Saturday, February 9, 2019

==== දසිස් 33 =====



( තිස් දෙවන කොටස හා සබැඳි )
+ එසේය... !
- රජුනි ..! කන්ථක ගැන සඳහන් වන්නේ එම ගිහිගෙයින් නික්මීමේදී වුවත් කන්ථක යනු සිදුහත් කුමරා හා සමගම මනු ලොව ඉපැදුනු එතැන් පටන් කුමරා කුඩා කල සිටම කුමරාගේ සුරතලාය. සිදුත් කුමරාගේ අශ්වයාය..!
යුව රජගේ අශ්වයාය.. කුඩා කල සිටම හැදි වැඩුනේ එකටමය... !!
+ එසේය එසේය...
- ඒ තමා වෙනුවෙන් මහා සේවාවක් අවසාන මොහතේදි ඉටු කල තම උපතේ පටන් තමා හා සිටි මිතුරාය... සිදුහත් කුමරා කුමර, වෙසින් සිටියදී අතහරින ලද අවසාන වස්තුව කන්ථක ය.. !!!!
එයින් පසු හෙතෙම තවුස් වෙස් ගති..!!
+ මා කිසිදිනකවත් ඒ නොසිතුවෙමි..! අහෝ කන්ථක ...! නුඹටත් වේලු සුමන නුඹටත් තුති ..!!
—————————————– අද එතැන් සිට
- නුඹටත් සදා ජය රජුනි. ඒ කන්ථක ගැන කතාන්තරය යි. ඒ හැරෙන්න තවත් අශ්ව ලොව බල සම්පන්නයන් සිටිති.
+ ඒකවරහුද
- අශ්වයන් විසින් ඇදගෙන යන්නාවූ දිව්යමය රථ ගැන අසා නැතිද ?
+ ඇතැමක් අසා ඇත්තෙමි
- ඉන්ද්ර විසින් ගමන් කලා ළුූ රථය ඇදගෙන ගියේද විදුලි වේගයෙන් දිව යා හැකි අසුන්ය, සක්ර දේවේන්ද්රයාගේ රථයේද සිටිනුයේ අශ්වයන් ය. ඒ හැරත් සූර්යය දිව්යරාජයා ගේ රථයත් ඇදගෙන යනු ලබන්නේ මහා බල සම්පන්න අශ්වයන් බවයි සදහන.
+ ඒ නම් නාගයන් කුරුලන් මෙන් ම අශ්වයන්ද දෙවියන් සමග සමීපයෙන් වාසය කරන්නාවු බවද ?
- එසේය බොහෝ දේව තල වල සිටින දෙවිවරු සමග අශ්වයන්ගේ කුලය බැඳී බවතී. බුදු දහමින් වසර පන්සියයකට පමණ පසු බිහි වු කිතුනු නම් දහමේ ද අසරුවන් සතර දෙනෙකු ගැන විස්තරයක් වෙයි. සුදු, රතු, කලු සහ අලු පැහැ අශ්වයන් පිට පිටයන සිවු දෙනා විජයග්රහනය, යුද්ධය, දුර්භික්ෂය / අහේනිය සහ මරණය සංකේතවත් කරනව බවයි සදහන්
+ හ්ම් එසේද
- ඒ හැරත් අප රාවණ නිරිඳුන්ගේ මලනු විභීෂණ දේවා රාජයානන් වහන්සේ රථයද තුරඟෙකි. ඔහුද මහා බල සම්පන්නයෙකි.
