Monday, March 25, 2019

==== දසිස් 48 =====




(
හතලිස් සත්වන කොටස හා සබැඳි )
මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
.
+ වසභයන්ගේ යෂ්ටිය බුදුන් වහන්සේ සතු වුයේ නැතිද ?
- සතු වූවා ඒ එක් ම එක් අවස්ථාවක මා එය පසුවට විස්තර ඇතිව සදහන් කරන්නම්.. ඒ කෙසේ වුවත් බුදු රජාණන් වහන්සේගෙ මාර්ගය බලය හා සැපත සොයා යන ගමනක් නොවුයෙන් උන් වහන්සේට ඒ පිලිබද හඹායෑමක් තිබුනේ නැහැ. සෑම විටම පුද්ගලයා නිවා තැබීමයි උන්වහන්සේ සිදු කලේ..
+ එසෙය.. එසේ නොමැතිනම් එවන් උතුම් දහමක් නොවේනම් උන් වහන්සේ මෙහි වැඩම කල කල්හි අප යක්ෂයන් නාගයන් අසුරයන් රාක්ෂයන් ඒ වළඳ ගනීවිද අභය..
- එසේය එසේය......
—————————————– අද එතැන් සිට
+ පස්වැනි රුද්රාව කාගේද අභය ?
- රජුනි පස්වැන්න මහා ශීව විසින් තමාම නියෝජනය කරනු ලබන්නකි. මේ මුහුුනු පහ රුද්රාව ඉතා බහලු ලෙස දක්නට ලැබුනත් බලය පිහිටුනු රුද්රා අල්පය. සාමාන්ය ජීවිතයේදි මේ රුද්රාව නම් ඕනැම කෙනෙකුට ගෙල ලා ගත හැකිය.
+ එහි ඇති ප්රෙයා්ජන.
- මුහුනු පහක රුද්රාවක් පැලදීම මගින් මනුශ්ය සතත්වයා තුල වු නුගුන පහක් දුරු කරයි. එමගින් පිරිසිදු මනසක් සාමකාමි සන්සුන් සිතක් ද ඇතිවේ. භාවනා යෝගී වරුන්ට නම් කියාපු රුද්රාවකි
+ සිත තැන්පත් කරන නිසාවෙන්ද ?
- එසේය මුලදි පැවසුවාක් මෙන් භාවනායෝගින් අත ඇති ඇට එකසිය අටක ජප මාලය සාදනුයේද පංචමුඛි හෙවත් මුහුනු පහක් ඇති රුද්රා එකට අමුනමිනුයි. එපමණක්ද නොව මෙය ගුරු හෙවත් බ්රහස්පති ග්රහයා නියෝජනය කරන්නේය..
+ හ්ම් ගුරු ග්රහයාද නුවනට අධිපති යැයි අසා ඇත්තෙමි.
- එසේය ගුණ නුවනින් සේම ශරිර සොබාවෙන්ද අංග සම්පුර්ණය . ගුරුගේ මුල්වීමෙන් ඉගෙනීම, බුද්ධිය, යානවාහන, ගේදොර, ඉඩකඩම්, ගුණගරුක බව, දරුඵල, යහපත් විවාහය, ආගම ධර්මය කෙරෙහි ඇති නැඹුරුව, සැප සම්පත් විඳීම, ප්ර‌ීතිමත් ජීවිතයක් ගත කිරීම ආදි සැප සම්පත් ජීවිතයට ලගා වේ. මෙයට අධිපති මහා බලගතු මානික්ය නම් පුෂ්පරාග කහ පුෂ්පරාගයයි.
+ සතත්ව ලෝකය ගැන කෙසේද ?
- වෘෂභ නැති නම් මහිෂ ලොවයි. ගෝත්රයි.
+ හහ් හහ් හහ් හහ් වෘෂභයන්ටත් ගෝත්රක් තිබේද ?
- සිනහ නොගන්න රජුනි ඔබවහන්සේ නන්දි නම් ගවයා ගැන අසා නැතිද ?
+ අප ජාතක කතාවක විස්තර කරන්නාවු නන්දි ද ?
- ඔහු්ත් එකෙකි මා ඇසුවේ ඊෂ්වරයාගේ නන්දි ගැනය.
+ කටු රූප වල දැක ඇත්තෙමි ඊෂ්වරයන්ගේ වාහනය යැයි අසා ඇත්තෙමි. නාමය නන්දි ලෙසින්ද අසා ඇත්තෙමි එපමණකි.
- හ්ම්. ඊෂ්වරයන් විසින් තමාන් විසින්ම පාලනය කරන්නාවු බලය දෙන්නා වු පස්වැනි රුද්රාව දරන්නාගේ ගෝත්රය ලෙසින් වෘෂභ ගෝත්ර ලෙස පැවතීමටත් ප්රදානම හේතුව නන්දි වේ. මහා ඊස්වරයන් න්නදි ට එතරම් ආදරයක් ගෞරවයකින් පුදනු ලබයි.
+ හින්දු දහම රකින්නන් ගව මස් කෑම නොකරන බව අසා ඇත්තෙමි.
- එසේය ඔවුන් ගව මස පමණක් නොකෑම සිදු කරයි ඒද මේ හේතුවමය. නන්දි නම් ගවයා වෙනුවෙන් වෙනම රූපයක් සෑම දේවොලකම පාහේ ඉදි කරනු ලබයි එපමනක් නොව මහත් ගෞරවයිකින් පුදනු ලබති ඔවුන්ගේ දහමට අනුව කිරෙන් ද නහවනු ලබයි.
+ අභය අපද ඒ මස් කෑම නතර කිරීමට නිතියක් ගෙනෙමුද ?
- රජුනි ? මවිත වෙමි මේ වන විට මේ ලකෙහි මස් අනුභව කරන්නෝ කවුරුන්ද ?
