Monday, June 18, 2012

ආදරේ වැඩී... වෙනදටත් වඩා- පාළුවේ හැඟුම් හදට දැණුනෙ දැන් තමා...




"කෝල පිණි පොදේ පෑයු සඳ වතේ නීල නෙතු යුගත් යාවේ..
මගේ ආදරේ වාගෙ සාගරේ ඊට මායිමක් නෑනේ..."

 ඉස්සර ඔයා හිනා වෙලා මගේ ඉස්සරහින් වාඩි වෙනව
සද්ද නොකර ටික වෙලාවක් මගේ දිහා බලන් ඉන්නව
අයිය මේ අහන්නකො...
(ඔන්න පටන් ගන්නව)

එතැන ඉඳං පුංචි ළමයෙක්ගෙ
කථාවකට කන් දෙනව වගේ අම්මෝ මෝ මෝ ...............
වටේ පිටේ දේවලූයි, කාපුවයි, බීපුවයි
එහා ගෙදර ඒවයි, බලූ පැටිය ගැනයි, ටී.වි එකේ ගිය ඒවයි

ඉවරයක් නෑ...
මම ඉතින් කෝච්චියට අහුවෙච්ච රුපියල වගේ  
කනෙන් කනට ෆෝන් එක මාරු
කර කර ඉන්නව.....

කොච්චර බැන ගත්තත්
ෆෝන් එක තියෙනකොට

‘‘අනේ අයිය ආදරෙන් මොනව හරි
කියල ෆෝන් එක තියන්නකො
’’
 
ඔයා කියනව..

‘‘ඇයි දෙයියනේ දැං මෙච්චරල කථාකළේ ආදරෙන් නේද? ආයෙ තව මොනවද? මම අහනව...

‘‘ අනේ අනේ මගෙ හොඅයියනේ මට ආදරෙන් කියන්න මට ආදරෙයි කියල.. එක පාරක්.....’’

මමත් ඉතින් බේරෙන්න බැරිම තැන
‘‘ මම ආදරෙයි මගෙ සුදු නංගී’’
කිවුවම...

ඇති යාන්තං ඔයා නිදියනව....

මගෙ අම්මෝ ෆෝන් එක තිබ්බ තැන මගෙ කන රත් වෙලා......

ඒ දවස් වල ඔයා මගේ ෆෝන එකට නිතරම රින්ග් කරනව..
මට වැඩක් කරන්නත් නෑ කන්නත් නෑ.. ටොයිලට් යන්නත් නෑ
මුණ හෝදන්නත් නෑ..

මට වඩා ඒක අපේ ගෙදර මිනිස්සුන්ට ඒක වදයක් වෙලා තිබුණෙ..
දන්නවනෙ ඉතිං...

ඒ හිංදම මම දවසින් දවස රින් ටෝන් මාරු කළා...
දවසක් මම කකා ඉන්නකොට ඔයා රින් කළා
අප්පච්චි... මට ෆෝන එක ළට ගෙනත් දුන්න හිනා වෙලා.....
 
ඔයා කෝල් කරල ඉවර වුණාට පස්සෙ
මගෙන් අහනව,
‘‘කවුද? අර ළමය නේද කථා කලේ’’

‘‘ඔව්’’ මම කිවුව,
 
උඹ සද්දෙ මාරු කරන්නෙ අපිට
නොතේරෙන්නද?

අනේ අනේ මිනිහෝ.....
‘‘ සද්දෙ වෙනස් වුණාට ගඳ එකයි ’’ ඒක ඔළුවට ගනිං....

අප්පච්චි කිවුව එකට හිනා යන්න අවත් කට තද කරන් හිටිය,  
මොකද කථාව ඇත්ත.
 
ඒ විදියට ආදරෙන් හිටුපු අපි දෙන්න
අද
?............................

 
නෙත
නිදි නැති

නෙක
කවි ඇති

නුඹ
ලඟ නැති

සිත
වැල පෙති

=====කුරුළු=====

3 comments:

  1. සද්දෙ වෙනස් වුණාට ගඳ එකයි ’’ ඒක ඔළුවට ගනිං අයියේ!!!!!!

    ReplyDelete
  2. ‘‘ සද්දෙ වෙනස් වුණාට ගඳ එකයි ’’ ඒක ඔළුවට ගනිං....

    ReplyDelete