Thursday, July 19, 2012

කුරුළු - තරහට හරි තුරුළු කර ගන්න...





අපි උපදින්නෙ ඇත්තටම
, දෝමනස්සය නැමති තොටිල්ලෙ
ඊට පස්සෙ සමාජෙට ගියාම අවාසනාව කියන උකුලට වැටෙනව
ටික කාලකෙට පස්සෙ පීඩාව කියන නිවසෙ පදිංචියට යනව
කඳුලු - දුක එකතු කරන්න පටන්ගන්නව -
ඒකට කියනව විවාහ වෙනව කියල
බටහිර දාර්ශනිකයො සාම්ප්‍රදායික විවාහ නිර්වචනය කරන්න
මේවගේ උපමා යොදා ගත්ත

අපි හැම විටම කියන්නෙ පිරිමිය මහා පුරුෂයෙක් කියල
ඒකයි අපි රැකියාවක් නොකරන කාන්තාවක්
ගෙදර හිටියම කියන්නෙ
මොකක්ද ඇගේ රැකියාව ඇහුවාම
ඇය ගෙදර නිකං ඉන්වයි කියල
බිරින්දෑ වරු කරන්නෙ මහා පුරුෂයන්ට බිරිදක් වෙන එක
මා ඔබට යෝජනා කලොත් මහා පුරුෂයෙකුට බිරිදක් වෙනව වෙනුවට
පිරිමින්ට පුළුවන් නම් - මහා බිරිඳකට පුරුෂයෙක් වෙන්න

මොකද
මේ බොහෝ ආදර ගීත වල කතා කරන්නෙ ප්‍රේමය, ආදරය, මාතෘත්ත්වය
මනමාලියක් ගැන, ජීවිතය ගැන
මේ තරම් ආදරයේන් ආමන්ත්‍රණය කරන ප්‍රේමය
මොන තරම් ස්නේහයෙන් රැක බලා ගන්න ඕනද
?

***************************************************


මෙච්චර දවස් කියෙවුව සංකල්පනා ටිකක් පරණයි සමහරු ඒව කලින් කියවල ඇති... හොදයි එහෙනම් ලබන පාර ඉඳන් අලුතෙන් සංකල්පනා ලියනව.. වෙනස් විදියකට....

ඇත්තමයි ආයෙ ලියනව....
-කුරුළු-

3 comments:

  1. මටත් හිතුනා නොකියා හිටියට කුරැල්ලා පරණ පොස්ට්ම අපඩෙට් කරනවා කියලා. :D

    ReplyDelete
  2. මාත් කියවලා තියෙනවා ඒ පොස්ට් කලින්.ඒ වුනාට ඒවා ලස්සනයි.මේ පොස්ට් එකත් ලස්සනයි..

    ReplyDelete
  3. මේ තරම් ආදරයේන් ආමන්ත්‍රණය කරන ප්‍රේමය
    මොන තරම් ස්නේහයෙන් රැක බලා ගන්න ඕනද ?

    ReplyDelete