Wednesday, February 20, 2019

==== දසිස් 47 =====


( හතලිස් හයවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
- රජුනි ඒ යෂ්ටියත් වානර ගෝත්රයත් ගැන මා පැවසුවා මතකැති. ඔහු ඒ තම දිවි හිමියෙන් සුරකිනවා.. යෂ්ටිය අතැර කිසි දිනක ඔහු වෙන ආයුධයක් අතට ගන්නේ නැහැ.. ඒ වගේම යෂ්ටිත් එසේයි..!
+ යෂ්ටිත් එසේයි !
- එසේය..... යෂ්ටිය ඒ දරන්නා හැරුනු කොට වෙන කිසිවකු අත රැදෙන්නේ නැහැ රජුනි... කුමන ලෝකයක ඒ සගවා තැබුවත් වසභසොයා ඒ පැමිණෙනවා..! එයයි වානර ගෝත්ර මායා යෂ්ටිය හා ඒ ගෝත්රය අතර ඇති බැඳීම....
+ මහා පුදුමයි...,!!!
—————————————– අද එතැන් සිට
- පුදුමය එලෙසමයි මහ රජුනි. වානර ගෝත්රෙය් යෂ්ටිය පමණක් නොව එකල ඉන්ද්රජිත් කුමරා අත දැරු ව-ජයද එලෙසමයි. අකුක බලය සගවා ගත හැකි එය නැවත සතුරා වෙත ඒ අකුණ මුදා හැරිය හැකියි. එය ඉතා බලවත් ආයුධයක් වගේම ඒ වජ්රාරවද එකල්හි අත දරන්නා සොයා තුන් ලෝකයේ කොයි ලෝකයක සැගවුවත් නැවත පැමිණෙනවා.
+ ඔහ් එය පුදුම නෙවේද අභය
- එසේයි.. ඉන්ද්ර නම් සුරයාව දිනු පසු අප රාවණ නිරිදුන් පුත් මේඝනාද කුමරු ඉන්ද්රජිත් නමින් නම් කරනවා මහාබ්රහ්මයාණ් විසින්. එපණක්ද නොවෙයි ඉන්ද්රයන් සතුව තිබු වජ්රය අත දරීමේ වරමත් ඔහුට ලබා දෙනවා ඒ ශක්තියත් එක්කම.
+ කොහේ දී හෝ මා ඒ අසා තිබුනා මතකයි
- එපමණක් නොව එලෙස වරම් ලැබූ ඒ කුම ගෝත්රික ආයුධයක් වුවත් ඒ පුද්ගලයා හැරුණු කොට මෙලොව වසනා අන් කිසි ප්රාණියෙකුට ඒ එසවිය නොහැකියි. මහා මෙරුවට වඩා බරකි් ඒ භූමිය දෙසට ඇදී පවතිනු ඇති. එහෙත් ඒ දරන්නා හට කුරුලු පිහාටුවක් දරන්නාක් මෙන් සැහැල්ලුවකි් හැසිරවිය හැක. එහි බලය සම්පුරනයෙන්ම ලැබේ.
+ ඔබපවසනා ආකාරයට එම වජ්රාවත් මේ යෂ්ටියත් රාවණයන්ටවත් දැරිය නොහැකි වුවාද ?
- රජුනි ඒ ගෝත්රිකයන් ගෙන් වරම් ලැබී එක් අයෙකුට පමණක් මේ දැරිය හැකි බව සත්යකි නමුත් මේ සොබාදහමේ ශක්තීන් දිනු පුද්ගලයයෙකුට ඒ මහා කාර්යයක් නොවේ. මහා රාවණයන් දස විදයා ශක්තීන් අවබෝධ කොට ගත්තා සේම මේ ඕනෑම ආයුධයක් දැරිම හැසිරවීම කල හැකියි. මා පැවසුවේ මේ වත්මන වන විට සොබාදහම් ශක්තිය අවබෝධ කර ගත් දස විද්යා දිනු කිසිවෙකුත් නොමැති නිසාවෙන් මේ වරම් ලද අයට පමණක් ඒ හැකි බවකි. මේ ගෙවෙන්නාවු කාල රාමුව අනුව මා පැවසූ දේ සත්යයකි.
රාවණයන් ගැන පැවසීමේදී බ්රහ්මස්රයත් විශ්ණු චක්ර ය හෙවත් සුදර්ශන චක්ර යත් ඊශ්වර ත්රීෂූලයත් එකවර දැරිය හැකි හැසිරවිය හැකි තුන් ලොව කෙනෙකු වේ නම් ඒ රාවණ පමණක්ම බව මා පැවසූවා මතකැති. ඒ රාවයන් ලද වරම් නිසාවෙනි.
+ හ්ම් ඒ හැර මේ කාලය තුල කිසිවෙක් මේ ආයුධ භාවති කලේ නැතිද ?
- එක් අයෙකු සිටිනවා !
+ ඒ කවුරුන්ද ?
- ගෞතම බුදුන් වහන්සේ....
+ බුදු රදුන්ට ආයුධ කුමට අභය.
- නැත රජුනි දස විද්යාවන් සොබාදහමේ නීතීන් අවබෝධ කලා වූ මහා පුරුෂයින්ට ඒ ආයුධ හැසිරවීමේ ශක්තිය සොබාදහම විසින්ම ලබා දෙන බව මා පැවසූවා නෙවේද ?
+ එසේයි ඒ මට මතකයි ඒත් ආයුධ කුමකටද බුදුන් වහන්සේට ?
- ගෞතම බුදුන් සිද්ධාර්ථ තවුස් සමයේදීදි මේ වජ්රාව ඔහුට ලැබෙනුයේ. ඒ යුද්ධය අරභයා නෙවෙයි.
+ එසේනම්..
- රජුනි ඉන්ද්රත් - මේඝනාදත් - රාවණයනුත් මේ වජ්රායුධය භාවිත කලේ යුද්ධය සදහායි. එනම් ඒ දෙකොණ අගිස් විහිදී පැවති සිවු උල් වලින් අහසින් එන අකුනක් ගබඩාකොට හෝ නිපදවා එය තම සතුරා වෙත මුදා හැරීමයි
