Tuesday, June 19, 2012

මා මිය යන බව පවසා - ඇය එවන්න මා බලන්න..




" ඔබ මගේ වෙලා
මගෙ ළ ට වෙලා....
කියා දෙන්න.... ආදරෙයි කියා"

ඉස්සර වගේම එන්න
මගේ ඉස්සරහින්
වාඩි වෙලා කියන්න ඔයාගෙ හිතේ
තියෙන ඔක්කොම දේ.....

ඔයා ගැන... ඔයාගේ දේවල් ගැන..
අම්ම.. තාත්ත.. ගැන...
නැන්දල, මාම ල, පුංචි ල, ගැන..
ගෙදර ඉන්න ඔක්කොම ගැන..
ඔයා ආදරේ කරන සත්තු ගැන..
කියන්න.. මම අහන් ඉන්නම්....

ඔයා කථා කරනකොට
පුංචි ළමයෙක් වගෙ...
අර දවසක් මම
ඔයාට දීපු පොතේ ඉන්න
‘‘ටොට්ටො චං වගේ’’

"""වැහි පිට වැහි හැලෙන රාති‍්‍රයේ
උණුහුම් වෙමින් තුරුලට වෙලී

මුදු රස වි
ඳින සඳ ඔබයි මමයි..
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි.."""


මට ඔයා එක්ක ඉන්නකොට
වෙලාව යනව දැනෙන්නෙ නෑ
හැමදාම එහෙම ඉන්න
තිබුණනම්......

සමහර විට ඔයාටත්
එහෙම වෙන්න ඇති...

ආ.... තව එකක්..
මම ගොඩාක් ආසයි
ඔයා හදන තේ එක බොන්න...
ඒක හරියට අර
‘‘ ක්ලෝගාඞ් ඇඞ්’’ එක වගේ

දැන් නම් මට හිනත් යනව..

මතකද දවසක් ඔයා
අළුත් කෑමක් හදනව කියල
මට කාල යන්න ඉන්න කිවුව..

හහ්...හහ්.....
එදා මම හිස් බඩින්
ගෙදර ගියා....
ගෙදර ඔක්කෙමත් බඩගින්නෙ...

---- මතක තියා ගන්නන ඕනම බල සම්පන්නයෙක්
රජෙක්
, දේශපාලඥයෙක්,ලොක්කෙක්, වීරයෙක්
තනිවුණාම අඩනව කියන එක.. ඒක අපි හැමෝටම පොදුයි----
 
ඒ කියන්නෙ මටත්..

සුදු නංගි මට තියෙන්නෙ " තනිකම" නෙවෙයි

ඔයා " නැති කම".

සබඳ මම යන
නිතර ඇය වෙත
කිමඳ ගොලුවෙන
රහස ඇය ලඟ ?
 -------කුරුලු----

7 comments:

  1. බ්ලොග් එකට අලුත් ඇඳුමක් අන්දල නේ.....ලත්තනයි ලත්තනයි....

    ReplyDelete
  2. හ්ම්....

    ReplyDelete
  3. සබඳ නුබේ සිත
    නතර වී ඇත
    නිතර යන එන ඇගේ
    සිත ලග..

    ReplyDelete
  4. ආදරය ලඟ
    සිතට නොහැගෙන
    රහස එයමය
    ඔබව ගොලුවන

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අප්ප- ජීමේල් එකකින් හරි ඇවිල්ල කොමෙන්ටු කරන්න මම ආසයි !

      Delete