Friday, June 15, 2012

පා වෙලා යමු ඈත ලොවකට - නිවා ලතැවුල් ජීවි‍තේ......





එහෙම වෙන්නෙ ෆිල්ම් වල.....
අප අපේ තත්වෙ පේනව නේද.......

හැබැයි ඒ ෆිල්ම් එකේ අදහසට නම් මම කැමතියි...
ඔයා කැමති පොත්තට.....

හිහ්.....
ඇත්තටම ඔයාට නම් ඒ දවස් වල පිස්සු....
ඔයාට මතකද ඔයා දවසක්මට කිවුව......

අයිය දන්නවද මම කවුරු වගේද කියල
නෑනේ
අනේ අනේ ප්ලීස් හොට බලල කියන්නකෝ
හ්ම්...........
අනේ මන්ද නංගි... ඇත්ත කිවුවොත් ඔයා තරහවෙයිද ?
නෑ නෑ කියන්නකෝමට 
පේන විදියට නම් ඓයිෂ්චර්යයා රායිවගේ

(මම බටර් න්‍යාය දැම්ම)
පිස්සු අයියටනම් හොඳටම පිස්සු....

ඉස්සෙල්ලම ගිහින් ඇස් දෙක පෙන්වන්න
දොස්තර කෙනෙකුට... මම එච්චර ලස්සන නෑ...

එහෙම කියල ටික වෙලාවක් මගේ උරහිසට ඔළුව තියගෙන හිටපු ඔයා 

එකපාරටම...

හරි අයිය... මම ඓයිෂ්වර්යයා රායි....
ඔයා අභිශේක්...... කෝමද

ජෝඩුව.......ආ........

මම හිනා වෙලා බිම බලා ගත්ත...
ඇත්තටම මම ඒකට කැමති වුණා

මම කැමතියි ගුරුෆිල්ම් එකේ වගේ අපි දෙන්නට  

ඕන දුකක් ඉවසගෙන දරාගෙන ඉන්න ලැබෙනවනම්...

හ්ම්........ ඒත් ඔයාට ඉන්න බැරි වුණා......

ඔයා ඩූම් 2’ ෆිල්ම් එකේ වගේ හොරෙක් එක්ක පැනල ගියා.......

ඒකෙත් හැටි.............................

අදටත් මම දේව්දාස්වගේ බලන් ඉන්නවා මගේ පාරෝ එනකම්.......

පරක්කු වෙන්න එපා.........

මේ දේව්දාස්ට මැරෙන්න බෑ............

මම දන්නවා මගේ පාරෝ මට තාමත් ආදරෙයි කවද හරි මගේ ළගට ඒවි...................
 
නිදිමත ඇවිත් ටික ටික දැන් ලඟට මගේ
මොන මොනවදෝ හෙමීට කියනවා වගේ
ජනේලයෙන් එන කිරණත් ඈත ස‍ඳේ
නුඹ නැති ඉඩේ අඳිනව බලිකුරුටු ඇ‍ඳේ
 ------------------කුරුලු---------------------

1 comment:

  1. හ්ම්.... එයා ගොඩක් ලස්සනයි තමයි :) හින්දි නිලියක් වගෙ...

    ReplyDelete