+ අභය අකුණක් මුදා හැරීමෙන් එක් සතුරෙක් පමණක් නැසේද ?
- නැත රජුනි ඒ බ්රහ්මසරය ට නොදෙවෙනි විනාශයක් ගෙන දෙන්නකි යුධ පිටියක සිටින සියළුම පණ ඇති සතුන් නැසිය හැකි අකුණ බලයක් එහි ඇත
+ සිදුහත් තවුසානන්ට ඒ කුමට
- රජුනි ඒ ආයුධ අත දැරීමේ හැකියාව ලැබිමෙන් අනතුරුව එක් කාලකදී මේ වජ්රාව තවුසානන් අතට පත් වෙනව එයින් පිට වන්නා වු මහා ශක්තිය උන් වහන්සේ දැන ගන්නවා
+ ඉතින්
- ඉති්න රජුනි මහා බෝසතානන් වහන්සේ ඒ යුධ ආයුධ වජ්රාෙව් ‍‍දෙපස සිකු කොණට විහිදුනු අගිස් එකතු කරනවා. ඒ සියපතක පොහොට්ටුවක් මෙන්..
+ ඕහ් මා සතුව ඇති මේ වජ්රාව ලෙසද මෙහි මැද දියමන්තියක් තිබුවත් අගිස් විහිදි නැත නෙළුමක පොහාට්ටුවක් සේ එකතු වී උල් වී ඇත.
- හරියටම හරි ය. සිදුහත් තවුසාණන් එය එසේ වෙනස් කල බවයි සදහන්
+ ඒ ඇයි අභය
- රජුනි ඉන් මහා වෙනසක් සිදු වූවා. අගිස් විහිදුනු වජ්රාවත් මේ අගිස් එක් වුනු වජ්රාවත් වත් බල ගන්නවා බැල කල වෙනස නුඹට පැහැදිලි වනු ඇත. අගිස් විහිදුන වජ්රාව පිටත යුද්ධය නැසීමටය ..! අගිසි එක් කොට සිදුහත් තවුසානන් සෑදූ වජ්රාව ඇතුලත යුද්ධයටය..
+ ඔහ්..
- එසේය ඉන් මේ දරන්නා එසේත් නැති නම් ආයධය හා සම්බන්ධ කාරණ ඉවත් වී එය අත දරන ඕනැම කෙනෙකුට මන්ත්ර හා සූත්ර මගින් තමාගේ භාරයට තමාගේ නතුවට ගත හැකිය. ඉන් පස ඒ තමාගේ ඇතුලත ශක්තිය හා මුහු කල හැකිය
+ පහර දීමටද
- නැත වජ්රායුධය පෙර කී එක දරන්නෙකු ට පමණක් සීමා වන අතර ඒ යුධායුධයකි. එහෙත් අප සිදුහතුන් විසින් නිර්මාණය කල වජ්රාව තමන් උදෙසාය. ඒ ශක්තිය පිට කල නොහැක ඒ ශක්ති ගමනය සිදු වන්නේ භාවනායෝගී ව සිටින යෝගීවරයා තුලටමය. ඒ ඔහුගේ හෝ ඇයගේ චක්ර හා එකතු වේ..
+ ඉන් ලැබනෙ ප්රෙයා්ජනය කිමද අභය..
- රජුනි එකක් කියා නැත... ! ආක්ර්ෂණය ලැබෙන්නේමය - පිරිස් බලය ලැබෙන්නේම ය - දකින දකිනවුන් ගරුකරන්නේමය - මේ අත දරන්නා මැඩලීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේමය - ඖෂධ සදහාද යෙදිය හැක ...!
+ ඔහ් මා හාට මේ ලැබුනේද මන්ත්ර හා ස්ලෝක ජප කර ලග තබා ගන්නා ලෙස උපදෙස් සහිතවය ඒ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම උදෙසාය...
- හහ් හහ් හහ් එසේය.. මා දිනේක අගිස් විහිදුුනු වජ්රායුධයද ඔබ අත තබන්නම් එවිට එහි බලයද අදුනා ගත හැකි වනු ඇත..
+ වසභයන්ගේ යෂ්ටිය බුදුන් වහන්සේ සතු වුයේ නැතිද ?
- සතු වූවා ඒ එක් ම එක් අවස්ථාවක මා එය පසුවට විස්තර ඇතිව සදහන් කරන්නම්.. ඒ කෙසේ වුවත් බුදු රජාණන් වහන්සේගෙ මාර්ගය බලය හා සැපත සොයා යන ගමනක් නොවුයෙන් උන් වහන්සේට ඒ පිලිබද හඹායෑමක් තිබුනේ නැහැ. සෑම විටම පුද්ගලයා නිවා තැබීමයි උන්වහන්සේ සිදු කලේ..
+ එසෙය.. එසේ නොමැතිනම් එවන් උතුම් දහමක් නොවේනම් උන් වහන්සේ මෙහි වැඩම කල කල්හි අප යක්ෂයන් නාගයන් අසුරයන් රාක්ෂයන් ඒ වළඳ ගනීවිද අභය..
- එසේය එසේය......
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්


දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/


- ජංගම දුරකථනයෙන් කියවන්න Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

No comments:

Post a Comment