Tuesday, July 17, 2012

ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා.....


"ප්‍රේම අසපුවේ මුණිවරයාණෙනි" -කුරුළු-



දඹුල්ලෙ ගිහින් සතියක් විතර ඉඳල ආව

කොණ්ඩෙයි රැවුලයි වැවිල....
කණ්නාඩියෙන් දැක්ක ගමන් මතක් වුණේ
ඔයාව......
නංගි.....
ඔයාට මතකද? ඉස්සර මම ඔයාගෙන් අහුව.....

නංගි මම කොණ්ඩෙ වවන්ද

ඉතිං ඔය වවල තියෙන්නෙ මදැයි

නෑ මීට වඩා දිගට ටිකක් ගැට ගහන්න පුළුවන් තරමට

ඇයි මොකෝ ආරච්චි වෙන්නද කල්පනාවඔරවල කිවුව

නෑ ටිකක් වැවුවම ලස්සනට තියෙයි නේද?’ මම ඇහුව

නෑ නෑ ඕන නෑ ඔයා හොදටම ඇති හොඳද

මල මගුලක්නෙ යකෝ මගේ කොණ්ඩෙවත් මට ඕන විදිහට වවන්න බැරිද ?

බෑ ඒව කෙරෙන්නෙ මට ඕන විදිහට අනික මට බෑ වැදදෙක් එක්ක පාරෙ යන්ඩඔයා කිවුව

වැද්දෙක්? මේ එන්න එපා හරිද ? ඉස්සර අපේ රජ ගොල්ලොත් කොණ්ඩෙ වැවුවමාත් ඇරියෙ නෑ

ආ දැන් ඔයා කොහේද රජ වෙන්න හදන්නෙ
(අපෝ මේකත් කටක්යෑ)

හරි එයා වැවුවොත් මම කපනව
මතකද ඔයා එදා කිවුව

හිහ්......................

ඊට ටිකකාලටෙ පස්සෙ ඔයාට මතකද අපි ජුලියාෆිලම් එක බලන්න ගියා?

ඒ එනකොට ඔයා මට කිවුව මතකද?

අයිය මේ මගේ හොද අයියනේ ඔයත් ජුලිය එකේ චරිත්වගේ කොණ්ඩෙ වවන්ඩකෝ

මට නේද? ....... අනේ මගේ කට.....මම මුකුත් නොකිය හිටිය

ඒ වගේමයි මම රැවුව, වවන්නද අහුවම
මතකද කිවුව කතා ගොඩ.......

එදත් මම පරාද වුණා......

ඔයාම ආයෙ දවසක් මට කිවුව......

අර දෙමළ නළුව ධනුෂ්වගේ රැවුල ටිකක් වැවුව නම් ලස්සනයි නේද අයියෙ කියල ?
ඔයා කොච්චර මගෙන් බැණුම් අහන්න ඇද්ද ඒවට ?

අනේ නංගි අපේ අම්මටවත් නැති පරිස්සමක්නෙ ඔයාට මගේ ගැන තියෙන්නෙ ?’
ඒ ටික මම කොච්චර කියල ඇත්ද...... ?
හැංගි හැංගි හිටියත් මම සඳට හොරෙන්
බේරෙන්නට බැරි හැටි සඳ කිරණ වලින්
පෙලින් පෙලට ඇන ඇන සද කිනිති තුඩින්
කඳුළු අරන් පෙන්වන හැටි නෙතේ කොණින්
-------------කුරුළු----------

5 comments:

  1. ලස්සනම ලස්සන කවියක් කුරුළු මල්ලි....සහතික ඇත්ත...

    ReplyDelete
  2. ‘ අනේ නංගි අපේ අම්මටවත් නැති පරිස්සමක්නෙ ඔයාට මගේ ගැන තියෙන්නෙ ?’

    ReplyDelete