Friday, June 8, 2012

නුඹටත් කෙනෙක් හිඳීවි.. දවසක හොයාන ඒවී.....ඒ එනතුරා.....




♫♫ ***************************************
කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපණැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුලු හෙලා ගංගාවක
****************************************** ♫♫
ජීවිතේ කියන්නෙ පත්තරයක් කුරුළු,

මට එහෙම කිවුවෙ මුතූ... ( මුතු හේවාගම)

හ්ම්.... ම්.....

ජීවිතේ පිටු වල අපි එක එක දේ 
ලියනව පත්තරේ වගේ..
ඇඟ වෙහෙසන ක්‍රීඩා...
 දුක හිතෙන නව කතා,
සතුටු හිතෙන කෙටි කථා, 
භය හිතෙන ප්‍රවෘත්ති 
හිනායන කාටුන් 

අපි ජීවිතේ හදා ගන්නෙ කොමද ?
ඒ හැම එකක්ම පත්තරේ තියෙනවා.. 
අපේ ජීවිතෙත් තියෙනවා

එය එක පිටුවක් හරි අඩු වුණොත් පත්තරේ 
වැඩක් නැතිවෙනව ජීවිතෙත් එහෙමයි..

ආදරේ කියන්නෙ පත්තරේ කවරෙ...
අනික් හැම පිටුවකටම වඩා ලස්සනම පිටුව ඒක..

අනික් හැම පිටුවකම දේවල් වලින් 
චුට්ට චුට්ට ඒකෙ තියෙනවා..

හැම කතාවකම මුල පිටුව තියෙන්නෙ ඒ පිටුවෙ..

ආද‍රෙත් ඒ වගේමයි..

අපි මිනිස්සු 
පත්තර කියවන්නෙ එක එක තැනින්
සමහරු ක්‍රීඩා පිටුව ඉස්සෙල්ල කියවනව 
සමහරු ප්‍රවෘත්ති පිටුව
සමහරු කාටූන් පිටුව 

ඒත් මතක තියාගන්න කුරුළු හැමෝම කවරෙත් කියවනව...
මොකද නැත්නම් පත්තරේ පත්තරයක් වෙන්නෙ නෑ...
අර අනික් පිටු ඔක්කොම ආවරණය වෙන්නෙ ආදරේ පිටුවෙන්..- කවරෙන්....

ආදරෙත් එහෙමයි අපේ ජීවිතේ වට කරන් ඉන්නෙ..

-ඇත්ත මුතු දැන් තමයි ඔයා කිවුව දේවල් මට තේරෙන්නෙ -

ආදරේ නැකි වුණාම කවරෙ නැති පත්තරයක් වගේ.... 
හැබැයි කුරුළු කවදාකවත් කවරෙකට රැවටිලා පත්තරේ ගන්න එපා...

හා......

♫♫ ***************************************
මගෙ හිතේ පිරී තියෙන හැගුම් කෝටියයි
 මම තවම එයින් නුඹට කිවුවෙ බාගයයි
****************************************** ♫♫
 
කියනවද හමු‍වුණොත්
කඳුලු නැති හදවතක්
තියෙනවද බලනවද?
ආදරේ පැල්ලමක්

අහනවද නොරිදවා
නුඹ එයින් ආයෙමත්
දෙනවාද ආදරේ
අයෙමත් කාටවත්
-------------- කුරුළු ය -----------

3 comments:

  1. මගෙ හිතේ පිරී තියෙන හැගුම් කෝටියයි
    මම තවම එයින් නුඹට කිවුවෙ බාගයයි

    ReplyDelete