Wednesday, July 4, 2012

ඒ දුක නිමක් නැති..එනමුදු කමක් නැති - යලි හිත හදා ගමී - සදහට පතා එමී- හඹා එමී.. සදා ඔබව පතමී....




නංගි

ඔයා තරුවක්ද?

හ්ම්.................................

ඔව් ඔයා තරුවක්.....මට ගොඩාක් ඈතින්.....
ගොඩක් දෙනෙක් ආස කරන කාටවත්ම
 ලංවෙන් බැරි තරුවක්...
තරුවල හැටි එහෙමයි කියල අපේ අප්පච්චි මට කිවුව......
තරු වලට ගොඩ දෙනෙක් ආස කලාට කාටවත් ලැබෙන්නෙ නැතිලූ...
 
ඔයත් එහෙමද නංගි.....

මතකදඉස්සර අපි ගෝල්ෆේස් එකේ ඉන් ගෙදර එනකොට
ඔයා තරු දිහා බලාගෙන මගේ අතිකින් අල්ලගෙන දිගටම දිගටම එන හැටි....

අයියෙ අයියෙ දක්කද අර අර...

කෝ කෝ.. මොකක්ද... පිස්සුද ළමයො කෑ ගහන්නෙ මෙතන මිනිස්සු බලයි පිස්සුදකියල
?

අර අර .... අර ඈත තියෙන තරුව කවුද දන්නවද
?
 
නෑ

ඒ මම නේ.. බලන්නඒකෙ ලස්සන....

අර ඊට එහා පැත්තෙන් ඉන්නෙ කවුද දන්නවද
?

ඔයාලගෙ බොස් වෙන්න ඇති,
මිනිහගෙ මේසෙ ළඟමනෙ ඔයාගෙ මේසේත්...


අනේ මේ යන්න....

ඒ තමා ඔයා......


බලන්න ඒ තරුදෙක ලගින් තියෙන ලස්සන
හැමදාමත් ඔයත් ඒ වගේ මගේ ලගින් ඉන්න
ඕන හොෙ`ද්.....
හා......


මේ එක නෙමේ අයිය ඒ තරු රණ්ඩු වෙන්නෙ නැතිද දන්නෑ නේද
?
නැතුව ඇති නංගි, මොකද ඔයාට වගේ කටක් නෑනේ... අනේ ඒ තරුව නම් බේරිල ඇති
අනේ මේ.. ඔන්න මං රණ්ඩු වෙනවා......

.............................................
, ඒ දවස්වල ඒත් දැං...
ඒව මත්ක වෙනකොටත් නිකං පිස්සු වගේ,
වගේ නෙමෙයි පිස්සුම තමා....

යූත් එකේ ඉඳන් ගෙදර එනකොට පුරුද්දට වගේ
ගෝල් ෆේස් එකට ගියා... එතැනින් එනකොට
නිකමට වගේ අහස දිහා බැලූනම

ඔයා හිටිය.. ඔයා ගෙ තරුව........
අනිත් තරුවත් ඒ ලඟින්ම එදා වගේමයි...
ඒත් අපි..........

මම ඔයාගෙ තරුව දිහා බලාගෙනම පයින්ම
පිට කොටුව පැත්තට ආව...
.ඒ තරුවත් මම යන යන
තැනට ආව පස්සෙන්ම.....
හරියට මගේ ලගින්ම....
මම කොහේ ඉ
`දන් බැලූවත් ඒ තරුව ඒ තැනට මාත් එක්ක ඇවිත් තිබුණ.......
අන්තිමට මම බස්එකට නැගල ජනේලෙන්
බැලූව.....
මම දන්නව
මම ගෙදර ගිහින් බැලූවත් මේ තරුව මගේ පස්සෙන්ම එයි.....
ඒක තියෙන්නෙ මගේ හිතේ විතරයි....
ඔයත් එහෙමද?
මගේ හිතේ විතරද?

අර තරු දෙක ලඟින් තියෙන විදිහට අපිත් ඉමුයි කියන කථාව
තේරුණේ මට දැනුයි නංගි...

ඒ තරු ලගින් තියෙන විදියහට
අපිට පේනව විතරයි
ඇත්තටම ඒ තරු දෙක තියෙන්නෙ ගොඩාක් දුරින්....
අපිට හිතා ගන්න බැරි තරම් දුරින්..එත් අපිට පේන්නෙ ලගින් වගේ.


දැන්නම් ඒ තරුත් හරියටම අපි වගේමයි.........
නංගි...

අපේ ජීවිත ඔක්කොම
" බොනිකරම තරුවක් " නංගි


සොදුරු හිත කොයිතරම්
ආදරෙන් පිරෙනවද?
ආදරෙන් පිරෙන හිත
මගෙයි එය, පෙනෙනවද?
සොඳුර තව නුඹට, මම
ආදරෙයි දැනෙනවද ?
" ආදරෙයි කුරුලු, මම"
එක වරක් කියනවද?
-------කුරුළු-----


10 comments:

  1. මේ බ්ලොග මා ෆලෝ කළ යුතුය. නමුදු එය කරනාකාරය නොදනිම්.. :(

    ජය කුරුලු !

    ReplyDelete
    Replies
    1. මම කියන්න ගියා විතරයි :)

      Delete
    2. දකුණු පැත්තෙ උඩ කලු පාට පුංචි බාර් ක්ලික් කරල බලන්න..

      Delete
  2. කුරුල්ලාට ජය...
    මේකේ නේද තිබුනේ නංගි ඔයා මට මෙච්චර කල් කරලා තියෙන්නේ තරු පෙන්නපු එක කියන කෑල්ල :D

    ReplyDelete
  3. ඇත්ත තමයි.අපි කොච්චර නෑ නෑ කිව්වත් අන්තිමට හැරිලා බලනකොට ජීවිතේම "බොනිකර තරුවක්" තමයි.
    ඒත් ඒක තේරුම් යනකොට ගොඩක් කල් ගිහින්...

    ReplyDelete
    Replies
    1. හ්ම් බොනිකරම තරුවක් කියල වැඩක් නෑ

      Delete
  4. හැමොම බොරුකාරයෝ තමයි අයියා :)

    ReplyDelete
  5. තනිකරම බොරුවක් ............... :(

    ReplyDelete