Monday, June 11, 2012

සංවේගයෙන් දන්වා සිටිම් වෙන් වීම මා ඇගෙන්...





ආදරය බයයි මිත්‍රත්වයට " ඔෂෝ " එහෙම කියනව ?

අපි මිත්‍රයෝ නම් ඔයා දෙයක් ගන්නකොට මම කියාවි
මම ඕකට ආස නෑ ඒත ඔයාට ලස්සනයි ඔයා ගන්න
 
අපි දෙන්න කෑමකට යනකොට මම ආස නැති තැනකට ගියත් 
මම කියාව ි" මම මෙතනට ආස නෑ ඒත් ඔයා ආසයිනෙ" ඒ නිසා කමක් නෑ

ඔයා ඇඳුමක් අඳිනකොට මම කියයයි 
" මම නම් ඔය ඇඳුමට ආස නෑ" ඒත්
ඔයාට ගැලපෙනවනම් කමක් නෑ කියල...
 
ඒත් අපි ආදරේ කරන්න පටන් ගත්තාම ???

මම කෙලින්ම කියනව 
ඔයාට ලස්සන මේක ඔයා ඒක ගත යුතුයි කියල
අපි කෑම කන්න ඕන මෙතනින්මයි කියල
ඔයා අඳින්න ඕන මම ආස ඇඳුම කියල

ආදරේ පට්ට ආත්මාර්ථකාමීයි...


ඒ දවස් වල අපි රණ්ඩු වුණා

ඇයි ඒ...
‘‘ අරක කරන්නෙපා,  
මේක කරන්නෙපා,
අරෙහෙ යන්නෙපා.. 
මෙහෙ යන්නෙපා...
අරය එක්ක කථා එපා.. 
මම එයාට වැඩිය කැමති නෑ....
ඉක්මනට ගෙදර යන්න....’’
ඔයා කිවුව...........

මම බැහැ දරුවො එහෙම කරන්න
මම මගේ රස්සාව කරන්න ඕන නෙ,
මම කෝමද ඒ අයත් එක්ක කථා නොකර ඉන්නෙ’’
ආදරෙන් මම කිවුව...

ඒත් ඔයාට තේරුණේ නෑ......

මම දේදුන්නක්... දේදුන්නට පාට හතයි 
ඒත් ඔයා කැමති කැමති වුණේ
මගේ පාට දෙකක ට නැත්නම් තුනකට

අනික් පාට අයින් කරන්න ඒවට මම කැමති නෑ........................
ඔයා එහෙම කිවුවත්

දේදුන්නකින් පාට අයින් කරන්න පුළුවන්ද?

ඒ නිසයි අපි ගොඩක් දවස්වලට
රණ්ඩු වුණෙ.....

දේදුන්නක් කොහොමද තමන්ගෙ පාට අයින් කරන්නෙ...
ඇයි ඔයා තේරුම් නොගත්තෙ.........
අමතක කරන්නෙපා අපි ඉන්නෙ
කැරකෙන ලෝකෙක
 ලෝකෙ කැරකෙනව 
ඒ අපිවත් අරගෙන
හැබැයි අපි තේරෙන්නනෙ නෑ
 අපිට එක තැන ඉන්න බෑ...
කැරකෙනව....කැරකෙනව

ඒ විතරක් නෙමෙයි අමතක කරන්නෙපා
මේක ඇල වුණු ලොකයක්

 ඉතින් අපි කෝමද කෙලින් ඉන්නෙ

මට තනියෙන් මිනිස්සුන්ට ආදරේ උගන්වන්න බෑ....
ඔයාලත් එන්න.............


කවට කම් ඇති
දැනට නවතිමු
රිදෙන සිත ගෙන
අදට නළවමි

අපට අප නැති
ලොවක හෙට යලි
ඉන්න වෙන බව
නුඹට පවසමි

----------කුරුළු---------

1 comment:

  1. ආදරේ පට්ට ආත්මාර්ථකාමීයි...

    ReplyDelete