Sunday, July 8, 2012

මහත්වරුණි මා නෙලු මල මට සිඹින්න දෙන්න....







අපි හුඟක් දෙනෙක් ටයිටැනික් බලල තියෙනව...

ඒකෙ jack සහ Rose ඉස්සෙල්ලාම මුණ ගැහෙණ තැන මතකද ඔයාලට....

අමතක නම් ආයෙ බලන්න...මතකනම් කල්පනා කරන්න.... පිස්සු හැදෙයි...

'තමන් අකමැති පිරිමියෙක් එක්ක විවාහ වෙන්න කරන බල කිරීමට විරුද්ධ වෙන Rose ඒ මහා නැවෙන් මහ මුහුදට පනින්න හදනවා..

ඒ වේලේ කොහේ දෝ ඉඳන් ආපු දුප්පත් තරුණයෙක් Rose ට කිට්ටු වෙනව, පස්සෙ ඒ දෙන්න අතරෙ සංවාදයක් ගොඩ නැගෙනව...

ජීවිතේ මීට කලින් කිසි දිනක මුණ නොගැසුණු දෙන්නෙක් ඒ වෙලේ මුණ ගැසෙනව...

jack තමන්ට පුළුවන් තරම් දේවල් කියනව Rose ව ඇතුලට ගන්න... ඒත් Rose පනින්න අන්තිම අඩියත් තියනව...

අන්න එතනදි තමයි මම කියන හදවතේ පිපිරීම සිද්ද වෙන්නෙ,
ඔයාලට මතක නම් ඒ වෙලේ jack ගෙ දෙබස..

" ok , when you jump, then i jump."


Rose නතර වෙනව... ඒ නතර වෙන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි..

ජීවිතේ කිසිදාක කලින් කොදැක්ක , මුණනොගැසුණු කෙනෙක්, තත්පර කිහිපයක් හඳුනාගත්තු කෙනෙක් ?

තමන් වෙනුවෙන් මුහුදට පනින්න සූදානම් වෙලා,

ඔයා පැන්නොත් මාත් පනිනවා’..
මොකක්ද දෙන්නගේ ඒ වෙලේ වෙනකොට තියෙන හැඳුනුම් කම.......?

ආදරේ මහ පුදුම දෙයක්.... අන්තිමට ඒ දෙන්නා
අසීමිතව ආදරේ කරනව....

විතරක් නෙවෙයි චිත‍්‍රපටියෙ අන්තිමට අසීමිතව ආදරේ කරන 
දුප්පත් කොල්ලෙක් ආදරේ වෙනුවෙන් මිය යනව... 
ඒවගේම දුප්පතෙකට ආදරේ කරන පෝසත් කෙල්ලෙක් තමන්ගෙ ඉතිරි මුළු ජීවිත කාලෙම ගෙවනව තමන්ගෙ ආදරවත්තයා සිහිකරමින්....

"ආදරේදි කවදාකවත් සල්ලි ඉස්සර කර ගන්නත් එපා
කවදාකවත් සල්ලි පස්සෙ යන්නත් එපා"

ඒත් ඇත්තටම ඒ දෙන්න ආදරේ කළේ කොච්චර කාලයක් ද?...

ඕව වෙන්නෙ ෆිල්ම් වල විතරක් නෙමෙයි....

ඔයාට මම කියන දේ තේරෙනව ඇති....

නුඹට ලියන කවි පද මගෙ පෙනෙනවද?
Like නොදා එක එක නුඹ බලනවද?
තාම මගේ කවි වල රහ දැනෙනවාද?
තරහ නොවී මට request කරනවද?


--------------කුරුළු-----------------------

5 comments:

  1. තරහා නොවී මට රික්වෙස්ට් කරනවද????

    ReplyDelete
  2. බොහොම ලස්සන පෝස්ට් එකක් කුරුළු..

    ReplyDelete
  3. Rose: You're distracting me! Go away!

    Jack: I can't. I'm involved now. You let go, and I'm, I'm 'onna have to jump in there after you.

    Rose: Don't be absurd. You'd be killed!

    Jack: I'm a good swimmer.

    Rose: The fall alone would kill you.

    ReplyDelete