Sunday, July 15, 2012

හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට - මං එහෙම කිවුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට......





ඒ දවස් වල මට ඒලාම් ඔරලෝසුවක්
 ඕන වුණේ නෑ...........

ඔයා හිටියනේ
මගේ ඒලාම් ඔරලෝසුවට

මම කොහේ හරි ගිහින් ටිකක් ? වුණොත්...... ගාණට වෙලාව මතක් කරල දෙනව
මම 9 ට එනව කියල ගියොත් හරියට 9ට කොල් කරනව.....
පාන්දරට කොහෙ හරි යන්න තියෙනව කිවුවොත් හරියට වෙලාවට ඇහරවනව.....

මතක් වෙන කොට නම් හිනා යනව....

මමත් හරියට අර අසිත තවුස වගේ වෙලා.....

හිනා වෙනවයි ඒ එක්කම අඬනවයි ඉවරයක් නෑ...

මෙච්චර වෙලා කණ්නාඩිය ඉස්සරහට වෙලා
ඔයාව මත්ක කරපු මම ආපහු හැරුණෙ ඔයාව ඒ මතකය ටිකක් හරි අඩුකරන්න හිතාගෙන....

ඒත් ..................
ටී ෂර්ට් එක ගලවනකොට ආයෙත් මට ඔයාව මතක් වුණා....
ඒ මගේම අත දැකල....
ඔයාට මතකද නංගි ඒක....
ඔයාගෙ නම ටැටූ කරපු මගේ දකුණු අත ?

හ්ම්..................................
ඒකත් ලොකු කතාවක් නේද ?

මම ටැටූ එකක් කරගන්නද කියල ඔයා ගෙන් කොච්චර බල කර කර ඇහුවද ?
කීපාරක් ද?

ඔයා කිවුවෙ රස්තියාදු කාරයොත් එක්ක ඉන්න බෑ කියල ?

හිතන්න අයිය කවද හරි අපිට ලමයි ඉන්නකොට ළමයිත් ඕවට පුරුදු වෙයි රස්තියාදුකාරයො වගේ මම ආස නෑ......

එහෙම කියපු ඔයා දවසක්
අයිය දැක්කද අමල්ගෙ අතේ තියෙන ටැටූ එක
ලස්සනයි නේද ?

මට ආව කේන්තියට..........

අනික් උන් කරන කොට ලස්සනයි මම තමයි රස්තියාදු කරය වැද්ද ඔක්කොම.....
එන්න එපා මට කියන්න අරක කරන්න මේක කරන්න කියන්න මම කියනව ද?
ඔයාට අයිෂ් වගේ කොණ්ඩෙ වවන්න, ප‍්‍රීති සින්ටා වගේ හිනා වනේඩ, කිය කිය....
මම බැනගෙන බැනගෙන ගියා......

අහසෙ දිලිසෙන පුංචි නිල් එලි
අතරමැද  තාරුකා දහසින්
එකක් හෝ දෙක තුනක් තවමත්
ආදරේ යැයි කියයි රහසින්
සත්තකයි මම මැරෙයි, නුඹගෙන්
වැදී, නික්මෙණ කිරණ පහසින්
දිනක එන්නට, හැකිද පොලවට
මිදී රැඳවී ඉන්න අහසින්

------------කුරුළු-----------------------

7 comments: