා

අරය මෙයා ඇ
`ගේ එල්ලෙන්න එනව
කියාගෙන හරී..........
’’

‘‘ ඉතින් මොකෝ මට ඔයා නැතුව ඉන්න පුළුවන්.. 
හිතං ඇති මෙයා නැතුව අපිට ඉන්න බැරි වෙයි කියල..’’

ඉතින් මට තරහ ගිහින් මම ෆෝන් එක තියනව....

මම නැතුව ඉන්න පුළුවන් කියපු කෙනා
විනාඩි 5ක් යන්න කලින්
මෙන්න ආයෙ රින්ග් කරනව....

මලකෝලං

කාට කියන්නද? මම ඉතිං තනියෙං හිනා වෙලා ආන්සර් කරනව....

‘‘ඇයි තිබ්බෙ ෆෝන එක?’’
ඔයා අහනව ?

‘‘නෑ ඉතිං මම නැතුව ඉන්න පුළුවන්නම්,
වෙන අයත් ඉන්නවනම්
මම මොකටද තවත් කථා කර කර ඉන්නෙ?’’
හිනාව තද කරන් මම කියනව..

‘‘ඒ මට වෙන කෙනෙක් ඉන්න කොට.. එතකන් මා එක්කල කථා කරන්න
ඕන.. නැත්නම් මම බලා ගන්නම්....’’

මම හයියෙන් හිනා වෙනව..
බලා ගන්න? ඔයා මොනව කරන්නද අනේ..
ඒත් ඔයා මට ඒහෙම කියන්නෙ
ආදරේ හිංද කියල මම දන්නව... 


සෑහෙන දුරක් ඇතීන් මට පෙනෙන සඳ
කවියක් දෙකක් ලියනව මගෙ හිතට පැන
දැනුනත් දුකක් මෑතින් ‍නුඹ නොමැති සඳ
තාමත් නුඹට මෙහෙ, කවි ලියනවා හද
  --------කුරුලු------

3 comments:

  1. ආදරේ ඇත්තටම පිස්සුවක්....

    ReplyDelete
  2. hmmm... beheth nathi... honda karanna beri ledak... ath welawakata wasangathayak wenawa... " Netha lowe un rasanduna - Adare se suwadena..."

    ReplyDelete
  3. ලස්සන හීනය සත්තකින්ම මම
    ඔබෙ නමටම ලිවුවා....

    ReplyDelete