+ නොදන්නෙමි. මා නොකමි...
- එසේනම් නීතියක්
+ මා සිතන්නේ කවුරුන් හෝ අනුභව කරන්නේ නම් ඊෂ්වරයන්ට ගෞරවයක් ලෙසින් අපද ඒ තහනම් කර නිති පැනවිය හැකියි.
- දැනටමත් නොකෙනෙ දැයකට නීති කුමට
+ ඒ පනවා තැබීමෙන් අනාගතයේදි වීම නවත්වාගැනිමටත් හැකිය
- ගැමුනු රජුනි , ගවයා යනු සැබැවින්ම වන්දනා මාන කිරීමට සුදුසු සතෙකි ඒ ඊෂ්වරයන්ගේ නියමයකින් නොව අප හට බත සපයා දීමට මූලිකවම කැපවන්නා වු සතත්වයකු වන්නා හෙයිනි.බත්කැඳකිරිබත්තෙලින් පිසූ බත්අඹුල් බත්සීනි සමග පිසූ බත්හකුරු සමඟ පිසූ බත්මී පැණි සමග පිසූ බත්වෙඩරු සමග පිසූ බත්තැඹ්ලි වතුරවෙඩරු හා කුළුබඩු යොදා පිසූ බත් සහ. මුංකොල්ලුයොදා පිළියෙළ කරනු ලබන කිරිබත්එළවඵ වර්ග දමා තෙලින් තෙම්පරාදු කරගත් බත්ඇඹුල් දියර යොදා සාදන කර ගත් බත්රාත්රි සිසිල් දියෙහි බත් දමා තබා පසුදා උදේ ඒ බත් මිරිකා ජලය ඉවත් කොට ඵෑණුමිරිස්පොල් කිරිලූණූදෙහි ඇඹුල් යොදා පිළියෙල කර ගන්නා බත්දියෙන් කිරෙන් සහල් හෝ හුන්සහල් යොදා පිළියෙල කරගන්නා බත්අමුමෙනේරියවකුරක්කන්ඉරිගු ආදී ධාන්ය වර්ග යොදා සකස් කළ බත් සහ හීල් බත්කහ බත්මුං බත්ඇගිටි හාල් බත්කුඩු බත් ආදි මහා ගුන ඇති අප හෙලයන්ගේ ප්රධානම ආහාර වන වගාවන් සදහා තම දිවි දෙවැනි කොට වෙහෙස වන්නෙකි.
දැනටත් අප ගොවි ජනයාගේ් වන්දනට පාත්රවන්නෝය.
එපමනක්ද නොම මහා ගුණ පිරි
කිරි,
දිකිරි,
මෝරු,
වෙඩරු,
ගිතෙල් වන පස්ගෝ රසයන් ලබා දෙන්නෙද ඔවුන්ය.
+ සැබෑවක්ම නේවෙන්නම් මා හට ඒ අමතක වුනි.
- රජුනි නුඹ දන්නේද ,
කිරි ආහාරයේන් ආයු ද
දිකිරි ආහාරෙයෙන් වර්ණ ද
මෝරු ආහාරෙයෙන් සැප ද
වෙඩරු ආහාරෙයෙන් බලය ද
ගිතෙල් ආහාරෙයෙන් ප්රඥා ද ලබන්නේය.... !
+ සැබවින්ම වැදු පුදා නිති රැක බලා ගත යුත්තෙයි නේ අභය
- එසේය රජුනි හොද නීති පැනවෙනුයේ නරක සිරිත් නිසාවෙනි , එහෙත් දැනට එවැනි සිරිතක් නැත එබැවින් එවැනි නිතියක් අවශ්ය නොවේ යැයි සිතමි. මාංශ අනුභවය හෙලයෝ නිතැනින්ම අවමය. කෙසේ වෙතත් කාලයාගෙ ඇැවැමෙන් මේ රට තුල සත්ත්ව මාංශ අනුභවය වැඩි වන කාලකදි එවැනි නිති පැනවෙනු ඇත.
+ හොදමයි අභය එසෙම වේවා ! ඉදින් මේ මහිෂ ගෝත්රය ගැන කියව..
- රජුනි ඔබ වහන්සේ ගවරා දැක තිබේද ?
+ දැක තිබේද ? අභය පුදුමයකි ඔබ මා ගැන අසා නැතිද ? මා කී දෙනෙකු නම් මෙල්ල කර ඇතිද ? මා තරම් ගවරුන් මෙල්ල කරන්නා වු සමතෙක් ගැන අසා ඇතිද හහ්...
- හහ් හහ් හහ් හහ් දනිමි දනිමි. එසේ නම් මා ආරාදනා කර සිටින්නම් අප කච්ච දේව ප්රාතීර්භූත කරන්නාවූ ගවරා මෙල්ල කරන ලෙසට..
+ අහ් කච්ච දේව... දේව නේද ඔහුගේ උපන් නාමය
- එසේය කච්ච යැයි එකතු වුවේත් ඔහුගේ පාදයක කොරය නිසාවෙනුයි.
+ ගවරෙකු මෙල්ල කිරීමට ගොස් කුඩා කාලයේදි ඇති වු කොරයක් බව ඔහු පැවසුවා මතකයි...
- හහ් හහ් හහ් එසේයි කුඩා කාලයේදි නම් සැබැවක්. ආන්න ඒ ගවරා ම තමා මම ඔබවහන්සේටත් මෙල්ල කරන්න යැයි ආරාධනා කලේ..
+ ඒ කිය්නනේ කච්ච දේව ඒ ප්රාතීර්භුත කල ගවරා මෙල්ල කරන ලද්දේ කුඩා කලදීද ??????
--------------------------------- සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

No comments:

Post a Comment