Thursday, June 7, 2012

තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට - මටත් නිදන්නට ඕනෙම නෑ....



‘‘ඇයි අයිය ඔයා මට එක එක ඒව කියන්නෙ 
ෆෝන් එක ගත්තු වෙලේ ඉඳන් ’’

ඉතින් හරි වැඩක්නෙ 
නංගෝ මම එක එක දේවල් කියන්නෙ නැතිව 
එකම දේ කිය කිය හිටියොත් ඔයාට මාව එපා වෙයිනෙ.........

ඒ ඉස්සර.... දැං......?

එකම දේ කිය කිය ඉන්නවත්,  
එක එක දේ කියන්නවත් ඔයා ෆෝන් එක 
ආන්සර් කරන්නෙ නෑනෙ......සිම් එක මාරු කරල........

හැබැයි මම හොයාගත්ත 
ඇයි ඔයා සිම් එක මාරු කරන්න හේතුව..

මම ඔයාට දුන්නෙ මොබිටෙල් සිම් එක 
අයින් කරල අරය දීපු ඩයලොග් සිම් එක 
දාගත්තෙ ඇයි කියල මට ඊයෙ ටීවි බලනකොට තේරුණා...

මොබිටෙල් දැන් තවත් ගණන් අඩු කරල
තුන්වෙනි විනාඩියෙ ඉන් කොච්චර කථා කලත් ශත 50යි ලූ,
ඒත් ඉතින් ඩයලොග් 
තාමත් තත්පරේටනෙ අය කරන්නෙ...

මට හිතෙන්නෙ ඔයාගෙ ආදරේ ටිකක් ගණන්..
ලාබෙට ලව් කරන එකත් හරි නෑ නේද
?...

මම ගිය සතියක ගාල්ලෙ ගියා ඒක හැමෝම දන්නව.....

කොටුවෙන් නැග්ග ඒසී එකක... 
පැය තුනක් ගමන.. මුළු ගමනෙදිම මට ඔයාව මතක් වුණා...
මට මහ පාළුවක් දැනුන නංගි..
වෙනද මම දුර ගමනක් යනකොට
 ඔයා ඊට කලින් දවසෙ කොච්චරනම් මට කෝල් කරනවද?

අරව ගත්තද ?මේව ගත්තද?
 පරෙස්සමෙන් ගිහින් ඉක්මනට එන්න,
වෙන කෙල්ලො දිහා එහෙම බලන්නෙ නෑ හො‍‍ඳේ....
ගියාම මට කෝල් කරන්න
කොච්චර දවසක් ඉන්නවද?
 හැමදම හවසට කෝල් කරන්න
වෙලාවට කන්න වැඩිය මහන්සි වෙන්න එපා
බේත් ටික ගත්තද ?

මටත් නැති ප‍්‍රශ්න ඔයාට......
ඒත් දැං....................................


මුළු ගාල්ලම පාළුයි.................
හ්ම්...........................................................








 
ල‍ඳේ නුඹ ගැන
නුඹේ නම ගම
මෙහෙම කවියෙන් අහනවා
අනේ නුඹ තව
අහක බල බල
දැක්කෙ නෑ වගෙ ඉන්නවා

 -------------------------කුරුළු---------------------------

1 comment:

  1. මටත් නැති ප‍්‍රශ්න ඔයාට......

    ReplyDelete