Wednesday, June 13, 2012

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් - දුක නැතිවමත් නෙවෙයි නුඹ යන්න යනවනම්.....




සුදු නංගී වෙත

මෙච්චර කාලයක් සංකල්පනා නොලිය හිටිය මට 
එකපාරටම ඔයාට ලියුමක් ලියන්න හිතණෙ ඇයි කියල ඔයා බලයි.

ඒක ඉතිං ඔයා දන්නවත් එක්ක.....

හ්ම්........ අපි කොච්චර ඈත් වෙලාද ?

ඔයා දන්නව මේ මාසෙ ඔයාට කොච්චර වැදගත්ද,  
මට කොච්චර වැදගත්ද, අපි දෙන්නට කොච්චර වැදගත්ද 
රටට කොච්චර වැදගත්ද කියලා...

වැදගත් දවසෙ වත් ඔයා මට කෝල් කරයි කියල මම බලන් හිටිය... 
ඉස්සර නම් ඒ දවසට ඉස්සෙල්ලාම කෝල් කරල සුභ පත්නනෙ මම ඊට පස්සෙ ඔයා..... 
ඒත් මේ පාර...... අඩුම තරමෙ ඔයා කථා කරල ,

අයිය අද දවස මතකයි ද ?’
කියලවත් අහයි කියල මට හිතුණ......

මොනව කරන්නද? දැං ඔයාට මගේ අඩුව පුරවන්න
වෙන කෙනෙක් ඉන්නවනේ.....

එයාගෙන් කොච්චර දුරට මගේ අඩුව පිරෙනවද
?
කෙනෙක් නැති අඩුව තව කෙනෙක් ගෙන් පිරිමහගන්න -
පුරෝගන්න පුළුවන්ද ?

හ්ම්...... මම නම් හිතන්නෙ නෑ........

කොහේ හරි අඩුවක් ඇති..... 
ඉතුරු වෙච්ච... 
අන්න ඒ අඩුව අපිට දැණුන දාට අපි ඒ අපි අතහැරපු,  
අපෙන් අත් හැරිච්ච කෙනාව ආපහු හොයන්න පටන් ගන්නව..... 
ඔයත් මාව හොයාවි....

කොහොම වුණත් ඔයාට මගෙන් සුභ පැතුම් !!

මං මට මනාපය දෙන්න කියල මගේ මූණුපොතේ බිත්තියෙ ලිවුවට
 ඔයා ඇරෙන්න ගොඩක් දෙනෙක් මනාපය මට දීල තිබුණ.... 
වැඩැක් යෑ.....

 ඔයා නැතිව වෙන කවුරු මනාපෙ දුන්නත්....

මේ මාසෙදි මට ඔයාව මත්ක් වෙන සිද්ධි කිහිපයක්ම වුණා... 

මුලින්ම මම අර කලින් කියපු සිද්ධිය තමයි හුඟක්ම කිට්ටු.

දෙවැනි එක තමයි අර චන්ද්‍රග‍්‍රහණෙ.....
 කොහෙන්දෝ හෙවනැල්ලක් ඇවිල්ල හඳ වහ ගත්තෙ....
මම එතකොට ඇස්වග ගත්ත ඒක දිහා බලන්නෙ නැතිව......
ඒ ඇස් වලට හොද නැති නිසා නෙමෙයි...
මගේ ඇස් වලට ඒක දරා ගන්න බැරි වෙච්ච නිසා..ඔයාව මතක් වුණ නිසා......

අපි දෙන්න මැද්දටත් කොහෙන්දෝ මන්දා
 එකපාරටම කළු හෙවනැල්ලක් කඩන් පාත් වුණා මතකද ?
ඒකෙන් පොළොවෙ හිටපු මට අහසෙ හිටපු ඔයාව පේන්නෙ නැතිව ගියා.......
මම හිතුව ඒ ටික කාලයකට වෙන්න ඇති කියල...

නෑ... මම වැරදී... 
ඔයා ඒ හෙවනැල්ල පිටිපස්සෙ තාමත් හැංගිලා....... 

මම තාම උඩබලන් ඉන්නවා ඔයාට
පේනකන්......

නොවී මම වෙහෙස
ලියමි කවි දහස
නිවෙන තුරු පවස
බලනු මැන සුහද

මිතුර මා සබඳ
හෙටයි ඒ දිනය
ස‍ඳෙන් ගෙන කිරන
හොරෙන් ඈවෙත යවන

 --------කුරුලු------

1 comment:

  1. දැන් ඉතින් බලන් හිටිය ඇති අයියා :)

    ReplyDelete