ඒ හැර ගම්භාර මුත්තා, අප්පච්චි, කබලෑ මුත්තා, කබලෑ දෙවියෝ ආදී විවිධ නම්වලින් ආමන්ත්රණය කරන්නා වූද "සත් ජන්ම" නමින්ද හැඳින්වෙන දෙමළ ඔඩ්ඩිස (බද්ධකාර යක්‌ෂණියගේ කුසින් උපත ලැබීය ,ගරුඬ ඔඩ්ඩිස (ගරුඬ ලොව ගිරිකණ්‌ඨ යක්ෂණියගේ කුසින් උපත ලැබීය), නාග ඔඩ්ඩිස (මහ කෙළ නාගරාජයා හැරි විෂ ධූමයෙන් උපත ලැබීය) , ගොපළු ඔඩ්ඩිස (වජ්රපානි ගොපළු යක්ෂණියගේ කුසින් උපත ලැබීය) ,වෙළෙඳ ඔඩ්ඩිස (උතුරුකුරු දිවයිනේ හනුමන්ති නම් යක්ෂ කුමාරිකාවගේ කුසින් උපත ලැබීය) , සොහොන් ඔඩ්ඩිස (ආයුපාල බිසවගේ සොහොන් ගැබෙන් උපත ලැබීය) , රාජ ඔඩ්ඩිස (වඩිග රජුට දාව කුසාරි නම් බිසවගේ කුසින් උපත ලැබීය) උපත් සතක් ගැන සදහන් වන්නා වූද
පුර පක්ෂයේදී දෙවියකු ලෙසත් අව පක්ෂයේදී යක්ෂයකු ලෙසත් ගමින් ගම දොරින් දොර සංචාරය කරමින් අසරණ ජනී ජනයාගේ දුක-සැප, නඩු - අවනඩු සොයාබලා ඒ සඳහා නිසි විසඳුම් ලබාදී සිත් සතන් සැපවත් කිරීමේ මාහැඟි බලයක්‌ ඇත්තාවූ ද ලකෙහි පිනට උපන් ගම්බාර දේවතාවුන වහනසෙගේ වාහනය වන්නේද ධවල අශ්වයෙකි.... !
+ වශවත දේවතාවුන් වහන්සේද
-එසේයැ...මෙතුවටත් මතුවටත් උන් වහන්සේ වෙනුවෙන් ලකෙහි සැබෑ යක් හෙලයන්ගේ නිවෙස් ඉදිරිපට පහන් පැලක් දැල් වෙනු ඇත. එසේ ලක තුල දැල්වෙන්නා වූ පහන් ආලෝකය මතින් යදින්නා හෙලයන්ගේ වූ සියලු අණ වින කොඩි වින දෝස බන්ධන මැවුම් පැන්නම් ආදි සියලු දෝස දුක් නසාලීමට සුදෝ සුදු අශ්වයකු මතින් මේ ලකෙහි සැරි සරන්නේය. එය අදටත් මතුවටත් එකලෙසින්ම සිදු වන්නේය...
+ විශේෂයක් ඇයිද ?
- හෙල යකුන්ට ලබැදිම යක්ෂයාය, නිති වැදුම් පිදුම් ලබන්නේමය...
+ සාධු සාධූ සාධූ.. මේ අනුව නම් අශ්වයන්ද ඉතා බල සම්පන්නයෝ යැයි සිතමි..
- එසේය. ධනු ලග්න රාශිය ගැන අසා ඇති
+ එසේය
- එය සංකේත වත් කරන්නේද දුන්නක් අතින් ගත් අර්ධ තුරග අර්ධ මනුෂ්ය සංකේතයකි.
+ එසේය සංකේතය දැක ඇත්තෙමි..
- එවැනි සංකේතයක් එයට යොදා ගත්තේ යැයි නිකමවත් සිතුවේද රජුනි..
+ නැත
- අනෙකුත් රාශීන් ගැන කෙසේද ?
+ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ. කන්යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන දොලසයි.
- නිවැරදිය ඒ ඒ රාශීන් වල සංකේත කෙසේද ?
