Monday, June 4, 2012

අහන් ඉන්න අහගෙන ඉන්න.. මගෙ හිත මොනවද.. මුමුණනවා




මට එකක් තේරෙනව අපි දෙන්න මුණ ගැහෙන හැම වෙලාවකදිම දැන්
ඔයාට මා එක්ක කතා කරන්න ඔන වගේ හිතෙනව

ඒ මගේ සංකල්පනා කියවලද දන්නතේ නෑ.................

වැඩ පොලේදි වුණත් ඔයා මගේ ලගින් හිට ගත්තම මම ගොලු වෙනව
මම ටිකක් ඈතට යනව උවමනාවෙන්ම ඔයාගෙන් ඒ වෙන මුකුත් නිසා නෙවෙයි..
එයා මා එක්කල කතා කරයි කියල බයට..
නැත්තම් මම කතා කරයි කියල බයට
මම මොනව හරි කියල අයෙමත් අපේ හිත් රිදෙයි කියල බයට...

මම ඔයාගෙ හිත රිදෙන්න මොනව කියන්නද ?

“ මම ඔයාට ආදරෙයි” කියයි

ඉස්සර ඔයා ගොඩක් සතුටු වෙන්නෙත් ඒ ටික කිවුවම මට කියල බලෙන් කියව ගන්නව
ඒත දැන්....
ඔයාට ගොඩක් රිදෙන්නෙ ඒ වචන වලින්.....

කලකදි රහ දේ කලකදි වහ වෙනව නංගි.....

**********************************
ඒ මොනව උනත් අනේ ඔයා මා එක්කල ඉස්සෙරලම කතා කරන්න හො‍ෙඳේ

මොනව හරි ගැන ...  සංකල්පනාව ගැන
අපේ අම්ම ගැන තාත් ගැන මල්ලි ගැන
මොනව හරි අහන්න.....

එදාට මට හොඳට නින්ද යයි....

නැත්නම් මෙහෙම ගියොත් තව ටික කාලෙකින්
මම
ඇත්තටම සදහටම නිදාගනීවි....

ඔයා නම් දැන් හොඳට කාල ගොරව ගොරව නිදි ඇති සුදු නංගි...
ඒත් මම... ?

♫♫ ********************************************* 
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි - විරහ ගීතයක පේලි දෙකක් අපි
************************************************ ♫♫
පිරිමින්ට මෙච්චර ආදරේ කරන්න පුළුවනිද කුරුළු ?
සංකල්පනා පටන් ගත්තු මුල් කාලෙ කවුරු හරි මගෙන් ඇහුව..

අද මම ඒක ඔයාලගෙන් අහනව ?
පිරිමින්ට මෙච්චර ආදරේ කරන්න පුලුවනිද ?

 
ඊයෙ අමතර පැයක කාලෙක
හිටිය වලකුල් පිරුණු ලෝකෙක
කිසිම අඩුවක් නොතිබු වේලෙක
අඩුව දැණුනේ නුඹේ ආලෙක

---------------------------------- කුරුළු ය ----------------------

5 comments:

  1. මරැ ආහ්ග ලියන පොස්ට් ඇත්තටම හොදයි අඩුපාඩු නැති තරම්. ආදරේදි හැමදාම වගේ පැරදුනේ කොල්ලො එකයි මෙච්චර විරහ ගිත පිරිමින් අතින් කියවෙන්නෙත් ලියවෙන්නෙත්

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අත්තතෙ තියන්නෙපා බං වැටෙයි මං...

      Delete
  2. මෙහෙම ආදරේ කරන කෙනෙක් දැක්කමයි කුරුළු....

    ReplyDelete
  3. පිරිමින්ට මෙච්චර ආදරේ කරන්න පුළුවනිද කුරුළු ?

    ReplyDelete