Wednesday, June 6, 2012

තටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා - කොහොම කීවත් නවත්වන්නට බෑ...



*************************
ඇයි යන්න ගියා මැකිලා
වන සිරසට තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ 
ඇය යන්න ගියා මැකිලා
*************************

ඔයා හරි ආසාවෙන් හිටිය අපේ ගේ බලන්න
ඒත් ඔයා එන්නෙ නෑ
අපේ ගෙදර
මන් දන්නෙ නෑ ඒ ඇයි කියල
මාත් එක්ක තරහ නිසාද ?

ඔයා ඉස්සර නම් ආව අපේ ගෙදර කට්ටියත් එක්ක

ආවම මුළු ගේම ඇවිදිනව..පොඩි එකෙක් වගේ

‘ අයිය මට ආසයි ඔයා ගෙ කාමරේ බලන්න 
මොනවද ඒකෙ තියෙන්නෙ.. 
දොයිය ගන්න ඇ‍ඳේ කොට්ටෙ උඩ ඔලුව තියන්න ඕන මට..”

මගේ අම්මෝ... උඹට නින්ද ගියොත් එහෙම...

අයිය මේ එක නෙවෙයි මට ඔයාගෙ ටී ෂර්ට් එකක් ගෙනත් දෙන්නකො

ඒ මොකටද?

මට ලගින් තියා ගන්න නිදා ගන්නකොට ඇ‍ඳේ තියාගන්න

ඇහ් මම ඇඳපු එකක්ද ?

නැතුව අලුත් එකක් ඔන නං මං කඩෙන් ගන්නවනෙ?

අපෝ මගෙ එවුව පරණයිනේ

කමක් නෑ අයියගෙනේ...

(වදෙන් බේරෙන්න බැරිම තැන මම එකක් ගෙනත් දුන්න..)

මතකද ඒක දැන් නම් කොයි ‍ලෝකෙක තියෙනවද දන්නෙ නෑ....

“ඒත් මේ සංකල්පානාව කියවද්දි ඔයාට ඒක මතක් වෙයි කියල මම දන්නව”

♫♫ අතීතය සිහිනයක් පමණයි
       සැබැ සුවයක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණානම්
මෙදා වියොවක් නෑ ♫♫

ඒක ඇත්තද ?

( මේ සිංදුව ආදර සින්දුවක් නම් නෙමෙයි.. මේකෙන් කියවෙන්නෙ නිර්වාණ අවබෝධයට
අල්‍ලා ගැනීමෙන් පලක් නෑ කියන- ලෝභය දුරැ කිරීමේ අරැත- සින්දුවම අහල බලන්න ලියපු කෙනා ලියපු අර්ථය එහෙමයි.. උඩින් බැලුවොත් ආදර ගීතයක් වගේ )

ඒ නිසා කිසිම දේක උඩින් බලන්නෙපා ( යටින් බලන්න ) 

"ඇළට ඇල කල
මගේ කවි හිත
ගඟට ලඟ ගල්
අතර හිර වුණි

පෙරී මිරිකී,
ඉතිරි වු පෙම්
සුදෝ සුදු පෙණ,
ලෙසට දියවුනි"

--------------------- කුරුළුය --------------------

3 comments:

  1. එලෙස දියවුනු
    හිතේ තවමත්
    රැඳී ඇත්දෝ
    ආලයක්...??

    ReplyDelete
  2. අයිය මේ එක නෙවෙයි මට ඔයාගෙ ටී ෂර්ට් එකක් ගෙනත් දෙන්නකො.................

    ReplyDelete