+ ඒවා එළුවකු, ගවයෙකු, මිනිසුන් දෙදෙනෙකු, කකුළුවකු, සිංහයකු, ස්ත්රියක, තුලාවක්, ගෝනුස්සකු, මකරෙකු , කලයක, මාලුවකු ලෙසින් නිරුපණය වේ
- හොදයි එතැනින් ඔබ දැක නැති සංකේත කුමක්ද
+ මා දැක නැත්තේ ධනු රාශි නියෝජනය කරන පෙර කී අර්ධ තුරඟ අර්ධ මනුශ්ය සතත්වයාත් , මකරාත් පමණි
- හහ් හහ් හහ් රජුනි අප ලකට මදක් ඊසාන දිසාවට වන්නට ඇති රාජධානිය මකරුන්ගේ රාජධානියයි. මෙ ලොව තුල සූර්ය වන්දනාව හා අග්නි වන්දනාවේ තවත් එක් ජන ශිෂ්ටාචාරයකි. අප සිංහයන් සේම බලවත් පිරිසකි. අප සේම දැනුමින්ද විද්යාවන්ගෙන්ද පරිපූර්නයන්ය. අතීතයේ වඩා බලම්පන්න රාජධානිය අපද ඔවුන්දැයි සිතා ගත නොහැකි තරමින්ම මකර රාජධානිය නැගි සිටියහ. අද අප කෙමින් වියැකෙමින් ය්නනෙමි එහෙත් තව වසර දෙදහසක් පමණ ගිය කල්හි අප මේ ලක වැනුසුනද ඒ මකරුන්ගේ රාජධානිය ලොවම නතු කර ගනු ඇත.
+ අහෝ අප කුමක් හෝ කල යුතුය..
- එසේය.. ඒ මකර රාජධානිය තුල මකරුන් සුලබය ඔවුන් මත්යාවක් නොවේ රජුනි
+ එසේනම් ධනු රාශීය..?
- එයද මිත්යාවක් නොවේ ඇත අතීතයේ ග්රීක නම් ශිෂ්ටාරය තුල සෙන්ටෝ නැත්නම් සෙන්ටොරස් නමින් අර්ධ තුරග අර්ධ මනුෂ්ය සතත්ව කොට්ඨාශයක් ජීවත් වු බව සදහන්ය ඔවුන් දේව කොටසකටද අයිති වූවන්ය. පසුව ග්රීක ශිෂ්ටාචාරය තුල පමණක් නොව ලොව පුරා විසිරුණු බවත් සදහන්ය එපමණක් නොව මොවුන් සැබැ රණ කාමීන්ය අතිශය ප්රභල කාය බල ශක්තියකින් හෙබි වූවන්ය. ඉදින් ඒ ද මත්යාවක් නොව මේ මනු ලොව පැවතී නැති වී ගිය කොටස්ය..
+ එසේ බලන කල එක් එක් අයුරින් අශ්වයන්ද මේ ලොව හා නොසෑහෙන්න බැඳි පවතින බවක් පෙනේ
- රජුනි අප සියල්ල සතත්වයන්ය. අප සියල්ලන්ම බැඳී පවතින්නෙමු. ඒ හැර ඒ අමතක කර දමා සිටිය නොහැක ඔබ වහන්සේ මේ සියල්ල හා මුහු විය යුතුය.. සියල්ල පිලිගත යුතුය...
+ එසේය එය මමද තීරණය කර අවසන්ය.. හොදමයි මෙයින බලගතුම අශ්වයා කවුරුන්ද ?
- ඒ හෙතෙම මේ යැයි පැවසුව නොහැක්කකි. සෛන්ධවයින්ද? ආජානේය යන්ද ඉතා වටිනේයයි පවසමි. එහෙත් මහා දුර්ලභ ය්න වර්ගයක් සිටිති. මේ වන විට නම් ඔවුන් දකින්ට නොමැත එහෙත් මේ අශ්වන් අතර කුලයන්ගේන්ද උස් පහත් කමක් ඔවුන් අතර ඇත..
+ එ කුමක්ද ?
- ඒ කලු අශ්වයාට වෙනමම තලයකි, සුදෝ සුදු ධවල අශ්වයාට වෙනනම තැනකි.. අනෙකුත් අශ්වයන්ගෙන් ඔවුනට ප්රධාන තැනක් හිිමිවේ එයිනුත් එය පදවන්නා අනුවද බලය බෙදි යයි..
+ වඳ වුවෝ කවරුන්ද ?
- කඟ වේනුන් පිළිබඳ අසා ඇත්ද ???
+ කඟවේනුන් ??
---------------සෙස්ස පස්සට
-- කුරුළු ---

No comments:

Post a Comment