Monday, July 2, 2012

මැනිකෙ මම අයෙ ගෙදර එනවා - මට හරි කේන්ති යනවා...




පළමු දැකීමෙන්ම ආදරයක් ඇති වෙනවද ?
දවසක් මගේ යාළුවෙක් මගෙන් ඇහුවෙ 
අහම්බෙන් වගේ.....
ඔව් මාත් උත්තර දුන්න....
ඇත්තද ඒක ? පළමු දැකීමෙන්ම ආදරයක් ඇති වෙනවද ?

එකට ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියන්න පුළුවන්....
ඒ කිව්වෙ,එක්කෙනෙක් කියයි...,

නෑ කුරුළු එහෙම වෙන්නෙ නෑ .. 
එහෙම වුණත් ඒක හරි ආදරයක් වෙන්න බෑ...

ඇයි ?’

ඒ කෙල්ලව හරි කොල්ලව හරි දැක්ක ගමන් කොහොමද ආදරයක් ඇති වෙන්නෙ...
එයා කොහොම කෙනෙක්ද? එයා දැනටමත් යාළු වෙලාද ? එයා අපිට ගැලපෙනවද?
එයා මට කැමති වෙයිද?

ඔන්න ඔහොම ගත්තම තව ගොඩාක් ප‍්‍රශ්න තියෙනව කුරුළු,
තව කෙනෙක් කියනව,

"වෙනව කුරුළු... දැක්ක ගමන් ආදරයක් ඇති වෙනව..
ඒක නෑයි කියනවනම් බොරු? ඕනම ආදරේකට වටින්නෙ පළමු දැකීම...
එතෙන්දි කෙල්ල හරි කොල්ල හරි දකින විදිහට තමයි පස්සෙ ආදරේ ඇති වෙන්නෙ....
අනික බං ඔය හතර කේන්දරේ බල බල ලව් කරන්න බෑ බං "

කියල බලපං... පස්සෙනුත් පලයන්...
ට‍්‍රයි පාරක් දාපංකෝ.... පස්සෙ බැරියෑ අනික්වා බලන්න...

ඇත්තටම හරි මොකක්ද?

ඇයි මෙහෙම වෙන්න බැරිද?

පළමු දැකීම වැදගත් ම ද?

දකින්නෙ නැතිව දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද ?

පුළුවනි.. පිටරට දි පෑනේ මිතුරො පෑනේ මිතුරියො විවාහ ගිවිස ගන්නව...
රූපෙ කවදාකවත් දැකල නැති කෙනෙක්ට ආදරේ 
කරන එක / ජීවිතේ කවදාකවත්ම දැකල නැති කෙනෙක් එක්ක 
විවාහ ගිවිස ගන්න එක හරි පුදුමයි... 
ඒත් ඒ දේවල් මේ අපි ඉන්න ලෝකෙම සිද්ධ වෙන දේවල්....

ඔයාල හිතයි නෑ බොරු කියල..
ඒත් දන්නෝ දනිති...

අදහස් වලින් ගැලපෙන නිසයි එහෙම වෙන්නෙ... (මං හිතන්නෙ)

ඉතින් ඉස්සෙලම දැක්ක ගමන් ආදරේ හිතෙන එකත් ,  
ඒ ආදරේ වෙනුවෙන් ජීවිතේම කැප කරන් එකත් විහිළුවක් ද ?

ආදරේ, දිග - පළල - ඝනකම මන්නන ඕන නෑ ආදරේ අදුන ගන්න ඒ ඇති...

අපි දන්න ඇත්තක් තියෙනව... පළමු දැක්මෙන් ආදරේ ඇති වෙනව වුණත්,

හිතන්න, කීයෙන් කී දෙනෙක් ගැනද අපිට එහෙම හිතෙන්නෙ කියල,
මගතොටේදී, පන්තියෙදි, ඔෆිස් එකේදී, පන්සලේදී, පල්ලියේදි, බස් හෝල්ට් එකේදී
කී දෙනෙක් නම් අපිට දවසකට හම්බු වෙනවද?

එතැනින් ආදර් කියාගෙන, ආදරේ කරගෙන අපේ පස්සෙන් එන්නෙ කීයෙන් කී දෙනාද ?
ඇයි හිතන්නෙ නැත්තෙ.....

ඒ එන කෙනාටත් අපි බනින්නෙ ඇයි, අඩුතරමෙ හිනා නොවෙන්නෙ ඇයි,
මොනව කරන්නද?  

නංගි,

ආදරේ කියන්නෙ ලෙඩක් නෙමයි...,
හැගීමක්
සිපගන්න බයයි හිත
වේගයෙන් ගැහෙනවා
ආදරෙන් පතන දේ අපි
අහිමි වීම ම විඳිනවා..

නොපෙනනා දුරක හිඳ
විඳ ගන්න හිතනවා
නොකියාම නුඹ ඇවිත්
මගෙ හිතට එබෙනවා

රිදෙන විට හැ‍ඩෙන බව
නුඹ හොඳට දන්නවා
අපි අපේ නොවන බව
මුළු ලොවම  දන්නවා
-කුරුළු-

1 comment:

  1. දකින්නෙ නැතිව දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද ?

    ReplyDelete